• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා

August 31, 2019
in Mahawanshaya
A A
ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා

දෙවියකුට යළිත් පණදිය හැකිද? යන පැනය විමසන විටක මතුවන තව ගැටලුවක් වන්නේ දෙවියන් මියයන්නේද යන කාරණයයි. මෙහිදී ජන ඇදහීම ඇතුළු ජනශ්‍රැතිය හැදෑරූ විද්වතෙකුගේ අර්ථකථන වෙත සමීපවීම වඩාත් සුදුසුවෙයි. රිචඞ් බැයුමන් නම් ජනශ්‍රැතිවේදියා සඳහන් කරන අන්දමට ජනශ්‍රැතියේ ඇතැම් ප්‍රධාන අර්ථකථන කාලයක් තිස්සේ පණ නොලබා නිහඬව තිබේ. මේ ලෙසම යටපත් වූ ජනශ්‍රැතිය තුළ යටපත් වූ චරිතද තිබිය හැකිය. ඒවා ගවේෂණය කිරීම මගින් නව සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමද කැපවීමෙන් කළ හැකි බව ඒ ජනශ්‍රැති-වේදියාගේ අදහසයි.

ඒ කියන ආකාරයෙන් යම් ඇදහීමක් අවධානයෙන් ගිලිහී නිහඬව ඇති විට එතෙක් පැවැති හා ජනශ්‍රැතිය හා ඇදහීම යටපත්වේ. ඇදහූ දෙවියා හෝ එවන් වෙනත් චරිතයක් සැඟවී යයි. මේ මූලික න්‍යාය අනුව පේරාදෙණිය මහකන්ද පෙදෙසේ ජනයාගේ තුඩ තුඩ පැවැති ඉරුගල්බණ්ඩාර දේව විශ්වාස උපත ලැබූ යුගය යටපත් වී ඒ ඇදහීම දැන් දැන් බැහැර වෙමින් පවතිමින් තිබියදී මේ මෑතක අපූරු දෙයක් සිදුවිණි. උක්ත දේව විශ්වාසයට තුඩුදුන් ඉරුගල්බණ්ඩාර දේවතාවගේ ප්‍රතිමාවක් සාදවා ඒ දේවතාවාගේ මූලික ලක්‍ෂණ එක්තැන් කරන පාලි ගාථාවක්ද සෑදීමේ වැදගත්කම මතුකර දුන් ජන ඇදහීම් පිළිබඳ චින්තනයක් ඇති ත්‍රිරෝද රථ රියැදුරු මහතකු ලෙස මහකන්දේ සුමිත් කුමාර හැඳින්වීම අතිශයින් උචිත වෙයි.

සුමිත් කුමාර මහතා මහකන්ද ඉරුගල්බෝධිය විහාරයේ දායක මහතෙකි. මේ ස්ථානය පැරැණි ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ උපත සිදුවූ පෙදෙස බව හඳූනාගත් ඔහු ඒ විහාරස්ථානයේ කලින් වැඩ විසූ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී ඥානවංශ හිමියන් සමඟ මහකන්දේ පිහිටි මගේ නිල නිවෙසටද වරින් වර පැමිණියේය. හිටපු විහාරාධිපතිවහන්සේට ඉරුගල්බෝධි විහාරයේ ඓතිහාසික පසුතලය එක්තැන් කර වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ අදහසක්ද පැවැතිණි. ඒ අතරතුර අකාලයේ ගිලන් වූ උන්වහන්සේ හදිසියේ අපවත්වූහ. ඉන් පසු සැලකිය යුතු කාලයක් තුළ සුමිත් කුමාර මහතාගේ අවධානය යොමු වූයේ මේ ස්ථානයේ අධිගෘහිත යැයි සැලකෙන ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ පිළිමයක් තැනවීම හා ඒ දෙවියන්ට ප්‍රණාමය දැක්වීමට පබැදිය යුතු ගාථාවක් සාදාගැනීම කෙරෙහිය. එම කාරණයේදී සුමිත් මහතා වත්මන් විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පත්අඬුවන වංශෝදය ස්වාමින් වහන්සේගේ නොමඳ අනුග්‍රහයද රැගෙන මා හමුවට පැමිණ එකී දෙවියන් උදෙසා පාලි ගාථාවක් ප්‍රබන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටියේ ඉරුගල්බණ්ඩාර පුරාවෘත්තයට සම්බන්ධ කෝල්මුර කවි කිහිපයක් ද මා අත පත් කරමිනි.

ඒ කවි අතර ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ රූපාකාරය හොඳින් විස්තර වන කවියක්ද විය. එය මෙසේය,
අටවාලා රන්දුන්න උරේයා
තනවාලා රන්මාල කරේයා
ලෙළදීලා රංගිරි අතේයා
නටවාලා ඉරුගල් වඩිනේයා

මේ පැදියට අමතරව ඉරුගල්බණ්ඩාර දෙවියා ප්‍රදේශයේ වී ගොවිතැනට හා සශ්‍රීකත්වයටද සම්බන්ධ දේවතාවෙක් බව හඳුන්වන තවත් කවි එහි විය. ඒ සියල්ල සැලකිල්ලට ගෙන එකී දෙවියාගේ ලක්‍ෂණ අනුව මා පබැඳූ ගාථාව මෙසේ විය.
“සන්තුට්ඨිතා බහිගතො චන්ද රංසීහි සංගමො
නිබ්බත්තිත්වා පායිංගාමෙ හනතානෙ සිඛරෙ වසී
යක්ඛානුභාවෙන විපුලො කසිත කම්මං සුරකඛති
සූරිය සෙල බණඩාරො නාමො වුච්චති දෙවතා”

