Mahawanshaya
මිල කළ නොහැකි කළුනික හොයාගන්නෙ මෙහෙමයි
Published
5 days agoon
By
Sithija
අඳුකොළ හා කළුනික එදා සමාජයේ මෙන්ම අද සමාජයේද අති දුර්ලභ ශාක දෙකකි. නමුත් මෙම ශාක දෙක ඖෂධීය ගුණයෙන් පිරී පවතී. එනිසා හෙළ වෙදකමේදී මෙම ශාක දෙකේ පස්පංගුවම පාහේ ඖෂධ සෑදීම සඳහා ප්‍රයෝජනයට ගනී. මුලින්ම අඳුකොළ ශාකය පිළිබඳව විමසමු.
අඳුකොළ පැළෑටියකි. නයි ලෙසද මෙම අඳුකොළ පැළෑටිය නම් කරයි. අප රටේ ජනයාගෙන් බහුතරයක් අඳුකොළ ශාකය නාඳුනන බැවින් එය පයට පාගා දමයි. නමුත් අප රටේ සුවිශේෂී දේශීය ශාකයක් වන අඳුකොළ පැළෑටිය අග්නිදිග ආසියාතිකයන් ආහාරයක් ලෙස බුක්ති විඳියි. වියට්නාමයේ කොත්තමල්ලි කොළ සඳහා ආදේශකයක් ලෙස භාවිත කරයි. එම රටවල අඳුකොළ පැළෑටිය ඇමෙරිකාවට අපනයනය කිරීමද සිදුකරයි. විදේශ විනිමය ඩොලර්වලින් ලබාගන්නා පැළෑටියක් ලෙස අඳුකොළ නම් කළ හැකිය. තවද කොළ හොඳින් වියළුණු පසු හොඳ වර්ණයක් හා රසයක් ලබා දෙන බැවින් කියුබාව, ගයනාව, ඉක්වදෝරය හා පැනමා යන රටවල කුළුබඩුවක් ලෙස අඳුකොළ භාවිත කරයි. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල ආහාරමය පැළෑටියක් ලෙසද අඳුකොළ භාවිත කිරීම දැකිය හැකිය. වියළා කුඩුකර ගත් අඳුකොළ කුඩු, කොත්තමල්ලි කුඩු ලෙසද භාවිත කිරීමද දැකිය හැකිය.
කළුනිකද, අඳුකොළ මෙන්ම ඖෂධීය ගුණයෙන් පිරිපුන් ශාකයකි. නමුත් කළුනිකද ඉතා දුර්ලභය. සීමිතව වැවෙන ශාකයකි. එනිසාම බොහෝ දෙනෙක් නොහඳුනයි. ඈත අතීතයේදී ‘තාසික’ නම් ඍෂිට සිරිපා අඩවියේදී කළුනික ශාකය හමුවී ඇතැයි පුරාවෘත්තවල සඳහන් වෙයි. සිතූ, පැතූ සම්පත් ලැබෙන මහල්ලන් තරුණ කරන සතුරන් මෙල්ල කරන හා ප්‍රාතිහාර පෑමේ බලයෙන් උපරිම ශාකයක් ලෙස කළුනික ශාකය හැඳින්විය හැකිය.
කළුනික ශාකයද සුදුනික ශාකය හා සමානය. නමුත් පත්‍රය පිටුපස දම්පාට සහිතය. ඇතැම් කොළ දුඹුරු පැහැතිය. පුෂ්ප දම් හෝ රෝස පැහැතිය. පත්‍රිකා 3 හෝ 5ක් සහිතව පත්‍ර සමූහව පිහිටා ඇත. ශාකයේ පොත්ත රතු, දුඹුරු පැහැතිය. කළුනික කොළය හොඳ සුවඳකින් යුක්තය. කළුනික ශාකය 8m ත් 10mත් අතර උස ශාකයකි.
