Connect with us
Advertisement

Holiday

මීදුම් සුළඟ මැද මුදුන්පහ දිගේ

Published

on

මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව පවතින මධ්‍යම කඳුකරයේ නකල්ස් වන පියස ලාංකිකයන්ගේ ජීවනාලියක් ලෙස සැලකිය හැක. මෙම වන පියස වර්ෂාව ජනනය කිරීමට පිටිවහල් වන වලාකුළු වනාන්තර පද්ධති වලින් සමන්විත වන අතර නිරන්තර වෙනස්වන සුලු‍ දේශගුණික රටාවන් වලට උරුමකම් කියයි.

නකල්ස් වනපෙතේ උසම කඳු මුදුන් හතර වනුයේ ගොම්බානිය (1906m), නකල්ස් (1864m), යකුන්ගෙහෙල (1840m), අලු‍ගල්කන්ද(1808m) වේ. මීට පසු මීටර 1600ට වඩා උසැති කඳු මුදුන් හතක් පවතියි. ඒවා නම් පිළිවෙළින් පස්වන ස්ථානයේ සිට අලියාවැටුණ ඇළ (1665m), කිරිගල්පොත්ත(1648m), දුම්බානාගල(1643m, තංගප්පුව කන්ද (1620m), තුන්හිස්ගල (1619m, සෙල්වකන්ද (1617m) සහ රිලාගල (1604m) වේ.

දුර සිට බැලූ කල මිට මෙලවූ අතක හැඩය ගන්නා නකල්ස්, නකල්ස් වන පියසේ දෙවැනියට උසම කඳු මුදුන වේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරලත් නකල්ස්හි ප්‍රදානතම සංචරණ මාර්ගය ලෙස හැඳින්විය හැකි දවටගල ස්වභාවික මංපෙත ඔස්සේ නකල්ස් කදුවැටිය තරණය කලහැක. මහනුවර වත්තේගම පන්විල හා හුලු‍ගග හරහා පැමිණ බඹරැල්ලට ලඟාවීමෙන් ගමන් ආරම්භය සිදුවේ. බඹරැල්ලට එන අතරමගදී හුලු‍ගඟ ඇල්ල,ජෝඩු ඇල්ල දැකගත හැක.
බඹරැල්ල හා තංගප්පුව වෙන්කෙරෙන නකල්ස් කඳු, ප්‍රදාන කඳු පහක් ලෙස දැකගත හැකිවුවත්, කඳු වැටියට ආසන්න වීමේදි, රිලාගල හා අලු‍ගල්කන්ද නකල්ස් හා බද්දව පවතින බව වටහාගත හැක. බඹරැල්ල ග්‍රාමයේ සිට හෝරා හමාරකට අඩු කාලයකදී දවටගල ස්වභාවික මංපෙත ආරම්භ වේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරය මත ටිකට් පතක් මිලදී ගෙන මංපෙතට ඇතුල්වීම නීත්‍යානුකූල වේ. මාර්ගය ඔස්සේ මීටර 500කට නොවැඩි දුරකින් නකල්ස් දියඇල්ල හමුවේ. වර්ශාව නොමැති වියලි කාලයක සිදුකරන කඳු තරණයකදී නම් ජල අවශ්‍යතා වෙනුවෙන් ඇල්ලෙන් ජලය ලබාගෙන යායුතු වන්නේ කන්ද ඉහල ජල උල්පත් සිදී තිබිය හැකි බැවිනි.

දියඇල්ලෙන් පසු කඳු නැගීම් බැසීම් හා තැනිතලා මතින් වනවැස්ම වෙත ක්‍රමයෙන් ලඟාවේ. පැය තුනක පමණ ගමනකින් අනතුරුව පළමු කන්දට ලඟාවිය හැක. මුහුදු මට්ටමේ සිට මීටර 1500 ඉක්ම වීමත් සමඟ ක්ශනික වෙනස්වන සුළු කාලගුණ තත්වයන්‍ට සංචාරකයන්ට මුහුණ දීමට සිදුවේ. වලාකුළු වනාන්තර ලෙස සැලකෙන නකල්ස්හි කඳු මුදුන් වෙත ලඟාවීමේදි දැඩි මිහිදුම් පතනයන්ට හා සුලං හා මුසුවීමට සිදුවීම නිරන්තර අත්දැකීමකි. ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියේ ඉහල ස්ථරය මෙන්ම බිම් ස්ථරයද හරිත පැහැයක් මෙන්ම තෙත් ස්වභාවයක් ගනී. කූඩැල්ලන්ගේ නිජබිම් ලෙස සැලකෙන නකල්ස් හි ගමන් කිරීමේදි, කුඩැල්ලන්ගෙන් ආරක්ශා වනවා සේම සර්පයන්, අලින් හා දිවියන් පිලිබඳව සැලකිල්ලෙන් ගමන් කළ යුතුය.
වර්ශා කාලය මඟහැර නකල්ස්හි සංචරණය වඩාත්ම සුදුසු වේ. නකල්ස් කඳු වැටියේ කඳවුරු ලෑම නීතියෙන් තහනම්ය. එමනිසා එක් දිනකින් තරණය නිමා කීරීමට උදෑසනම ගමන් ආරම්භ කළ හැක. ගමනේදී පරිසරය සුරැකීමෙන් ගමන් කිරීම යුතුකමකි.

මමත් ලහිරුත් සමඟ නුවරදී එක්වූ දුල්මින හා එරංගද සමඟ සිව් දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායම වත්තේගමට පැමිණ බස්රථයෙන් බඹරැල්ලට පැමිනියෙමු. ජෝඩු ඇල්ලද නරඹා ගම්වාසීන්ගෙන් අසාගත් කෙටි මාර්ගයක් ඔස්සේ නකල්ස් වනපිවිසුමට ලඟා වුණු පසු නකල්ස් ඇල්ලට ලඟා වුණෙමු. නකල්ස් ඇල්ලේ සිට හෝරා කිහිපයක ගමනකින් අවසන නකල්ස් කඳු වැටියේ මුල් කඳු මුදුන වෙත ලඟාවීමට අපට හැකිවුණි. දැඩි මිහිදුම හා සුළං නකල්ස් කඳු වැටියෙහි චමත්කාරය විදීමට බාධා කරත්, නකල්ස් මුදුනේ අමතක නොවන පැය කිහිපයක් ගතකළ අපි නැවත දිනක පැමිණෙන බලාපොරොත්තුවෙන් ආපසු පහලට ගමන් කලෙමු.
අකිල දහනායක

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive4 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