• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

පාර්ලිමේන්තු යන්න වාසනාව පාදන බලගතු යෝගය

May 9, 2021
in Astrology, Kendaraya
A A
පාර්ලිමේන්තු යන්න වාසනාව පාදන බලගතු යෝගය

කෙනකුගෙන් තවත් කෙනකුට ඇත්තේ එකිනෙකට වෙනස් වූ බලාපොරොත්තු සහ සිහිනය. ඒ අතරින් බහුතරයක් සිහින සැබෑකර ගැනීම පහසු නොවන බවද පෙනී යයි. එහෙත් ඇතැම් සිහින බලාපොරොත්තු නොසිතූ නොපැතූ අවස්ථාවල සැබෑවනු දැකිය හැකිය. මේ සියල්ලම හේතු කාරණා වන ඇසට නොපෙනෙන බලවේග වෙයි. ඒවා ග්‍රහයෝග ලෙස හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව ග්‍රහයෝග පන්දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට ගණනය කර තිබේ. එවැනි සුබ ග්‍රහයෝග පිහිටීම හේතුවෙන් ජන්මීන්ට සුවිශේෂී ලැබීම් ගෙන දෙන අතර, පුද්ගලයා බලවතකු, බුද්ධිමතකු කිරීමටද ග්‍රහයෝග ඉවහල් වෙයි.

ඉහත සඳහන් කළ ආකාරයට පන්දහසකට අධික ග්‍රහයෝග අතරින් රාජ යෝග පමණක් හැත්තෑ තුනක් ඇති බව අනාවරණ වෙයි. එම යෝග බහුතරයක් පුද්ගලයාව ඉහළම තනතුරු වෙත රැගෙන යන අතර, ඒ හරහා දේශපාලනයේ ප්‍රබල චරිත බිහිවන බවද හඳුනාගත හැකිය. කෙසේ නමුත් වර්තමානයේ විශාල පිරිසක් උනන්දු වන්නේ පළාත්, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව ආදී පාලන තන්ත්‍රයන්ගේ මැති ඇමැති ධුර ලබාගැනීම උදෙසාය. එම සිහින සැබෑ කරගන්නට ඉහත සඳහන් යෝගද ඉතාමත් ඉහළ දායකත්වයක් සපයන බව සඳහන් කළ යුතුය.

එම යෝග අතරින් කුලදීපක නමැති යෝගය අති ප්‍රබල යෝගයක් සේ සැලකේ. ලග්නයෙන් තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද සිටි විට කුලදීපක යෝගය උදාවේ.

වෘෂභ ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද පිහිටා තිබේ නම් එය එම ලග්න හිමියාට වාසනාව උදාකරන පිහිටීමකි. තුන් වැන්න වූ කටක රාශිය තිබීමෙන් සඳු, ගුරු මහා පරිවර්තන යෝගයක් උදාකිරීමට හේතු වෙයි. මෙලෙස ග්‍රහයන් පිහිටා ඇති ජන්මීන් මතු දිනෙක මැති ඇමැති තනතුරු දරන්නන් හෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ධනවතුන් වී සිටිනු දක්නට ලැබෙනු ඇත.

කටක ලග්න කේන්දරයක එකොළොස් වැන්න වූ වෘෂභ රාශියයේදී සඳු උච්ච වෙයි. මෙසේ පිහිටීම හේතුකොට ගෙන රටක, සමාජයක, කලාපයක පාලකයකු බවට පත්වීමටද වාසනාව හිමිවනු ඇත. විශාල මන්දිරවල ජීවත් වීමටත්, යාන-වාහන දැසි දස්සන් පිරිවරා සුවපහසුවට සිටීමටත් හැකියාව ලැබෙයි. මැණික් හෝ එවැනි භූමියෙන් ලැබෙන වස්තූන් ලබන්නකු බවටද පත්වීමට වාසනාව පෑදෙයි.

කන්‍යා ලග්න කේන්දරයේ තුන් වැන්නේ ගුරුත්, එකොළොස් වැන්නේ සඳුත් පිහිටීමද ඉතා යහපත් පිහිටීමකි. වෘශ්චික රාශියට ගුරු මිත්‍රයා කටක රාශියේ හිමිකරුවා සඳුය. මෙම පිහිටීම හේතු කොටගෙන දේශපාලනයේ අති ප්‍රබල චරිතයක් විය හැකිය. විශාල දේපොළක්ද ලැබීමට වාසනාව තිබේ. අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වීමද වැළැක්විය නොහැකිය.

තුලා ලග්න කේන්දරයේද තුන් වැන්නේ ගුරු බලවත් වෙයි. සඳුට සිංහ රාශිය මිත්‍රය. මෙම පිහිටීම නිසා ඉහළ තනතුරු ලැබෙයි. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබෙයි. ගත්කතුවරු බිහිවන්නේ මෙවැන්නන් අතරිනි.

වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්න මකර රාශියයි. මකර රාශියේදී ගුරු නීචවෙයි. මෙවැනි පිහිටීම නිසා සමහර බලවතුන් මහජන මුදල් කොල්ලකෑමට යොමුවන බව දැකගත හැකිය.

මකර ලග්නයේ උපන් කෙනෙකුට තුන් වැන්න මීන රාශියයි. මීන රාශියේදී ගුරු බලවත් වෙයි. 11 වැන්න වෘශ්චික රාශියයි. වෘශ්චික රාශියේදී සඳු නීච වෙයි. මෙම පිහිටීම නිසාද බොහෝ අය ජනප්‍රිය වෙයි. එසේ කුලදීපක යෝගයෙන් උපන් මේෂ, මිථුන, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ද ඉතා වාසනාවන්ත තත්ත්වයන්ට පත්ව සිටිනු දැකිය හැකිය.

එහෙයින් පාලනය, ධනය, බලය ආදිය ලැබීමට ඉතා බලවත්ම යෝගයක් ලෙස කුලදීපක යෝගය හඳුන්වා දිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර කුරුණෑගල

Share52Tweet33SendShare13
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් කල් යන්නේ නැතිව කලින්ම සල්ලි

Next Post

අද උදේ සිට වසම් 21ක් වහයි

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම...

Read more
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
රඹුක්කනට විශේෂ කාර්ය බළකාය යොදවයි!

හැමතැන්ම කලබල නිසා ෂෙඩ්වලට STF එක දාන්න ආණ්ඩුව තීන්දු කරයි! කචල් ඇද්දොත් කෙළින්ම අත්අඩංගුවට ගන්න බලය දෙයි!

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net