• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
in Holiday
A A
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

මහවැලි, කැලණි, කළු හා වලවේ යන ප්‍රධාන ගංගා හැරුණු කොට කදුකරයෙන් ඇරඹී, කෙත්වතු පෝෂණය කරමින්, මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජීවනාලිය පෝෂණය කරමින් රටේ ආර්ථිකයට සවියක් ලබාදෙන ගංගා බොහෝමයකි. හිනිදුම හා සබරගමුව කඳු වැටි අසලින් ආරම්භ වී කිලෝමීටර 72කට නොවැඩි දුරක් ගමන් කර බෙන්තොටින් මුහුදට එක්වන බෙන්තර ගඟද මේ අතර ප්‍රමුඛස්ථානයක් ලබාගෙන ඇත.

කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර දකුණු පළාත් වෙන්කරන මායිම ලෙස සලකන බෙන්තර ගග ආශ්‍රිතව වර්තමානයේදී සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, ජල ක්‍රීඩා, බෝට්ටු සෆාරි ආදි සංචාරකයන්ගේ ආකර්ශනයට පත් ක්‍රියාකාරකම් රාශියකට තෝතැන්නක් වී පවතී. බෝට්ටු සෆාරියක් බෙන්තරින් ආරම්භ කල විට කරදිය හා මිරිදිය මුසු කලපුව දිගේ ක්‍රමයෙන් සමුදුරෙන් ඉවතට ගමන් කරයි. බෙන්තර කලපුව ආශ්‍රිතව දූපත් 60කට ආසන්නව පවතී. ඉන් බොහෝමයක් ජනශුන්‍ය වේ. ලංකාවේ විශාලතම කඩොලාන පරිසරයක අත්දැකීම් ලබාගැනීමට බෙන්තර ගග දිගේ ගමන උපකාරී වේ. ගමනේ පැය භාගයක් පමණ දුරකදී ඉස්සන් කොටු, මිරිදිය මත්ස්‍ය කොටු නිරීක්ෂණය කළ හැකිය. කලාතුරකින් හෝ කිඹුලකු නිරීක්ෂණය කිරීමට නම් ගමන නිසොල්මනේ යා යුතු වේ. ගමනේ මඟ පෙන්වන්නාට සහජයෙන්ම කිඹුලන් සිටිනා තැන් අවබෝධයක් තිබීම සංචාරකයන්ට එම අත්දැකීම ලබාගැනීමට උපකාරී වෙයි.

මමත් බුද්ධික අයියාත්, තාරුකා අක්කාත් තවත් මිතුරෙක් සමඟ අප සිව්දෙනා බෙන්තරින් ගමන ආරම්භ කර ගග දිගේ කඩොලාන ඔස්සේ ගොස් පහුරු කන්ද තරණය කර විහාරය වැඳ පුදා නැවත පැමිණීමට කටයුතු යොදා ගත්තෙමු. මීට පෙර මාදු ගඟ, කළු ගඟ ඔස්සේ ඉහලට ගොස් තිබුනත් බේරුවලට නුදුරු බෙන්තර ගග දිගේ ගමන පමාවී තිබුනි. ඉස්සන් ඇතුලු කලපු මත්ස්‍යයන්ගේද, මහකඩොල්, මට්ටිකඩොල්, හීන් කඩොල්, කැරන් කොකු, ගිංපොල්, කිරල වැනි කඩොලාන ශාක ගහනයන්ගෙන්ද සමන්විත ගමන වෙනස් අත්දැකීමක් අපට ලබාදීමට සමත්විය. සූර්යයා දැඩිව පායා තිබුනද ලවන මිශ්‍ර කලපු සුලඟ ගතට විඩාවක් නම් ගෙන දුන්නේම නැත.

ගගදිගේ කඩොලාන ගහනය ඔස්සේ යාමේදී මධ්‍යම ප්‍රමාණයේ කිඹුලෙකු නිරීක්ෂණය කිරීමටද අවස්තාවක් උදාවිනි. හෝරා එක හමාරක් පමණ කාලයකින් අනතුරුව පහුරු කන්ද ආශ්‍රිත තොටුපලට ලගාවීමට අප බෝට්ටුවට හැකි වූ අතර අතරමග පාලම් පාරුවේ ගමනද දැකගැනීමටද හැකිවිය. උදෑසන ආහාරය ඉක්මණින් රැගෙන පහුරු කන්ද තරණයට අපි සූදානම් වුනෙමු.

ඈත අතීතයේ සිටම කන්ද උඩ පර්වතයේ පිහිටි විහාරයට බෙන්තර ගග දිගේ පැමිනෙන බෞද්ධ සැදැහැවතුන් හා සංචාරකයන් පහුරු ඔස්සේ පැමිණ තරණය කිරීම නිසා පහුරු කන්ද වූ බව ජනවහරේ කියැවේ. වර්තමානයේ කන්ද මුදුනේ බෞද්ධ විහාරය සමග දේව විශ්වාස හා ග්‍රාමීය ඇදහිලි මුල්කරගත් ගොඩනැගිලි හා ප්‍රතිමා නිර්මාණ දැකගත හැකිය. ලංකාවේ විශාලතම පිත්තල ප්‍රතිමාවද මෙහි දැකගත හැක. සංචාරකයන් ලෙස තවත් වැදගත්වන කරුණවන්නේ, පර්වතයේ ඉහලටම ගියපසු නිරීක්ෂණය කලහැකි අංශක 360 පරාසයයි. නුදුරින්ම දිවෙන දක්ශින අධිවේගී මාර්ගයේ දිගුව වඩාත් ආකර්ශනීයව මෙහිදී දැකගත හැකි වේ.

මල්ගස් ඕවිට දෙනිය රක්ෂිතය අසලින් ගල්පඩි නගිමින් පැයකට අඩුකාලයකින් පහුරු කන්ද තරණය කල හැකිය. වෙහෙර වැදපුදා ගෙන නැවත පැමිනීමට පැය දෙකක පමන කාලයක් ගතවේ. අගනගරයේ සිට පැමිනෙන්කුට නිවාඩු දිනය වෙනස් අත්දැකීම් සමග ගතකිරීමට බෙන්තර ගගේ බෝට්ටු සවාරියත්, පහුරු කන්ද තරණයත් සැලසුම් කරගත හැකිය. ගග දිගේ ගොස් කඳු තරණයක් කර නැවත ගගදිගේ පැමිනීම අප සැමට ගෙනදුන්නේ නවමු අත්දැකීමකි. පරිසරය සුරකමින් ඡායාරූප හා වීඩීයෝ වලට මතක රදවා තවත් එක් ගමනක් අවසන් කිරීමට මෙසේ අවසන් කිරීමට අපි සමත්වුනෙමු.

අකිල දහනායක

Share60Tweet38SendShare15
Previous Post

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

Next Post

කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…
Holiday

සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

September 23, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net