• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අවුරුදු 48000ක ඉතිහාසයෙන් මතුවුණු හෙළයන්ගෙ භූමදාන චාරිත්‍ර

January 4, 2021
in Exclusive, Mahawanshaya
A A
අවුරුදු 48000ක ඉතිහාසයෙන් මතුවුණු හෙළයන්ගෙ භූමදාන චාරිත්‍ර

භූමදානය කියන වචනය ඇහෙන පමාවට විවිධ කාරණා අද වෙනකොට මතකයට නැඟෙන අතර වර්තමානයේ බොහෝ රටවල් විවිධාකාරයෙන් භූමදාන කටයුතු සහ චාරිත්‍ර සිදුකරනු දැකිය හැකියි. ඒ ඒ රටවල විවිධ චාරිත්‍රයන්ට අනුව තම තමන්ට ආවේණික භූමදාන ක්‍රම බොහෝමයක් රටවල භාවිතයට ගැනෙන අතර, ඒ සඳහා විවිධාකාර සමරුඵලක, සමරු සිහිවටන ආදිය භාවිත කිරීමත් දක්නට ලැබෙනවා. එහෙත් වර්තමානයේ එවැනි බොහෝමයක් දියුණු යැයි සම්මත භූමදාන ක්‍රම ශිල්ප පරදුවන තරමේ අතිශය දියුණු භූමදාන ක්‍රමවේදයක් සහ ඊටම අදාළ වූ චාරිත්‍ර වාරිත්‍ර රැසක් මෙරට ජීවත් වූ ආදි මානවයා භාවිත කර ඇති බව මේ වනවිටත් කැණීම් කටයුතු මගින් සාක්‍ෂි සාධක සහිතව ඔප්පු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආදිතම සංස්කෘතික අවධි තුළ මානවයා තම ජීවිත ගතකරමින් සිටියදී මියගිය සිය ඥාති මිත්‍රාදීන් ඉතාමත් විශිෂ්ට ක්‍රම උපායන් භාවිත කරමින් භූමදානය කර ඇති අයුරු එම කැණීම්වලින් හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුග අතරින් මෑතකාලීනව විස්තරාත්මකව අනාවරණය කරගෙන ඇත්තේ මධ්‍ය ශිලා යුගය පිළිබඳවය. එහිදී මධ්‍ය ශිලා යුගය පිළිබඳව අනාවරණය කෙරෙන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශු සංකීර්ණය මෙන්ම ගුහා තිබීමද වැදගත් වෙයි. එමෙන්ම ගුහා නිධි අතර කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන, වරකාපොළ දොරවක කන්ද, අත්තනගොඩ අළුලෙන, සීගිරිය පොකුණ ඇතුළු තවත් ස්ථාන ගණනාවක් සඳහන් කළ යුතුය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති විiාත්මක කාලනිර්ණ ලෙස බුලත්සිංහල පාහියන් ලෙන ආදිය වසර 48,000ක්, කුරුවිට බටදොඹ ලෙන අදින් වසර 37,000ක්ද, කිතුල්ගල බෙලි ලෙන අදින් වසර 31,000ක්ද, අත්තනගොඩ අළුලෙන අදින් වසර 10,350ක්ද, බෙලි ලෙන අදින් වසර 8,230ක්ද, කුරුවිට බටතොට දහයියා ලෙන අදින් වසර 7,680ක්ද, බෙල්ලන්බැඳි පැලැස්ස අදින් වසර 12,000ක්ද, මිනී ඇතිළිය අදින් වසර 6,000ක්ද, අනුරාධපුර අදින් වසර 5,900ක්ද, මාතොට අදින් වසර 5,800ක්ද, අලිගල අදින් වසර 5,500ක්ද ආදී වශයෙන් කාලනිර්ණ ලැබී ඇත.

එම යුගයට අයත්ව එළිමහන් වාසස්ථාන සහ ලෙන් තුළින් හමුවෙන භෞතික සාධක අතර මානව සැකිලි අතිශයින්ම වැදගත් වන අතර, එමඟින් මධ්‍ය ශිලා මානවයාගේ ශවෝපාචාර ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමටද හැකි වී තිබේ.
බළන්ගොඩ මානවයාගේ අභිචාර සහ සුසාන චාරිත්‍ර පිළිබඳ විමර්ශනයේදී ඔහුගේ භූමදාන කටයුතු වැදගත් වන අතර, මිනිසකු මියගිය විට ඔවුහු වළදමා තිබීම ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එසේ මියගිය පුද්ගලයකු වළ දැමීමේදී නම් හකුළා වළ දැමීම හෙවත් උක්කුටියෙන් වළ දැමීම සුවිශේෂී කරුණක් වන අතර, ඒ බව බෙල්ලන් බැඳි පැලැස්ස, රාවණ ඇල්ල සහ මිනී ඇතිළියෙන් හමුවී ඇති සාධක මැනවින් තහවුරු කරයි. එසේම කුරුවිට බටදොඹ ලෙනෙන්ද භූමදාන කරන ලද පුද්ගලයන් 38 දෙනකුට අයත් සාධක පුරාවිiා කැණීම්වලින් හඳුනාගෙන තිබේ.

