Mahawanshaya
උඩරට රජවරු අන්තඃපුර බිසෝවරු සමඟ තනිවුණු රාජකීය සිරියහනේ අමුතු බලයක්
Published
2 weeks agoon
By
Sithija
අන්තඃපුර කිව්ව ගමන් ඊළඟට මතු වන වචනය ලිංගිකත්වය. ඒක හින්දාම මේ මාතෘකාව වැඩි දෙනෙක් කතාබහට නොගෙන මඟහරිනවා වෙන්නත් පුළුන්. හැබැයි ඉතින් එහෙම මඟහරිනවා කියලා මේ කාරණාව කතා නොකළ යුතු දෙයක් කියලා හිතන එකත් සාධාරණ නැහැ. අනෙක් එක අන්තඃපුර පවත්වාගෙන යෑම හෝ ස්ත්‍රීන් විශාල පිරිසක් ඇසුරු කිරීම කියන කාරණයේ හොඳ, නරක හෝ ගැළපෙන, නොගැළපෙන බව හොයනවාට වඩා ශ්‍රී ලාංකීය රජවරුන්ගේ අන්තඃපුර ජීවිත ඇතුළේ සඟවුණු විශේෂිත කරුණු කාරණා තියනවාය කියන එක නම් සොයා බැලීම වටිනවා.
අන්තඃපුර පවත්වාගෙන ගිය බොහෝමයක් රජවරු සිය අන්තඃපුර ළඳුන් පිනවීම යන කාරණයේදී ගුප්තමය ශක්තීන්ගේ බලයත්, විවිධාකාර ඖෂධයන්ගේ ශක්තියත් භාවිත කළාය කියන එක විවිධ තැන්වලදී කියැවෙනවා. එහෙම දේවල් බොරු, අසත්‍ය කියලා නිකම්ම අතහැර දාන්නත් බැහැ. මොකද මේ ගනුදෙනුවලදී එවැනි විවිධාකාර උදව් උපකාරයන් රජු ලබාගන්නට ඇතැයි ඕනෑම කෙනකුට සාධාරණ සැකයක් ඇති වීමට අවස්ථාව තිබෙනවා.
බොහෝමයක් රජවරුන් සිය අන්තඃපුර ස්ත්‍රීන් සමඟ සබඳතා සඳහා වෙනමම ස්ථානයක් පවත්වාගෙන ගිය බවට අනන්තවත් කරුණු, කාරණා ජනප්‍රවාද අතරේ තිබෙනවා. ඇතැම් රජවරුන් සිය සිරියහන් ගබඩා විශේෂිත යන්ත්‍ර – මන්ත්‍රවලින් බලගන්වා තිබූ බවත්, රාගය ඉස්මතු වන ආකාරයට සිරියහන් ඉදිකර තිබූ බවත් කියැවෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන්ම රාජකීය වෙදැදුරන්, කට්ටඩින් ලවා සකස්කරවා ගත් තෙල්, ඖෂධ ආදිය භාවිතයට ගත් වගත් විවිධ ජනප්‍රවාද තුළ රසවත් ආකාරයට සඳහන් වෙනවා.
මේ සම්බන්ධව ඉතා වැදගත් රහස් ගොන්නක් සාක්ෂි සාධක සහිතව ඔප්පු වන ස්ථාන කිහිපයක් උඩරට රාජධානි පිහිටි මහනුවරින් හමුවෙනවා. එහිදී උඩරට රජුගේ අගමෙහෙසියටම වෙන් වූ ඇයට පමණක් වාසය සඳහා ඉදිකළ ගොඩනැඟිල්ලත් රජුගේ හිතගිය අන්තඃපුර ස්ත්රීන්ට නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ගොඩනැඟිල්ලත් අදත් ඉතා හොඳ මට්ටමින් දැකගත හැකි වෙනවා. ඉතා ඉහළ රාජකීය ආරක්ෂාවක් සහිතව මෙම ගොඩනැඟිලි තිබූ බවට අනුමත කළ හැකි පාරිසරික වටාපිටාවකුත් මෙම ගොඩනැඟිලි අවටින් දැකගත හැකියි.

