• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

August 1, 2020
in Holiday
A A
මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

ලකේගල කිව්වම ගොඩ දෙනෙක් අහල ඇත්තේ මීමුරේ ලකේගල. ඒත් මේ කියන්නේ ඒ ලකේගල නෙවෙයි. මේක නාරංගමුව ගමේ තියෙන ලකේගල. මේ ගැන ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ කඳු දෙක, මීරියගොල්ල කන්ද ඇතුළුව මෙතැන කඳු 03 ක් තියෙනවා කියන එක. මීමුරේ ගමට මේ කඳු 03ම බලාගන්න බැහැ. ඒ මේ කඳු තුනේ පිහිටීම හින්දා. හැබැයි අපිට මේ කඳු තුනම බොහොම පැහැදිලිව බලාගන්න පුළුවන් වුණා. ඒ කෙහෙල්පොත්දෝරුවගල මුදුනෙදි සහ නකල්ස් කඳු පහේ පස් වැනි මුදුනෙදි. අහල තියෙන විදියට නං මේ කඳු තුනට කියන්නෙ ගල් 3 කියල. මීමුරේ, නාරංගමුවේ ගැමියො කියන විදියට නං මේ නම් වෙනස් වෙනවා.
මේ ගමන ඇත්තටම ටිකක් අමාරු ගනයේ හයික් එකක්. මොකද මීමුරේ ලකේගල තරම්ම නැතත්, සැලකියයුතු මට්ටමේ හරියටම කිව්වොත් අංශක 70,75ක වගේ ආනතියක කඳු තරණයක් තියෙනවා අන්තිම කොටසේ. මේකෙදි ගමන් මාර්ගය වෙන්නෙ නුවර, මාතලේ, රත්තොට, ලග්ගල, රනමුරේ, නාරංගමුව. ගූගල් සිතියම් පාවිච්චි කරනව නං නාරංගමුවේ පංසල හොයා ගත්ත නම් හරි. ගමන පටන් ගන්නෙ එතැනින්. ගූගල් සිතියම් ගැන කිව්වොත් තව දෙයක් තමයි 100% සිතියමේ පාර පාවිච්චි කරන්න බැහැ. මොකද ගූගල් සිතියමේ පෙන්නන පාර එක තැනකින් වහල. ඒ පොයින්ට් එක සිතියමේ පෙන්නන්නෙ නැහැ. ඒකට හේතුව අපිට හොයා ගන්නත් බැරි වුණා. ඒ හේතුව හින්ද සිතියමේ දුරට වඩා වැඩි දුරක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා.

ගමන අතරතුර බඹරකිරි ඇල්ල, රිවස්ටන්, පිටවල පතන හම්බවෙනවා. වෙලාව මැනෙජ් කර ගන්න පුළුවන් නම් ඒවත් විසිට් කරන්න පුළුවන්. හයික් එක ගැන කියන්න වෙන්නෙ මෙහෙම. ගමන පටන් ගන්න තියෙන්නෙ නාරංගමුව පංසල ලඟින්. ගමේ කෙලවරකට යනකම් කොන්ක්‍රීට් පාර තියෙනවා. ඒ පාර කෙලවරෙන් අඩි පාර පටන් ගන්නවා. මේ අඩි පාර දැනගන්න ලැබුන විදියට මීමුරේ ගමට තමයි වැටිල තියෙන්නේ. ගමේ අතර මඟදි හමුවෙන ඕනෑම කෙනෙක්ගෙන් පාර ගැන අහගන්න පුළුවන්. ගමේ මිනිස්සු ගොඩක්ම මිත්‍රශීලියි.

මේ ගමනේ මුල හරියෙදිම හම්බවෙන විශේශ තැනක් තමයි උයන්ගොමුව. එතැන ගැන කියනව නං ඒ හයික් එකේ එහෙම තැනක් තියෙනව කියල හිතන්නත් අමාරුයි. එතැන අපිට වෙනස්ම අත්දැකීමක් වුණා. වැස්ස කාලෙට මුළු උයන්ගොමුවම වතුරෙන් යට වෙනව කියල තමයි දැනගන්න ලැබුණේ. මෙතැන රාම රාවනා යුද්දයටත් සම්බන්ධ තැනක් කියලත් කියනව. ඒක ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් උයන්ගොමුවේ අපි දැක්ක සමහර ගල් කුට්ටි, කෙනෙක් හිතාමතාම හදලද කියලත් හිතුණා. ඒ තරමට අමුතුයි.

