• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

වැරදුණත් ආ මඟ සුන්දරයි ගොම්බානිය

May 11, 2021
in Holiday
A A
වැරදුණත් ආ මඟ සුන්දරයි ගොම්බානිය

මාර්තු මාසයේ සති අන්තයේ ඉරිදා දිනක ලද නිවාඩුවත් සමග හදිස්සියේම මා ඇතුළු යහලුවන් කිහිප දෙනෙකු එකතු වූයේ නකල්ස් වනයේ තවත් එක් සුන්දර කඳු මුදුනක් තරණය කිරිමටය. කිසිදු පෙර සුදානමකින් තොරව සංවිධානය වු මෙම ගමනේ අපගේ ගමනාන්තය වුයේ සුන්දර නකල්ස් කඳු පන්තියේ උසම කඳු මුදුන වන ගොම්බානිය තරණයටය. මෙහි උස මීටර් 1906 හෙවත් අඩි 6248කට පමණ වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හුලුගඟ නගරයේ අලකොළවත්ත වතුයායට ආසන්නව මෙම කඳු මුදුන පිහිටා ඇති අතර කන්ද පාමුලටම යාමට මාර්ගයක් ඇතත් එම මාර්ගය දැඩි ලෙස අබලන්වී තිබුණි. හුලු ගග ප්‍රදේශය ඉතා අලංකාර දිය ඇලි, කදු පන්ති වලින් සමන්විත සුන්දර ප්‍රදේශයකි.
උදෑසන 7ට පමණ වත්තේගම නගරයට එක් වු මා ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උදේ ආහාරද ගෙන හුලුගඟ නගරයට පැමිණි අතර එයින් දහවල් ආහාර සදහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන අළකොලවත්තේ අවසානය දක්වා ගමන් කෙරුණි. කිලෝ මීටර් 6ක් පමණ වු මෙම දුර ගමන් කිරිමට පැයකට ආසන්න කාලයක් ගියේ මාර්ගයේ වූ අබලන් තත්වය නිසාවෙනි. සමහරක් ස්ථාන වල පයින්ද ගමන් කිරිමට සිදුවිය.

ඉන්පසු අලකොලවත්තේ අවසන් ලයිම් කාමර අසල වු බිමක අපගේ යතුරුපැදි දමා උදෑසන 10ට පමණ ගමන ආරම්භ කරන ලදි. වැසි රහිත පැහැදිලි කළගුණයක් පැවතුණද මෙම ප්‍රදේශයේ කාළගුණය සැනකින් වෙනස් වන බව අප පෙරසිටම දන්නා කරුණක් විය. කෙමෙන් කෙමෙන් අප උණ බට ගස් අතරින් වටවු මාර්ගයකින් ඉහලට ඇදුනු අතර අතරමග හමුවු ගල්තලාවක විනඩි කිහිපයක් විඩාව නිවාගත්තේය. නැවත ඉහලට ගමන් කල අපට හරිත වර්ණයෙන් පිරුණු නකල්ස් කඳු පන්තියේ සුන්දරත්වය මනාව දක්නට ලැබුණි.

මේ සුන්දරවය විදිමින් ඉහලට ඇදුනු අපට කදු මුදුනට පැමිණිමට පෙරම කාළගුණය හරස්විය. එය නකල්ස් වලට ආවේණිකය. කුඩා හිරිපොදක් ඇද හැලෙන්නට වූ අතර ක්‍රමක් ක්‍රමයෙන් සුළග සහ මීදුමද වැඩිවිය. මීදුම නිසා නිවැරැදි මාර්ගය සොයා ගැනීමට පවා සමහර ස්ථානය වලදි අපහසු විය. මාර්ගය බොහෝ ස්ථාන වල අපට වඩා උසකින් යුත් උණ බට හා තවත් උස් ගස් වලින් යුත් මාර්ගයක් විය. ඉහලට යාමේදි කදු මුදුන් මිදුමෙන් වැසෙන දර්ශනය ඉතා අලංකාරයි. මීදුම හා වර්ෂාව මධ්‍යයයේ පැය 4කට ආසන්න ගමනකින් පසු අප ගොම්බානිය කදු මුදුනට ලගාවිය.

