• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම

August 31, 2019
in Mahawanshaya
A A
ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම

යමක් අත්පත් කරගැනීම කියන්නේ එක්තරා උමතුවක්. එක්තරා වූ ලෙඩක්. ඔය ලෙඬේ වැඩිපුරම හැදෙන්නේ මිනිසුන්ට. අන්න ඒ නිසයි අර සුනාමිය එන්න කලින් මුහුදේ වතුර පස්සට ගිහින් ගොඩබිම මතුවෙද්දි මිනිස්සු ඒකත් අත්පත් කරගන්න කියලා ගිහින් ඉල්ලන් කෑවේ. එතකොට අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවත් අත්පත් කරගැනීම කියලා ආයෙමත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අලින්ගේ කැලෑව අපේ මිනිස්සු බලෙන්ම උදුරගත්තා. ඒක හින්දා අලි ගමට ආවා. මිනිස්සු උන් එක්කලා හැප්පෙන්න ගියා. ඔන්න ඔහොමයි අලි මිනිස් ගැටුමක් හැදුණේ. ඉතින් ඔන්න ඔය අත්පත් කරගැනීමේ තදබල වූ කැමැත්ත හින්දම පහුගියදා සොබාදහම් මාතාවගේ පෙණහැල්ල කියලා කියපු ඇමර්සන් වනාන්තරයෙන් ලොකු කොටසක් විනාශ වෙලා ගියා. ඇත්තටම ඒ ඇමර්සන් විනාශයට වගකියන්න ඕනේ මිනිස්සුමයි. කොහොමින් හරි සති ගානක් පුරා ඇවිළුණු ලැව්ගිනි හේතුවෙන් ඇමර්සන් වනයට හානි වුණා.

ඇමර්සන් වනය කියන්නේ සොබාදහම් මාතාවගේ පෙණහලු. ඒ නිසා ඇමර්සන් ගින්න අපටත් බලපානවා. මොකද ඇමර්සන් කියන්නේ ලෝකයටම බලපාන සාධකයක්. එනිසයි සොබාදහමේ පෙණහලු කියලා ඇමර්සන් වනාන්තරය හඳුන්වන්නේ. මනුස්සයෙක් හුස්ම ගන්නේ පෙණහලු මඟින්. ඒක විනාශ වෙලා ගියොත් ඒ මනුස්සයා මැරෙනවා. ඒ කියන්නේ මියයනවා. ඔන්න දැන් ඔබට තේරෙයි ඇමර්සන් වනාන්තරය ලෝකයාට කොච්චර නම් වටිනවද කියලා.
ඇමර්සන් වනාන්තරය තමයි දැනට ලෝකයේ තියෙන විශාලතම සදාහරිත වනාන්තරය. ඒක කොච්චර විශාලයිද කිව්වොත් දකුණු ඇමෙරිකානු රටවල් නවයක වර්ග කිලෝමීටර් හැත්තෑ ලක්ෂයක් පුරාවට ඇමර්සන් වනාන්තරය පැතිරිලා තියෙනවා. එයින් 60% නියෝජනය කරන්නේ බ්‍රසීලය කියලයි කියන්නේ. ඒත් එක්කම ලෝකයේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20%ක් නිපදවන්නෙත් ඇමර්සන් වනාන්තරය තුළින්. අන්න ඒක හින්දයි මේ ඇමර්සන් වනාන්තරයට සොබාදහම් මාතාවගේ පෙණහලුයි කියලා කියන්නේ. ඇමර්සන් වනය තුළ ලෝක ජෛව විවිධත්වයෙන් 10%ක ජීවීන් වාසය කරනවා කියලත් කියනවා. ඒ වගේම ඇමර්සන් ශාක සහ සත්ව විශේෂ මිලියන තුනකට විතර ජීවත්වෙන්න ඉඩකඩ සපයන නිවහනක්ද වෙනවා.
කාබන්ඩයොක්සයිඞ් මෙටි්‍රක් ටොන් මිලියන 2.4 ක් උරාගන්නා ඇමර්සන් වනයෙන් එහි ප්‍රධාන පෝෂක ගංගාවලට මුදාහැරෙන ජල ප්‍රමාණය තත්පරයට ගැලුම් මිලියන පනස් පහක් විදිහටයි සඳහන් වෙන්නේ. කොහොම හරි පහුගියදා ඇතිවුණු ලැව්ගිනි තත්ත්වයත් එක්ක ලෝකයේ ජීවනාලියේ කේන්ද්‍රස්ථානය වන ඇමර්සන්හි ජීවිතය ගෙවූ විශාල ශාක සහ සත්ව ප්‍රජාවක් විනාශ වුණා කියලා විදෙස් ආරංචි මාර්ග හැම එකක්ම වගේ වාර්තා කරලා තිබුණා. එම ලැව්ගිනි තත්ත්වය කොච්චර විශාල එකක්ද කිව්වොත් ඇමර්සන් වනාන්තරයට සැතපුම් දෙදහසකටත් වඩා දුරින් පිහිටි නගරයක් වන සාවෝ පාවරෝහි නඟරය දක්වා ඒ ලැව් ගින්න නිසා ඇතිවුණු දුමාරය පැතිරිලා තියෙනවා.