ප්‍රාථමික දඩයම් ජීවිතයක් ගත කළ බළන්ගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භූමදාන කරන විට වළ දැමීමේදී බටහිර දෙසට හිස සිටින සේ වළ දමා තිබීමද අතිශයින් වැදගත් වෙයි. වර්තමානයේද මිනිසකු මියගිය විට වළදමනු ලබන්නේ බටහිරට හිස දමාය. බළන්ගොඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට හිටින සේ වළ දැමීමට හේතුව පිළිබඳව විමර්ශනයේදී පැහැදිලි වන්නේ එම මිනිසා ස්වභාවික පරිසරයේ දුටු ස්වභාවික සිදුවීම් සිය ජීවිතයටද ආරෝපණය කර ඇති බවකි. එනම් ඔහු පරිසරයේ ප්‍රධානතම වැදගත් වස්තුව දෙස දුටුවේ සූර්යාය. සූර්යාගේ හැසිරීම ඔවුන් දිනපතා දැක ඇති හෙයින් එම සිදුවීම්වලින් උපත සහ මරණය පිළිබිඹු වන බව ඔවුන් අත්දැක තිබේ. එනිසා නැඟෙනහිර ඉපදීමත්, බටහිර මියයෑමත් සංකේතවත් කිරීමේ අරමුණින් බළන්ගොඩ මානවයා මිනිසකු මියගිය විට හිස බටහිරට දැමීම තුළින් සංකේතවත් කළ බව අනුමාන කළ හැකිය.

මේ ආදි මානව විසින් සිදුකළ තවත් සුවිශේෂී භූමදාන චාරිත්‍ර රැසක් හඳුනාගෙන තිබේ. ඒ අතර, පුද්ගලයකු මියගිය පසු වළදමා මස් දියවූ අස්ථිවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරුද බටදොඹ ලෙන, බෙලිලෙන ඇතුළු තවත් ලෙන් රාශියකින් හඳුනාගෙන තිබේ.

එම පුරාවිiා තොරතුරු අනුව පැහැදිලි වන්නේ ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍රවල මූලාරම්භය ශ්‍රී ලංකා සමාජය විසින් ලබාගෙන ඇත්තේ ප්‍රාග්ඓතිහාසික මධ්‍ය ශිලා ආදියේදී බවය. ඊට හොඳම උදාහරණය වර්තමානයේද මිනිසකු මියගිය පසු බටහිරට හිස දමා භූමදාන කිරීමයි. තවද ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයෙන් පසුව පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධියේදී වඩාත් විදිමත් වූ භූමදාන ක්‍රමවේද භාවිතයට ගෙන ඇති බව මේ වෙද්දී අනාවරණය කරගෙන තිබේ.

එහිදී පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන ශිලා මංජුසා සුසාන, ශිලා මණ්ඩල සුසාන, ශිලා කේතුක සුසාන, ශිලා පෙළ සුසාන, ශිලා ටැඹ සුසාන, බරණි සුසාන, ශිලා මඤ්චක සුසාන යන සුසාන ආකෘති ශ්‍රී ලංකාව ඇසුරින් හඳුනාගෙන තිබේ.

මේ කරුණු අනුව වඩාත් හොඳින් පැහැදිලි වන කාරණයක් වන්නේ, වර්තමානයේ බොහෝ දියුණු යැයි සම්මත රටවල පවා විස්මයට පත්වෙන මෙම භූමදාන ක්‍රමවේද සහ චාරිත්‍ර ඇසුරින් මෙරට මිනිසා අදින් වසර ගණනාවකට පෙර කොතරම් දියුණු තත්ත්වයක සිටියේද යන්න මනාව පැහැදිලි වෙයි.

කුමාර රත්නායක

Share53Tweet33SendShare13
Previous Post

කබීර්ගේ ‘එකතු වෙමු’ යෝජනාවට මෛත්‍රීපාලගෙන් කොළ එළියක්

Next Post

චීනය මුහුද යටින් ගිහින් රටවල්වල ඔත්තු බලා මාට්ටු

MORE NEWS

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!
Exclusive

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!
Exclusive

අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

May 29, 2022
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Exclusive

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
නිමල් සිරිපාලට බාල්දියක් පෙරළෙන්න යයි! අලුත් කියලා දූෂිත නිලධාරීන් දාන්න ලෑස්ති වෙන්න එපා! නැව් නියෝජිතයන්ගෙන් ඇමැතිට ආපු ලියුම මෙන්න!
Exclusive

නිමල් සිරිපාලට බාල්දියක් පෙරළෙන්න යයි! අලුත් කියලා දූෂිත නිලධාරීන් දාන්න ලෑස්ති වෙන්න එපා! නැව් නියෝජිතයන්ගෙන් ඇමැතිට ආපු ලියුම මෙන්න!

May 29, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

වර්තමානය වන විට අප රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය දැඩි ලෙස...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net