Connect with us
Redmi 9C
Advertisement

Mahawanshaya

අඩි සියයක් උස තනි කළු ගලක හදපු කෛලාෂ් දේවාලය ශිව දෙවියන්ගෙ හාස්කමක්ද

Published

on

මිනිසා සතු නිර්මාණාත්මක හැකියාව වරෙක විස්මයජනකය. ඇසත්, සිතත් මවිත කරවනසුලුය. අතීතය, වර්තමානය ලෙස වෙන්කොට නොදැක්විය හැකි ආකාරයට මේ සුවිශේෂී හැකියාවන්ගෙන් නිමැවුණු නිර්මාණ ලෝකය පුරාම හමුවේ. ඇතැම් නිර්මාණයන් මිනිසා විසින් කළාද නැතහොත් විස්මිත ලෙස මැව්වාදැයි සිතන තරමේ මහා නිර්මාණද ලෝකයේ විවිධ ස්ථානයන්හී හමුවෙයි. එවැනි විස්මිත නිර්මාණ හමුවන ලෝකයේ සුප්‍රසිද්ධ රටක් ලෙස ඉන්දියාවට හිමිවන්නේ විශේෂිත තැනකි. එම විශේෂත්වයට හේතුපාදක වෙමින් ප්‍රබල දායකත්වයක් සැපැයූ විස්මිත නිමැවුමක් ලෙසින් මහාරාෂ්ට ප්‍රාන්තයේ එල්ලෝරා ගුහා ආශ්‍රිතව පිහිටා ඇති මහා කෛලාෂ් දේවාලයට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.
කෛලාෂ් දේවාලය අට වැනි සියවසේ ඉදිකරන ලද්දක් ලෙසින් ප්‍රකටව ඇති අග්‍රගණ්‍ය නිර්මාණ කාර්යයකි. ගුහා 32කින් සමන්විත ගුහා සංකීර්ණයේ 16 වැනි ගුහාව විදියටයි කෛලාෂ් දේවාලය ඉදිවෙන්නේ. ශිව දෙවියන් උදෙසාම පමණක් වෙන් කෙරුණු කෛලාෂ් දේවාලය අතීත ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාවන් මනාව පිළිබිඹු කරන්නකි. සියල්ල නිර්මාණය කරන්නට සේම ඒ සියල්ල විනාශ කරන්නට වුවද ශිව දෙවියන් සමත්විය හැකි බව මේ දේවාලයෙන් මනාව පිළිබිඹු කෙරෙන බවටත් මතයක් පවතී.

කෛලාෂ් දේවාලය යනු තනි කළු ගලක අඩි සියයක් උසට නිර්මාණය කළ විස්මිත නිමැවුමකි. යම් ලෙසකට එය ඇදහිය නොහැක්කකි. මන්ද අඩි සියයක උස තනි කළු ගලක් මැද අතිශය සියුම් කැටයම් සහිත අංගසම්පූර්ණ දේවාලයක් තැනීම යනු විස්මකර්ම කටයුත්තකි.

මේ දේවාලය ඉදිකර ඇත්තේ පිහිටි ගලෙහි ඉහළ සිට පහළට හෑරීමෙන් යැයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් මත පළකර තිබුණද එය මහා බරපතළ කාර්යභාරයකි. වර්තමාන දියුණු ක්‍රමවේදයන්ට අනුව වුවද එවැන්නක් සිදුකිරීම පහසු නොවන කටයුත්තකි. කෛලාෂ් දේවාලය ඉදිකිරීමේදී කළුගල් ටොන් ලක්‍ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් පිහිටි ගලෙන් ඉවත්කර ඇති බවටත් විiාඥයන් විසින් කළ ගණනය කිරීම්වලදී හෙළිව තිබේ. එහෙත් එතරම් අභියෝ-ගාත්මක බාරදූර කටයුත්තක් වුවද කෛලාෂ් දේවාලය ඉදිකිරීමට ගතව ඇත්තේ වසර දහඅටක කාලයකි. එය එසේ විය හැකිද යන්න කිසිවකුටත් සැකයක් උපදින්නට හේතුපාදක එකතු කරමින් කෛලාෂ් දේවාලය පිළිබඳව පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන්ද එම මතයම තහවුරු කර ඇත.

තත්ත්වය එසේ වුවද වර්තමානයේ ඇති අති නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් මෙවැනි ඉදිකිරීමක් කරන්නටද වසර සියයක්වත් ගතවිය යුතු බවත් එවැනි කාලයක් නොගෙන මෙවැනි සූක්‍ෂ්ම නිර්මාණයක් කළුගලක් තුළ සිදුකළ නොහැකි බවත් පවසා ඇත්තේ කළුගල් කැණීම් පිළිබඳ විශේෂඥයෙක් වුණු ආචාර්ය ඒ. වී. ශ්‍රී නිවාසන් මහතායි. ඔහු සිය පරිපූර්ණ දැනුම භාවිත කරමින් සිදුකළ ගණනය කිරීම්වලට අනුවයි එම අදහස පවසා ඇත්තේ.