ඇමර්සන් වනාන්තරය තුළ සිද්ධ වූ විනාශයත් එක්ක ඒක අපේ රටටත් අපටත් බලපානවා කියලා අපි මුලින් කිව්වා. ඒ තත්ත්වය ගැන පසුගියදා අපේ රටේ පරිසර හා පරිසර නීති උපදේශක සජීව චාමිකර මහතා මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා.
“විශාල කාබන්ඩයොක්සයිඞ් වායු ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා විතරක් නෙවෙයි, කාබන්ඩයොක්සයිඞ් වායුව පාලනය කරන්න තියෙන වනාන්තර විශාල පද්ධතියක් අද වන විට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා ඇමර්සන් ගිනිගැනීමත් එක්ක. සියලුම ක්‍රියාවලීන්වල ප්‍රතිඵලයක් විදියට ඇතිවෙන ප්‍රධාන හානිකර තත්ත්වය තමයි දේශගුණික කාලගුණික විපර්යාස ඇතිවීම විතරක් නෙවෙයි ග්ලැසියර ප්‍රදේශ දියවීම ඒ වගේම මුහුදු ජල මට්ටම ඉහළ යාම වගේ තත්ත්වයන් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. මේ වනාන්තරය ගිනිගැනීමේ ප්‍රතිඵලයක් විදියට මෙතෙක් ලෝකයේ හඳුනා නොගත් ජීවී විශේෂ විතරක් නෙවෙයි සමහර සම්ප්‍රදායික ජනතාවගේ වාසභූමි ඒ වගේම විශාල ජෛව ප්‍රජාවක් ලෝකයට අහිමිවීම සිද්ධ වෙනවා…”

ඇමර්සන් ලැව්ගිනි තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස බ්‍රසීල මාධ්‍ය සඳහන් කරලා තිබුණේ මිනිස්සු ගොවිතැන් කිරීම සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීමයි. කියවන ඔබ නොදන්නවාට ඇමර්සන් වනය තුළ මෙම වසරේදී පමණක් ගිනිගැනීම් හැත්තෑ තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒක පසුගිය වසරට වඩා 83%ක වර්ධනයක් කියලයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. ඔය හේතුව හින්දා බ්‍රසීල ජනාධිපතිවරයා පවා ජනතාවගේ විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒ අතර විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ තම නිවහන ගින්නකට හසුවූවා වැනි හැඟීමක් මේ සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇතිවිය යුතු බවයි. මේ අතර ශ්‍රී ලාංකික ජනතාව ඇමර්සන් වනයට වූ හානිය පූර්වාදර්ශයක් කරගත යුතු බව පවසන පරිසර හා පරිසර නීති උපදේශක සජීව චාමිකර මහතා මෙහෙම කතාවක් මාධ්‍යයට කිව්වා.

