සිංහල දෙමළ පාසල් වැහෙයි

කෝල්බෲක් කොමිසම දේශීය භාෂාවෙන් ඉගැන්වීම කළ සිංහල හා දෙමළ පාසල් වසාදමා, ඒ වෙනුවට කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර හා හලාවත යන නගරවල ඉංග්‍රීසි පාසල් ආරම්භ කළේ 1835 දීය. ‘කලම්බෝ අකඩමි’ නමින් මෙසේ ආරම්භ වූ පාසල් රාජකීය කොලේජිය ලෙසින් ප්‍රසිද්ධ විය. 1848 වන විට එම පාසල් ගණන 60 දක්වා වර්ධනය විය.
පාසල් පාලනයට අලුත් මණ්ඩලයක්

1834 දී පාසල් පාලනය සඳහා නමින් පාසල් පාලක මණ්ඩලයක් ඇති කළ අතර මෙහි ශාඛා ගාල්ල, යාපනය, මහනුවර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ස්ථාපිත කෙරිණි. මුලින්ම පාසල් එංගලන්ත නිකායට අයත් ආණ්ඩුවේ දේවගැතිවරුන්ට භාරකොට තිබුණු අතර පසුව අලුත් මණ්ඩලයට දේවගැතිවරුද, රජයේ නිලධාරීහුද ඇතුළු විය.
හෙළයන්ට යුරෝපා ගති සිරිත්

1847 ඇරැඹි සිංහල දෙමළ පාසල් මගින් හෙළයන්ට යුරෝපා ගති සිරිත් වැඩි වශයෙන් හුරුපුරුදු වීමත් ඒවා ඇබ්බැහි වීමත් සිදුවිය. රජයේ තනතුරු සහ රැකියා අපේක්ෂා කළ බොහෝ පිරිස් මෙම පාසල්වලටත්, ඉංග්‍රීසි පාසල්වලටත් යෑමට කටයුතු කළ අතර ඒත් සමග වටිනා කියන හෙළ සිරිත් පහත් කොට සලකන්නට ඇතැම් හෙළයන්ම ක්‍රියා කළේය. බටහිරයන්ගේ කෑම බීම, ඇඳුම් පැලඳුම් ආදියද, ඔවුන්ගේ සිතුම් පැතුම්ද අනුකරණයට හෙළයෝ වැඩි නැඹුරුතාවක් දක්වන්නට වූහ.