කෛලාෂ් දේවාලය සම්බන්ධයෙන් ඊළඟට මතුව ඇති ප්‍රධානම ප්‍රශ්නය වනුයේ මෙතරම් දැවැන්ත ඉදිකිීමකින් ඉවත් කරන ලද කළු ගල් කුට්ටිවලට කළේ කුමක්ද යන්නය. ඒ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ රාශියක් මේ වන විටත් කර අවසන් වූ නමුත් මෙයින් ඉවත්කළැයි අනුමාන කළ හැකි ගල් දැමූ ස්ථානයක් හෝ හමුවී නැත. යම් ලෙසකට එම ගල්වලින් කළ වෙනත් ඉදිකිරීමක් හෝ හමු නොවීමත් පුදුමයට කරුණකි.

මෙතරම් විශාල ඉදිකිරීමක් වසර දහඅටකින් අවසන් කිරීම වගේම මෙයින් ඉවත් කළ ගල් කුට්ටි අතුරුදහන් වීම ගැනත් යම් දෙගිඩියාවක සිටින අයට ඉන්දියාවෙන්ම සහනදායී පිළිතුරක් ලැබී ඇත. ඉපැරැණි වේද ශාස්ත්‍රය ගැන ලියැවුණු පොත්පත්වලද මෙම කාරණාව ගැන ලියවී ඇති අතර එම සටහන්වලින් හෙළිව ඇත්තේ බහුමාශ්‍රා නම් උපකරණයක් යොදාගෙන කෛලාෂ් දේවාලයේ ඉදිකිරීම් කළ බවකි. වේද පොත්පත්හි සඳහන් කරුණුවලට අනුව බහුමාශ්‍රා යන්ත්‍රය අපට සිතාගත නොහැකි වේගයෙන් ක්‍රියාත්මක වෙන යන්ත්‍රයකි. ඒ වගේම මෙම යන්ත්‍රයේ තවත් විශේෂත්වයක් වන්නේ කඩන කළුගල් එයින්ම වාෂ්ප බවට පත්කිරීමට ඇති හැකියාවයි. වසර ගණනාවකට පෙර එවන් තාක්‍ෂණයක් තිබුණේ කෙසේද යන්නත් එකල මිනිසුන් එවැනි තාක්‍ෂණික ඥානයකින් පිරිපුන්ව සිටියේද යන්නත් තවමත් හෙළි නොවූ ගැටලුවකි.

එහිදී ගුප්ත විද්‍යාවත් සම්බන්ධ පර්යේෂණය කරන්නන්ගේ අදහස වී ඇත්තේ දේවාලය ඉදිරකර ඇත්තේ පහළ සිට ඉහළට හෑරීමෙන් බවයි. එමෙන්ම ලෙයිත් ලිට්ල් නම් ආචාර්යවරයාගේ මතය වී ඇත්තේ, කිසිවකුට සිතාගත නොහැකි ආකාරයේ විශේෂ උමං මාර්ග පද්ධතියක් තිබීම නිසා මෙම ඉදිකිරීම් සියල්ල පහළ සිට ඉහළට ඉදිකරන්නට ඇති බවයි.
මෙම උමං මාර්ග කොහෙන් කොහොම අවසන් වෙනවාදැයි තවමත් සොයාගෙන නොමැති බැවින් ඇතැම් උමං මාර්ග වැටවල් යොදා වසා දැමීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසාය.
කෛලාෂ් දේවාලය සහ ඒ අවට ඇති අනෙක් ගුහාවන් ආශ්‍රිතව ඇති උමං මාර්ග පද්ධතිය පොළොව යට ඇති විශේෂ නගරයකට සම්බන්ධ වන බවට මතයක් පළවී ඇතත් ඒ සම්බන්ධව තවමත් කිසිදු සාක්‍ෂියක් සොයා ගැනීමට සමත්ව නැත.

ඒ අතර තවත් විශේෂිත මතයක්ද ඉදිරිපත් වෙයි. මෙම නිර්මාණ සියල්ල පොළොව යට ඇති නගරයකට සම්බන්ධ බවත් එම නගරය පිටසක්වළ හා සම්බන්ධ දියුණු තාක්‍ෂණික මෙවලම්වලින් සමන්විත සුවිශේෂී ලෙස නිර්මාණයක් වූවක් බවටත් කියැවෙනවා. මේ සියලු අදහස්වල යම් සත්‍යතාවක් ඇද්ද යන්න කෙනකුට සැක හරින්න ඕනෑ තරම් සාක්‍ෂි සාධක සොයා ගන්නත් අපහසු නැත. මන්ද කෛලාෂ් දේවාලයේ ඇත්තේද අතිශය මටසිලිටු නිමැවුම් කලාවකි. සරලවම කියනවා නම් එය විස්මිතය, විස්මයජනකය අතිශය සංකීර්ණය.

කුමාර රත්නායක

Advertisement
Exclusive1 week ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)