ගොම්බානියට ඉදිරියෙන් යකුන්ගේහෙල නිම්නයයි. යකුන්ගේහෙල බෑවුම අඩි 1000කට ආසන්න ප්‍රපාතයකි. මෙය ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. ප්‍රධාන ගංගා, ඇල දොළ කිහිපයකටම අවශ්‍ය මුල් දියවර ලැබෙන්නේ මේ ප්‍රදේශයෙනි. පැහැදිලි දවසක නම් මෙහි සිට ඇති අවට දර්ශනය ඉතා සුන්දර බව මා ඡයාරූප වලින් දැක ඇත.

කදු මුදුනට මදක් පහලින් මද බෑවුමකින් යුත් ගල් තලාවකි. කදු නගින්නන් බොහොමයක් කදවුරු බැදිම සිදු කරන්නේ මෙම ස්ථානයේය. ගල් තලාව මත සිට අප ගෙන ආ බිස්කට්, චොකලට් වර්ග ආහාරයට ගත් අතර වර්ෂාව තව තවත් වැඩිවිය. අවට කිසිදු පැහැදිලි දර්ශනයක් නොවීය. සෑම ප්‍රදේශයක්ම දැඩි මීදුමකින් වටවී තිබිණි. යකුන්ගේහෙලෙන් එන සුළගේ ශබ්දයද තවත් වැඩිවිය. මීදුම කොතරම්ද කියනවා නම් මාගේ අසල සිටින මිතුරන් පවා හදුනාගැනීමට අපහසුය. පැයකට ආසන්න කාලයක් ඉහල රැදි සිටි අප මෙම අයහපත් කාළගුණය නිසා තීරණය කලේ තවත් මෙම ස්ථානයේ සිට පලක් නොමැති බවයි. එම නිසා නැවතත් රැගෙනා ආ සියලුම දෑ සමග පහලට බැසිමට තිරණය විය.

මද දුරක් පහලට බැසීමේදි පහල ඇති ගල් තලාවක් මතට පැමිණි අපට මාර්ගය සොයාගැනිමට අපහසු වූයේ දැඩි මීදුම නිසාවෙනි. වල් ඌරන් සහ අනෙක් සතුන් එහා මෙහා ගිය පාරවල් සෑම තැනම විය. සියලුමදෙනා එක් තිරණයකට පැමිණ එක් මාර්ගයක ගමන් කිරිමට කටයුතු කල අතර එහි පහලට යාමේදි එය වැරදි මාර්ගයක් බව අපට වැටහුනි. ඉන්පසු නැවත අප සිටි ගල් තලාව මතට පැමිණ තවත් මාර්ගයක් ඔස්සේ පහලට බැසිමට උත්සාහ කල අතර එය නිවැරදි මාර්ගය බව තේරුනේ අතරමග හමුවු ස්ථාන අප කලින් පසුකර ඇති තැන් බව සියල්ලන්ටම තේරුණු නිසාවෙනි. පැයක පමණ ගමනකින් අනතුරුව අප වේගයෙන් පහලට පැමිණියේ වර්ෂාව හා මීදුමේ කිසිදු අඩුවක් නොමැති නිසාවෙනි.

ගිය සැමගේම ගමන් මලු සහ ඇදුම් තෙතබරිත වී තිබුණි. පහළ ලයිම අසල පිහිටි පොකුණක් වැනි වතුර රැදුන ස්ථානය අප නා ගැනිමට තිරණය කලේ එහි සිටි අයගේ අවසරය මතය. විනාඩි 15ක් පමණ ඉතා සීතල වතුරේම නා ගත් අප ඉක්මනින් නැවතත් වත්තේගම නගරයට පිටත් වීමට අප යතුරුපැදි දැමු ස්ථානයට පැමිණියහ. සවස 04ට පමණ වත්තේගමට නගරයට පැමිණි අප තවත් එක් සුන්දර චාරිකවක් නිමා කර සියල්ලන්ම තමන්ගේ නිවෙස් වෙත පිටත්විය.

සංජීව දිලාන් රත්නසිරි

Share54Tweet34SendShare14
Previous Post

මිහින්තලේ රාජ්‍ය බැංකුව මහ රෑ කඩයි

Next Post

එන්නත ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net