Mahawanshaya
තාමත් හෙළි නොවූ රෙනෝක් දූපතේ අබිරහස
Published
2 months agoon
By
Sithija
අපි නොදන්න අපට නොඇසුණු කොයිතරම් අදහාගත නොහැකි සිදුවීම් අද්භූත දේ ඇත්ද? ඉතින් මේ කියන්නට යන්නේ එවැනි සිද්ධියක් ගැන. අතීතයේ සිට අතුරුදන් වීම් පිළිබඳ බොහෝ තොරතුරු අපි අහලා තියෙනවා. එහෙත් ජනපදයක සියලු වැසියන් එකවර අතුරුදන් වීම් ගැන ඔබ අහලා නැතුව ඇති.
රෙනෝක් දූපත කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙ උතුරු කාර්ලිනාහි ඩෙයාර් ප්‍රාන්තයේ පිහිටා ඇති සුන්දරතම දිවයිනක් වෙනවා. යටත්විජිතකරණයත් සමග මෙම දූපත බි්රතාන්යයන් යටත් කර ගැනීමට සමත් වෙනවා. බි්රතාන්ය රැජින දුටු සුන්දර අලංකාර ප්‍රදේශයකට ඇය වර්ජිනියා කියලා නම තියනවා. මෙම ප්‍රදේශයේ ජනපද ඇතිකිරීමට වෝල්නර් රයිනිට ඇය පවරනවා. ඔහුගේ පර්යේෂණ අනුව රිචාර්ඩ් ග්රින්විල් නැමැත්තා 1585 වසරේදී පළවෙනි කණ්ඩායම එහි ජනාවස කරනවා. එයින් වසර දෙකකට පස්සෙ එනම් 1587 ජෝන් වයික්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත 117ක පිරිසක් රෙනෝක් දූපතට ඇවිල්ලා එම දූපතේ ජනපදයක් පිහිටවගන්නවා. මෙම වර්ෂයේම අගෝස්තු මස ජෝන් වයිට්ගේ දියණිය රෙනෝක් දූපතේදී උපත ලබනවා. ඇයගේ විශේෂත්වය නම් මෙම දූපතේ ඉපදුණු පළවෙනි බි්රතාන්ය ජාතික දරුවා ඇය වීමයි. ඇයට නම තියන්නෙ වර්ජිනියා ඩෙයා කියලා. නමුත් ඔවුන් ඇමෙරිකාවේ වාසය කළ ස්වදේශික ගෝත්‍ර සමග ගැටුම් ඇතිකරගත්තා. ඔවුන් උපක්රමශීලීව ගෝත්‍රිකයන් මිත්‍ර සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කළා. එහෙත් ඔවුන්ට මිත්‍ර වීමට හැකි වුණේ කොයිටෝවන් හෙවත් කෝටන් ගෝත්‍රය සමග පමණයි. අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් ඔවුන්ට විරුද්ධව කටයුතු කළා.
දවසක් රෙනෝක් දූපතේ විසූ ජෝන් කොවෑක් නම් පුද්ගලයෙකු වෙරළ තීරයේ ගෝත්‍රික කණ්ඩායම් පහරදී මරලා දාලා තිබුණා. මෙම සිදුවීම නිසා මෙහි වාසීන් බියට පත්වුණා. හැම ගෝත්‍රික කණ්ඩායමක්ම එකතු වෙලා ඔවුන්ව මරලා දායි කියලා.

මෙම දූපතේ නායකයා වුණු ජෝන් වයිට් විසින් හමුදා ආධාර ලබාගැනීමට බි්රතාන්යයට ගියා. එහෙත් රෙනෝක් වැසියන් සිතූ පරිදි ඉක්මනින් උදව් ලබා ගැනීමට නොහැකි වුණා. එයට හේතුව මෙම කාලය තුළ සීත කාලය ආරම්භ වීම නිසා නාවුක ගමනාගමන කටයුතු අපහසු වීමයි. නාවුක කපිතාන්වරුන්ද අකමැති විය. දිගින් දිගටම පැවති බි්රතාන්ය හමුදා හා ස්පාඤ්ඤය අතර යුද්ධයට සියලුම බි්රතාන්ය නාවුක යාත්‍රා යොදවා තිබුණි. මේ හේතුව නිසා ජෝන්වයිට්ගේ පැමිණීම පරක්කු වුණා. කෙසේ වෙතත් වසර 3කට පසු රෙනෝක් ජනපදයට ඔහු එන විට කවුරුත් මේ දූපතෙ හිටියෙ නැහැ. හැමෝම මෙම ජනපදය අතඇරලා ගිහින් වගේ පාළුවට ගිහින් තිබුණා.
ඔහුට දකින්නට ලැබුණෙ CROATOAN සහ cro යන වචනය පමණයි. නමුත් ඔහු කියා තිබුණෙ කාගෙන් හෝ දූපතට බලපෑමක් එල්ල වුණේ නම් මෝල්ටීස් ලකුණ සලකුණු කරන්නට කියලා. එහෙත් ඔහුට එවැනි සලකුණු දැකගැනීමට නොහැකි වුණා. ඔහුට ගෝත්‍රික ජනවාස සොයා ගියත් එහි රෙනෝක් වැසියන් කවුරුත් දකින්නට ලැබුණේ නැහැ. ඔහුට කවුරුත් නැතිවම ආපසු එන්නට සිදුවුණා. ඇත්තටම ඔවුන්ට සිදුවුණේ මොකද්ද ඔවුන්ගේ ගෝත්‍රවලට එකතු වුණාද CROATOAN ගෝත්‍රිකයන් සමග ගැටුමක් ඇති වුණාද නැත්නම් ගෝත්‍රිකයන් සියල්ල එකතු වී ඔවුන් මරා දැම්මාද යන්න ගැටලුවක්.
එහෙත් පසුකාලීන වැසියන් ගෝත්‍රිකයන් අතර ඉංග්‍රීසි භාෂාව කතා කරන වැසියන් දැක ඇති බවට පවසනවා.
නමුත් CROATOAN ගෝත්‍රයේ එවැනි පුද්ගලයන් හමු වී නොතිබීම ගැටලුවක්. ස්පාඤ්ඤ ජාතිකයන්ට මොවුන් හසුවී මරා දැම්මාද, අදටත් ප්‍රශ්නාර්ථයක්. මොකද ඒ යුගය වන විට ස්පාඤ්ඤ හා බි්රතාන්ය අතර පැවතියේ යුදමය වාතාවරණයක්. කෙසේවෙතත් රෙනෝක් වැසියන්ට සැබවින් සිදුවූයේ කුමක්ද අදටත් නොවිසඳුණු අබිරහසක්.
කාංචනා මධුවන්ති රත්නායක
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