“ලංකාවේ අද වන විට කැලෑ ගිනි තැබීම් තත්ත්වය වර්ධනීය මට්ටමකට පත්වෙලා තියෙනවා. මේ රටේ කැලෑ ගිනි පාලනය කිරීමේ හැකියාව ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දන්නවා මේ ඇමර්සන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක එය පූරවාදර්ශයක් විදිහට අරගෙන අපි අපේ රටේ වනාන්තර පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා විශාල වශයෙන් මැදිහත් වීම අවශ්‍යයි. ඒ හරහා මේ ජල සුරක්ෂිතතාව වගේම ජෛව සුරක්ෂිතතාව ඇතිකරලා අපි මේ රටේ ස්වභාවික සම්පත්වල සුරක්ෂිතතාව ඇතිකරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය එක පැත්තකින් අවශ්‍යයි. නීතිය සෘජුවම ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම අවශ්‍යයි…”

වන විනාශය කියන්නේ දැන් අලුත් වචනයක් නෙවෙයි. මොකද හැම රටකම දැන් වන විනාශය කියන එක ඉතා ඉහළින් සිද්ධවෙනවා. මේකට හුඟාක්ම බලපාන්නේ නාගරීකරණය කියන එක. ඒ ඔස්සේ දිනෙන් දින වන විනාශය ඉහළ යනවා. ඒ වගේම ඔය ඉන්ධන සහ දැව ලබාගැනීම සඳහාත් වන විනාශය ඉහළින් සිදුවෙමින් පවතිනවා. ඒ නිසා ජෛව විවිධත්වය අඩු වෙනවා. භූ විද්‍යාත්මක පරිසරය වගේම දේශගුණයත් වෙනස් වෙනවා. අම්ල වැසි එනවා. පසුගිය දශක දෙක තුළ පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවති සමස්ත වනාන්තර වපසරියෙන් 70%ක් විතර දැන් විනාශ වෙලයි තියෙන්නේ. ඒ වගේම වරක් ලෝකය ආවරණය කරන ලද උෂ්ණ කලාපීය මේරු වනාන්තර වපසරිය හෙක්ටයාර් බිලියන 1.5 සිට 1.6 දක්වා විහිදිලා තිබුණා. ඒත් එයින් හෙක්ටයාර් මිලියන 750 සිට 800ත් අතර වන ගහනයක් දැන් මිනිස් ප්‍රජාව විසින් විනාශ කරලා ඉවරයි.

ඔය වනාන්තර විනාශය ලොකුවටම තියෙන්නේ දකුණු ආසියාවේ. එයින් වැඩිම වනාන්තර ප්‍රමාණයක් තියෙන්නේ ඇමර්සන් කලාපය තුළ. මෙම ඇමර්සන් වැසි වනාන්තරයෙන් හෙක්ටයාර් මිලියන හයසීයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා. වන විනාශය සිදුවෙන රටවල් අතර ඉහළින්ම අපේ ශ්‍රී ලංකාවත් තියෙනවා. ඒ එක්කම චීනයත් තියෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය වගේ රටවලුත් තියෙනවා. හැබැයි ලෝකයේ ප්‍රසිද්ධම පිලිපීනය, තායිලන්තය වගේම ඉන්දියාව වගේ රටවල් කැලෑ කැපීම ජාතික අවශ්‍යතාවක් විදියට ප්‍රකාශයට පත්කරලයි තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා ඒ ගැන එතැනින් එහාට අපට කියන්න දෙයක් නෑ. මේ ගින්න නිවා නොගත්තොත් පෘථිවිය කියන ග්‍රහලෝකය හරි ඉක්මනට අවසන් ගමන් යයි.
රුවන් එස්. සෙනෙවිරත්න

Share52Tweet33SendShare13
Previous Post

මෙතැන නෝ පාකින්

Next Post

අද ටෙලිනාට්‍ය පාසල් යනවා හෙට කැම්පස් යාවි

MORE NEWS

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net