මේ දෙවියන්ගේ උපතද තරමක් අනුවේදනීය ලක්‍ෂණ රැගත් පුරාවෘත්තයකි. මහකන්ද අසල ඇති පායිංගමුව පෙදෙසේ ගැමි යුවළකට කුඩා දරුවෙක් සිටියේය. ඔහු හඳ ඇති රාත්‍රිවල හඳ ඉල්ලා අඬන්නට විය. එක් දිනක් යුවළ දරුවා ගෙයින් පිටට දමා දොර වැසූහ. එසේ කළේ අනාදරයෙන් නොව තාවකාලිකව දරුවා බිය කොට හැඬුම නතර කිරීමටය. ඒත් හිටි අඩියේ දරුවාගේ හැඬීම නතර විය. වහා ගෙයින් පිටට ගිය මවුපියෝ විලාප තබමින් දරුවා සෙවූහ. ඒත් ඔහු සොයාගත නොහැකි විණි. එකනෙහි ඉහළ හන්තාන කඳු පෙදෙසින් “මම දැන් ඉරුගල්බණ්ඩාර දෙවියන්“ යනුවෙන් දෝංකාරයක් ඇසිණි. ඒ දෙවියන් සිහිනෙන් දැක්වූ පණිවුඩයක් අනුව පියා මහවැලි ගඟ අයිනේ කුඩා කෝවිලක් ඉදිකරන ලදී. 1947 වර්ෂයේ ඇතිවූ ගංවතුරින් ඒ කෝවිල ගසාගෙන යනු ලැබිණි. ඉන් පසු ඉරුගල්බණ්ඩාර ආකර්ෂණය සම්බන්ධ වූයේ ඊට මඳක් ඉහළින් පිහිටි ස්වභාවික ලෙනක් මැදිකරගෙන ඉදිවූ විහාරස්ථානයක් සමඟය. සුමිත් කුමාරගේ අවධානය යොමුවූයේ මෙම ඓතිහාසික ස්ථානය වෙතය. මේ කාරණය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සුමිත්ට නිරන්තර උපකාර කරන ලද්දේ පී.ඒ. සිසිර පායිංගමුව මහතා විසිනි. එමෙන්ම ගෙලිඔය දේවාලයක සේවය කරන පිටුනුගම කපුමහතාද සුමිත්ගේ උත්සාහයට මහත්සේ දායක වූයේය.

ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ රූපාකාරය සෑදීමේදී සුමිත්ට උපකාර වූයේ හිඳගල රජමහාවිහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පඥාකීර්ති ස්වාමින් වහන්සේය. උන්වහන්සේ එක්තරා අඳුනක් නැරඹීමෙන් පසු ඉරුගල්බණ්ඩාර දේවපාදය පරීක්‍ෂා කොට එම ස්ථානයේ දේව ප්‍රතිමාවක් වඩාහිඳූවීමේ ඇති යෝග්‍යතාව අනුමත කළහ. එමෙන්ම සුමිත් සොයා දෙන ලද කෝල්මුර කවියෙන් විස්තර කරන දෙවියන්ගේ කායික විලාසය දළ වශයෙන් ඇඳ දෙන ලද්දේද උන්වහන්සේ විසිනි. ඒ අනුව ඉරුගල්බෝධි විහාරස්ථානයේ පසෙක ඇහැලියගොඩ සමන්ත ඉන්දික නම් ශිල්පියා අතින් ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ අනුරුවක් ඉදිවූ අතර එකී දෙවියන්ගේ අනන්‍යතාව විස්තර කෙරෙන මා නිර්මාණය කළ ගාථා පාඨයද ඊට සම්බන්ධ විය.

මහාචාර්ය නන්දසේන රත්නපාලගේ ජනශ්‍රැති විද්‍යාව 1995 ග්‍රන්ථයේ එන අදහසක් සුමිත් කුමාර ඇතුළු මීට පාදක වූවන් සම්බන්ධයෙන් වඩා වැදගත් වෙයි. ඇලෙක්සන්ඩර් ක්‍රැප් නම් විද්වතා පවසන පරිදි ජනශ්‍රැතිය රැකෙන්නේ මෙසේ පොදු ජනයා ඊට දායක වූ විටය. සුමිත් කුමාර මහතා මීට මුල් නොවූයේ නම් ඉහත විස්තර කළ අනෙකුත් සම්පත්දායකයන්ද මීට සම්බන්ධ නොවනු ඇත. මේ සිදුවීම මිනිසුන්ගේ සිත් සතන් තුළින් අමතකවී යාමට ඉඩ ඇති නමුදු මා ලියන මේ සටහන මගින් මේ පුද්ගලයනුත් සිදුවීමත් ඉතිහාසයේ කොහේ හෝ සටහන් වනු ඇත.

Share53Tweet33SendShare13
Previous Post

වවුනියාවේ සැඟවුණු හාස්කම් පිරි පුදබිම

Next Post

ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය

MORE NEWS

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net