එහිදී විශේෂිත තැනක් ලෙස අගබිසව වාසය කළ මැද වාහල ගොඩනැඟිල්ල හැඳින්විය හැක. මෙය තනි මහලට, බොරදම් බේරූ කළුගල් පාදමක් මත බිත්ති ගොඩනැඟූ, උසින් අඩු ඉදිකිරීමකි. ඉතා කුඩා ජනෙල්වල බීරළු සවිකර තිබෙනවා.
මෙරට අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වාසය කළ මෙය පැරැණි ස්වරූපය වෙනස් නොවූ එකම රාජකීය ගොඩනැඟිල්ල ලෙස අදද දැකගත හැකි වෙනවා. අද කෞතුකාගාරයක් ලෙස භාවිතයට ගැනුණත් මේ ගැන නොදන්නාකමින් බොහෝමයක් දෙනාට මඟහැරෙන තැනක් ලෙසද මෙය සැලකෙනවා.
කෙසේ නමුත් මොනතරම් රාජකීය සැප සම්පත් තිබුණත් රජුගේ අගමෙහෙසිය ගතකර ඇත්තේ නිදහස ඇහිරුණු ජීවිතයක් බවට මේ ගොඩනැඟිල්ලට යන ඕනෑම කෙනකුට හිතෙන එක සාමාන්‍යයි. විශාල උළුවහු කඳන් සහිත කුඩා ප්‍රමාණයේ දොර ඇතුළතින් පමණක් අගුළු ලා හැකි ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. හැබැයි මෙම කුටිය පිළිබඳව කළ සංරක්ෂණ කටයුතුවලදී තවත් විශේෂ රහසක් හෙළිව තිබෙනවා. ඒ තමයි ගොඩනැඟිල්ලේ ඇති එකම කුටියේ ඇඳන් තැබීමට යැයි අනුමාන කළ හැකි අයුරින් කපා තිබූ කළුගල් කට්ටා හතරක ඇතුළත සැඟවූ තඹ පත්ඉරු හතරක් හමුවීම. එම පත්ඉරු හතරේ ආරක්ෂක මන්තර කොටා තිබූ බවට විශ්වාසයක් පවතින අතර, ඒවා අද ද පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. ලිංගික කටයුතුවලට ශක්තියක් එක්කර ගැනීමටත්, රජුගේත්, බිසවගේත් ආරක්ෂාවටත් එම මන්ත්‍ර වළලන්නට ඇතැයි විශ්වාසයක් පවතිනවා.
මීළඟට මේ කාරණයේදී වැදගත්ම තැන තමයි පල්ලෙ වාහල. වර්තමානයේ මහනුවර කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ මේ ගොඩනැඟිල්ලෙ වුවත් මෙය එදා රජුගේ අන්තඃපුරය ලෙසයි භාවිතයට ගෙන තිබෙන්නේ. මිටි වහලක් සහිත මෙයද කුඩා ජනෙල්වලින් යුතුවයි නිමවා තිබෙන්නේ. ප්‍රමාණයෙන් විශාල වුවද මැද වාහලට සමානකම් සහිත පල්ලෙ වාහල ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන්නේ කුඩා ශාලාවකටයි. ඒ දෙපසින් කාමර පේළිවලට යොමු වූ බරාඳයක් පිහිටා තිබෙනවා. හතර පැත්තෙන්ම ඇති බරාඳ මැද මිදුලටයි, විවෘත වෙන්නේ. මේ ආකාරයට විශේෂිත වූ ඉදිකිරීම් ක්‍රම සහිතව යම් රාජකීය ආරක්ෂිත ක්‍රමවේදයනට අනුව ඉදිකළ පහළ වාහල තුළද යම් ගුප්ත රහස් ගොන්නක් සැඟවී ඇතැයි කෙනකුට සිතෙනු ඇත. ඒ අතර, අන්තඃපුර ස්ත්රීන්ගේ සිතැඟි පාලනය සඳහා භාවිත කළ විවිධ උපක්‍රම යන්ත්‍ර – මන්ත්‍ර මෙන්ම ඖෂධද මේ නිහඬ බිත්ති අතරේ සඟවා සැඟවී නැතැයි කාටනම් කිව හැකිද.
කුමාර රත්නායක
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
