• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

September 23, 2021
in Holiday
A A
සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

රුහුණු පිහිටි මායා ලෙස තෙකොටසකට බෙදී තිබුණ එදා හෙළ දිව උතුරුකරයේ ජනයා සමගද සමීප සම්බන්ධකම් පැවත්වූ බව ආගමික සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාක්ෂි සපයයි. බෞද්ධ සාහිත්‍යයේ හා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළ බවද, දෙවන වර නාගදීපයට වැඩම කළ බවද කියැවේ. එවකටද මෙරට උතුරුකරයේ දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ පැවති බව මූලාශ්‍ර අනුව අපට වටහාගත හැකිය.

සේන හා ගුත්තිකගෙන් ඇරඹී එළාර ආක්‍රමණය දක්වා දැඩි වූ චෝල ආක්‍රමණවලින් යුක්ත වූ අනුරාධපුර යුගයෙන් අනතුරුවද, දකුණු ඉන්දීය ආක්‍රමණ දැඩි වූ අතර ක්‍රමයෙන් රාජධානි පොළොන්නරුවටත්, අනතුරුව රටේ නිරිතදිගටත් සංක්‍රමණය වීම සිදුවිය.

ක්‍රිස්තු වර්ෂ 1215 පමණ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව ඇරඹි යාපන රාජධානිය නල්ලූර් අගනුවර කර පාලනය වී ඇත. හින්දු ආගම මුල් කර ගනිමින් ප්‍රාදේශීය පාලනය මධ්‍යම පාලනය සමග විටෙක ගැටෙමින්ද හා සහයෝගයෙන්ද කටයුතු කර ඇත. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ යටත් පාලනය සමග ආර්ථික, සමාජීය දේශපානික වෙනස්කම් සිදුවෙමින්, මෑත අතීතයේ ත්‍රස්තවාදීන් යටතේද පැවති යාපනය මානුෂීය හමුදා මෙහෙයුම් නිසා වර්තමානයේ සාමාන්‍ය ජනජීවිතයකට ඉඩහසර සලස්වාගෙන ඇත.

යාපනය අර්ධද්වීපයේ සැරිසරන සංචාරකයන්ට නාගදීපය, නාගවිහාරය, නල්ලූර් කෝවිල, දඹකොල පටුන, කැසුරිනා වෙරළ, පේදුරු තුඩුව, යාපනය කොටුව, යාපනය පුස්තකාලය, කන්කසන්තුරෙයි, කීරමලේ ප්‍රධාන වශයෙන් වන්දනාකිරීමට හා නැරඹීමට හැකි ස්ථාන වේ. ඊට අමතරව රියෝ අයිස්ක්‍රීම් කෑමටත් හා යාපනයට අනන්‍ය වූ දමිළ ආහාර ගැනීමටත් වන්දනාකරුවන් හා සංචාරකයන් වැඩි රුචිකත්වයක් දක්වයි.

කොළඹ සිට ගමන්කරන්නෙකුට දින 4ක පමණ කාලයක් ගෙන රිසිලෙස යාපනය නැරඹීමට සංචාරයක් සංවිධානය කළහැකි වේ. උතුර දකුණ යාකෙරෙන යාල්දේවියෙන් ගමන වඩා රසවත් කරගත හැකි අතර කලින් වෙන්කරවාගෙන ගමන් කළහැකි සුඛෝපභෝගී බස්රථ සේවයක්ද වර්තමානයේ පොල් අරණත් තල් අරණත් යාකරමින් ක්‍රියාත්මක වේ.