එතැනින් එහාට පීක් දෙක පේන මානයට එනකම් සාමාන්‍ය මට්ටමේ හයික් එකක් තමයි තියෙන්නෙ. මේ කියන පේන මානයේ අපි හිටපු තැනට, හොයාගන්න පුළුවන් වුණු විස්තර වලට අනුව කියන්නෙ කොමලපතන කියල. ඇත්තටම කිව්වොත් ගමනෙ අමාරුම හරිය පටන් ගන්නෙ මෙතැනින්. මෙතැනින් උඩට අංශක 70ක විතර ආනතියක් තියෙනවා.

වැසි දවසක නම් මේ ගමන නොයන තරමට තමයි හොඳ. මොකද එක අතපසුවීමකින් ලොකු අනතුරක් වෙන්න ඉඩ වැඩියි. පරිසරය ගැන කිව්වොත් වියලි පරිසරයක් තමයි ගමන පුරාවටම තියෙන්නේ. තවත් දෙයක් තමයි හුළඟ. විසිවෙන තරමට තද හුළඟක් තියෙනව පීක් එකට ළං වෙද්දි.

ඒ වගේමයි හයික් එකේ මේ කොටසෙදි හොඳ අවධානයකින් කන්ද තරණය කරන්න වෙනවා. මොකද කෙලින් තරණය කරන්න බැහැ කන්දේ ලොකු ආනතිය හින්දා. ගලේ රළු දාර පාවිච්චි කරල අත් කකුල් 4ම උදව් කරගෙන තමයි අපේ කට්ටිය මේ කොටස කොමලෑවේ ගලට යනකන් තරණය කළේ.

මුල්ම පීක් එක විදියට අපි එන්නෙ කොමලෑවේ ගලට එහෙමත් නැත්නං නාරංගමුවේ ලකේගලට. මේ මුදුනෙදි අංශක 360ක වීව් එකක් බලා ගන්න පුළුවන්. ඒ අතරින් තුන්හිස්ගල, උඩවන්නිමාන, නකල්ස් කඳු පහ, අලුගල් කන්ද, පිටවල පතන, මානිගල වගේ ප්‍රසිද්ධ කඳු කහිපයකුත් අපි හඳුන ගත්තා.

කොමලෑවේ ගලින් පස්සෙ ඊළඟට අපිට ඉතුරු වුණේ මීරියගොල්ල කන්ද. ගල් තුනේ මැද තියෙන කන්ද තමයි මීරියගොල්ල කන්ද. මෙතන පීක් එක කොමලෑවේ ගලටත් වඩා වැඩි හින්දා, කොමලෑවේ ගලට පේන 360 වීව් එකටත් වඩා හොඳ වීව් එකක් මීරියගොල්ල කන්ද උඩදි බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මීමුරේ ලකේගල වෙනස්ම ලස්සනකින් බලා ගන්නත් පුළුවන් මෙතැනදි. ඔය විදියට ඉතින් අළුත්ම අත්දැකීම් ගොඩකුත් එක්ක අපි අපේ ගමනේ අවසානයට ආවා.

සම්පූර්ණ ගමන සාරාංශයක් විදියට කිව්වොත් අපේ සෙට් එකේ 13ක් හිටියා. කොල්ලො කෙල්ලො දෙගොල්ලොම. හයිකින් වලට කෝඩු කීපදෙනෙකුත් ඇතුළුව. උදේ 8.30ට වගේ අපි ගමන පටන් ගත්තේ. රෑ 8 වගේ වෙද්දි අපිට ආපහු පල්ලෙහාට එන්න පුළුවන් වුණා.
උඩදි නං අපිට වතුර හම්බ වුණේ නැහැ. ඒක හින්දා වතුර ප්‍රමාණවත් වෙන විදියට අරගෙන යන්න. කෝමලපතනට කලින් වතුර පාරවල් කිහිපයක් හම්බවෙනවා. ඊට අමතරව කඹයක් අරන් යනව නම් ගමන ලේසි කර ගන්න පුළුවන්. වියලි කාලගුණය හින්දා කූඩැල්ලෝ නැතිම තරම්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ගිහින් ලස්සන බලන්න. තව කෙනෙක්ට ඒ ලස්සන බලන්න ඉතුරු කරන්න. අරන් යන දේවල් ඔක්කොම ආයිත් අරන් එන්න.
චම්පික එස්. අක්මීමන

Share58Tweet36SendShare14
Previous Post

ගෝඨාටයි මහින්දටයි එකට වැඩ කරන්න පුළුවන්ද? (රටේ පැත්ත)

Next Post

චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!
Exclusive

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022

ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම්...

Read more
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net