• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

ලංකාවෙන් හමුවූ පළමු රන් කාසිය

January 29, 2020
in Mahawanshaya
A A
ලංකාවෙන් හමුවූ පළමු රන් කාසිය

අතීතයේ පටන් ලාංකිකයන් මුදල් ගනුදෙනු සිදුකළ බව හඳුනාගත හැකි සාක්ෂ්‍ය බොහෝ වෙයි. මේ පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී එය ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවස තෙක් ඈතට දිව යයි. මේ කාලයේදී හමුවන ශිලාලේඛන ආශ්‍රයෙන් හා සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරින් ද ඒ සඳහා නිදර්ශන ලැබේ.මේ අනුව උක්ත ප්‍රධාන මූලාශ්‍රය ඇසුරින් පුරාණ කාලයේ භාවිත වූ ලෝහ කාසි පිළිබඳ විස්තර සඳහන් වෙයි. මේ අනුව මෙකී මූලාශ්‍රයන් මගින් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ ආරම්භය දක්වාත් ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ පටන් පස්වැනි සියවස දක්වාත් ඉන් පසු ක්‍රිස්තු වර්ෂ දස වැනි සියවස දක්වාත් කරුණු අන්තර්ගතය.

එපමණකුදු නොව ක්‍රිස්තු වර්ෂ 14, 15 වැනි සියවසවල භාවිත වූ කාසි පිළිබඳ තොරතුරු හඳුනාගත හැකි සුවිශේෂී මූලාශ්‍රයන් ලෙස මේවා පෙන්වා දිය හැකිය.

මුල් කාලීන ශිලාලේඛනවලත් සාහිත්‍ය මූලාශ්‍රවලත් කාසි පිළිබඳ දැක්වීමේදී භාවිත කර ඇති ජනප්‍රිය වදන වන්නේ කහවණුවයි. මේ කාලයේ භාවිත මුදල් ඒකකය මේ නමින් හැඳින්වූ බවට විවාදයක් නැත. එසේම කහපණ, කහාපණ, මසුරන් ආදී නම්වලින් ද මුදල් ඒකක හඳුන්වා ඇත. කාසි හැඳින්වීම සඳහා සෙල්ලිපි හා සාහිත්‍ය මූලාශ්‍රයන්හි යොදා ඇත්තේ දරණ, කහපණ, පුරාණ ආදී නම්ය.

ලංකාවෙන් හමුවූ පළමු නොඑසේ නම් මුල්ම වරට භාවිත කළ කාසිය සැලකෙන්නේ “හස් එබූ කාසිය” යි. ඉන් පසු භාවිතයට ගෙන ඇත්තේ බෞද්ධ ස්වස්තික කාසියයි. සිංහ රුව සහිත කාසි, ලක්ෂ්මී කාසි, රෝම කාසි ආදියයි. ඒවායින් පසු ක්‍රිස්තු වර්ෂ හයවැනි සියවසේ සිට නව වැනි සියවස තෙක් භාවිත කර ඇත්තේ රන් කහවණුවයි. මේ රන් කහවණුව පිළිබඳ හඳුනා ගැනීමේදී මධ්‍යකාලීන සමයේ වැඩිපුර භාවිත කළ මුදල් කාසියක් ලෙසින් බොහෝ දෙනා හඳුන්වති.

මේ කාසියේ බර අනුව වටිනාකම තීරණය විය. ඒ අනුව ප්‍රධාන කාසිය, භාගය, කාල සහ අටෙන් එක ආදී වශයෙන් ප්‍රමාණයෙන් යුක්ත විය. ප්‍රධාන කාසියේ බර මංචාඩි 20කි. එසේත් නැතිනම් මදටිය ඇට 20ක බරකින් යුක්තය. කාසි භාගය මදටිය ඇට 10ක බරින් යුක්ත විය. කාල මදටිය ඇට 5කි. කාසියෙන් අටෙන් එක මදටිය ඇට දෙකහමාරක බරින් යුක්ත විය.

කාසියේ පෙනුම ගත්විට එහි මනුෂ්‍යයකුගේ හැඩය ගත් රූපයකි. එහි වම් අත ඉදිරියට ඔසවා කුමක් හෝ අතින් දරාගෙන සිටින බව පෙන්වාලයි. එහි ඇත්තේ නෙලුම් මලක් හෝ හක් ගෙඩියකි. එහි වම් අතට පහළින් බින්දු පහක් පෙන්නුම් කෙරේ. මේ පිළිබඳ අදහස් දක්වන පරණවිතාන මහතා කියා සිටින්නේ එමගින් කාසියේ බර පිළිබඳ අදහසක් ලබාදෙන බවයි.
එම කාසියේ “පල” යනුවෙන් වදනක් ඇති බවත් එම වදන පස් වතාවක් මෙම කාසියෙන් නිරූපණය වන බවත් ඒ නිසා මෙම කාසිය “පලපංච”යනුවෙන්ද “පලංච” යනුවෙන්ද භාවිත වී පසුකාලීනව “කලංජ” වූ බවත් “කළඳ” යන වදන පසුව ජනප්‍රිය වී ව්‍යවහාර වූයේ මේ නිසා බවත් පෙන්වා දෙයි.

මේ කාසියේ ඇතුළත් මිනිස් රූපය ගැන ඇත්තේ මත සමුදායකි. කෙනෙක් මෙය රාවණ රජුගේ රූපය බව කියති. තවෙකෙක් හනුමාගේ බව කියති. කෙසේ නමුත් පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ මේ රුව ධනයට අධිපති කුවේරගේ පිළිරුව බවයි. හිමාල වනයට ඉහළ අහසේ මාලිගාවක වෙසෙන කුවේර ඉඳගෙන සිටින ඉරියව්ව පෙන්වන්නේ ආසනයේ නොගැටෙන අවස්ථාවකදීය. මේ කාසියේ රූපයෙන් දිස්වන්නේ එවන් වූ ආකාරයකි. මේ කාසියේ නාගරි අකුරින් ශ්‍රී ලංකා වීහ යනුවෙන් ලියා ඇත. ඒ ගැන අදහස් දක්වන පරණවිතාන එයින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකා වාස්ස යන අදහස ගැබ් වන බව කියයි. මධ්‍යකාලීන ලංකා සමාජයේ වෙළෙඳ කටයුතු සඳහා අකුරු කියවා අවබෝධ කරගැනීමේ පහසුව සඳහාත් අකුරු කියවිය නොහැකි උදවියට සංකේතානුසාරයෙන් ඇති දෑ මගින් කාසියේ වටිනාකම හඳුනාගත හැකි පරිදිත් මේ කාලයේ කාසිය නිර්මාණය කර ඇති බවත් මේ අනුව හඳුනාගත හැකිය. මෙසේ නිමවුණු කාසි කිහිපයක් දැනුදු කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇත.
පදියතලාවේ ඥාණවිමල හිමි

Share66Tweet41SendShare16
Previous Post

දරුවකු පතන හැමට විශේෂයි

Next Post

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියට සම්පත් බැංකුවේ අනුග්‍රහය

MORE NEWS

වනසන්නන්ට විනාශයම ළඟා කරන ලංකාවේ විශේෂි තැන!
Exclusive

වනසන්නන්ට විනාශයම ළඟා කරන ලංකාවේ විශේෂි තැන!

June 27, 2022
ගැමුණු රජු පමණක් දැන සිටි රුවන්මැලියේ විස්මිත රහස…
Exclusive

ගැමුණු රජු පමණක් දැන සිටි රුවන්මැලියේ විස්මිත රහස…

June 27, 2022
ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…
Exclusive

ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…

May 29, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net