අම්මාගේ බලවත් කැමත්තක් වූ නාගදීප වන්දනාව මූලික කරගෙන මෙවර යාපනය සංචාරය සැලසුම් කිරීමට අපි කටයුතු කළෙමු. පෙර වසරේ මිතුරන් කැටුව දින කිහිපයක් පුරාවට උතුරකරයේ සැරිසරමින් ලද අත්දැකීම් ඊට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. පානදුරෙන් යාපනය බසයේ නැගී, මමත් අම්මාත් යාපනය දුම්රිය ස්ථානයට නුදුරේ කලින්ම වෙන්කරගත් නවාතැනක් වෙත ගොස් මුලින්ම නාගදීපය හා දඹකොල පටුන විහාර වැඳපුදා ගත්තෙමු. යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් වෙත පැමිණ නාවික හමුදා සහයෝගයෙන් මගී ප්‍රවාහන බෝට්ටු ඔස්සේ මුහුදෙන් නාගදීප ගමන සිදුවේ. නයිනතිවු හෙවත් නාගදීපයේ රජමහා විහාරයට අමතරව ඉපැරණි හින්දු කෝවිල් කිහිපයක්ද පවතී. එබැවින් සෑමවිටකම බෞද්ධ හා හින්දු බැතිමතුන්ගෙන් දූපත පිරී පවතී. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර ලක්දිවට ගොඩබට ස්ථානය වන දඹකොල පටුන යාපනය අර්ධද්වීපයේ කැසුරිනා වෙරළට ආසන්නව පිහිටා තිබේ. නාවික හමුදා අධීක්ෂණය යටතේ දඹකොල පටුන විහාරය සිත්ගත් සිද්ධස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත.

අනතුරුව නැවත යාපනයට පැමිණ නාග විහාරය හා ඒ අවටම තිබූ නල්ලූර් කෝවිල දැකබලා ගත්තෙමු. නල්ලූර් කෝවිල කන්දසාමි දෙවියන් වෙනුවෙන් කැපවූ සිද්ධස්ථානයකි. ඉපැරැණි හින්දු ශිල්පයන්ගේ පරිපූර්ණත්වය පෙන්නුම් කරන සුවිශේෂ ස්ථානයක් ලෙස නල්ලූර් කෝවිල දැක්විය හැක. නල්ලූර් කෝවිල අසලම රියෝ අයිස්ක්‍රීම් හලෙන් අයිස්ක්‍රීම් රසවින්දේ රාත්‍රි ආහාරය ලෙස දමිළ ආහාර වේලක් ගැනීමෙන් පසුවයි.

ඊළඟ දිනයේ උදෑසනම යාපනය පුස්තකාලය වෙත අපි ගමන් කළෙමු. කලෙක ලංකාවේ වැඩිම පුස්තක සංඛ්‍යාවක් පැවති මෙම පුස්තකාලය වර්තමානය වනවිටද යාපනයේ විද්වතුන් බිහිකිරීමට තෝතැන්නක්ව කටයුතු කරයි. ජනවාර්ගික අර්බුදවලින් නොයෙක් හානින්ට පත්වුවත් යාපනයේ දැනුම් ගබඩාව ලෙස දැනුදු අමිල මෙහෙවරක් ඉටුකිරීමට පුස්තකාලය පොහොසත්ව පවතී.

ක්‍රිස්තු වර්ෂ 1625 දී පෘතුගීසින් ඉදිකිරීම් ආරම්භ කළ යාපනය කොටුව ලන්දේසින් යටතේ වඩාත් දියුණු තත්ත්වයකට ගෙන එන ලදී. එල්ටීටීඊ ත්‍රස්තවාදී සමයේ ත්‍රස්ත මර්මස්ථානයක් ලෙසද පැවති කොටුව, යුද සමයේ දැඩි අලාභහානිවලට ලක්වී ඇත. කෙසේ නමුත් යළි ප්‍රතිසංස්කරණය කර ජනතාවට විවෘත කර ඇති අතර සංචාරකයන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදීමට යාපනය කොටුව සමත් වේ. ඉර නැගීම හා බැසීම එක් තැනක සිට දර්ශනීයව නැරඹීමට යාපනය කොටුවේදී ඉඩහසර සලසා ගත හැක.

දින කිහිපයක යාපනය සංචාරය සිදුකළ අම්මාත් මමත් යාල්දේවියෙන් නැවත කොළඹ පැමිණ, නිවෙසට පැමිණියේ උතුරුකරයේ සුන්දර ස්ථාන මෙන්ම සොඳුරු මිනිසුන් සමග අත්දැකීම් රාශියක් මතකයන්ට ඉතිරි කරගනිමිනි.

අකිල දහනායක

Share60Tweet38SendShare15
Previous Post

විදුලිය-තෙල්-වරාය එකවර වර්ජනයකට සැරසෙයි! රටම හිරවෙයිද?

Next Post

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net