කළුනික ශාකය පිහිටි භූමියේ දෝෂ දුරුකර, මුදේවී පලවා හැර ශ්‍රියාකාන්තාව කැඳවා ගන්නා ශාකයකි. කළුනික ශාකයේ දණ්ඩක් අනෙක් නික ශාකයේ දණ්ඩකින් වෙන්කර හඳුනා ගතහැකි වන්නේ එම කළුනික දණ්ඩ ගලායන ජලයට දැමූ විට උඩුගම් බලා යෑමෙනි. සාමාන්‍ය නික දණ්ඩ ජල පහර යන අතට ගමන් කරයි. කළුනික කැබැල්ලක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට පැරැන්නන් වනාන්තරයේ පඳුරු අස්සේ ඇති දුර්ලභ ඇටිකුකුල් කූඩුවක් සොයා එහි සිටින පැටවකුගේ කකුලක් රන් කෙන්දකින් බැඳ එම රන් කෙන්ද කූඩුවේ වෙනත් කෝට්ටක ගැටගසයි. එවිට එම පැටවාට ඉගිළීමට නොහැකි වෙයි. එවිට ඇටිකුකුල් මව හා පියා කළුනික ගසක් සොයා ගොස් කළුනික කැබැල්ලක් ගෙනැවිත් කූඩුවට දමයි. ඉන්පසු ඇටිකුකුල් පැටවාට ඉගිළ යෑමට හැකිවෙයි. එම ඇටිකුකුල් කූඩුව ගෙනැවිත් ගලායන ජලයට දැමූ විට කළුනික කැබැල්ල උඩුගම් බලා යන අතර, කූඩුවේ අනෙක් කෝටු කෑලි දිය පහර සමඟ යයි. එලෙස ලබා ගන්නා කළුනික කැබැල්ල වළල්ලක හෝ සුරයක දමා පැලඳීම එදා විසූ පැරැන්නෝ සිදුකළහ. එලෙස පැලඳූ විට එම ජන්මියාට සිතූ, පැතූ සම්පත් ලැබෙන බව පැරැන්නන්ගේ මතයයි. එනිසාම ඇටිකුකුල් කූඩුවක් සොයා ගන්නා අයෙක් මහා වාසනාවන්තයෙක් ලෙසද එදා සැලකූහ.
පැරැණි පොතපතේ සඳහන් පරිදි කළුනික ශාකයක් රාත්‍රි කාලයේදී හමුවීම වාසනාව ගෙන දෙන්නකි. නාගයන් රාත්‍රි කාලයේදී නාග මාණික්‍ය වමාරනු ලබන්නේ කළුනික ශාකයේ මුලය. එනිසා සිතූ, පැතූ සම්පත් ගෙන දෙන අතිප්රබල නාගමාණික්‍යයේ හිමිකරුවකු වීමේ භාග්‍යයද එම ජන්මියාට හිමිවෙයි.
හෙළ වෙදකමට කළුනික නිතර භාවිත කරයි. එසේ කරනුයේ කළුනික එවලේම ප්‍රතිඵල ලැබෙන ඖෂධයක් නිසාවෙනි. තවදුරටත් කිවහොත් කළුනිකවලට අරුම පුදුම ලෙඩ සුව කිරීමේ ගුණයක් පවතී. තුනටිය වේදනාව, ඇඟපත වේදනාව, හන්දිපත් වේදනාව ඇතුළු ශරීරයේ සියලු වේදනා සුව වන අතර, නාග දෂ්ට, සර්ප දෂ්ටවලට ගුණ ගෙනදෙයි. ශරීරයේ ඇතිවන සියලුම ඉදිමුම් නැතිකර දමන අතර අංශභාග රෝගයටද බොහෝ සුව ගෙනදෙයි. මීට අමතරව වාත රෝග, ගැස්ට්‍රයිටීස්, දද, කුෂ්ඨ, ඇස් රෝග, කන් රෝග ආදියටද කළුනික ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි යන පස්පංගුවම භාවිත කරයි. මුත්‍රා රෝග, කුෂ්ඨ රෝග හා පණු රෝගවලටද කළුනික විශේෂ සුබපල පෙන්වයි.
කළුනික හා අඳුකොළ යන මෙම දිව්‍යමය ඖෂධ හිතුමතේට පරිහරණය කිරීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බවද තරයේ සිත තබාගත යුතුය. එනිසා මෙම අගනා ඖෂධ පරිහරණයේදී ගතයුතු ප්‍රමාණය හා ගතයුතු ආකාරය දැනගැනීමට වෛද්‍ය උපදෙස් පැතිය යුතුමය.
ඔබත් ඔබගේ ගෙවත්තේ කළුනික හා අඳුකොළ වගාකර මෙම අති දුර්ලභ, වටිනා, ඖෂධීය ගුණ පිරි ශාකයන් මතුපරපුරට දායාද කරන්න. එය අද ජීවත්වන ඔබගේ පරම යුතුකම මෙන්ම වගකීමද වනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද පානදුර
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
