• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ

October 3, 2020
in Mahawanshaya
A A
සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ

නිල්ල පිරුණු ගහකොළ අතරින් හමාගෙන එන මඳ සුළඟ සිතටත්, ගතටත් ගෙනදෙන්නේ අප්‍රමාණ සුවයකි. සැනසීමකි. ගතට දැනෙන වෙහෙසකර බවත්, සිතට දැනෙන වෙහෙසකර බවත් මේ බිමේදී අතුරුදන් වන්නේය. මේ හැඟීම් කොහේ, කොතැනක අතුරුදන් වෙනවා දැයි නොතේරේ. දැනෙන්නේ අමිල වූ සිසිලසක අප්‍රමාණ වූ සන්සුන් බවකි. බැලූ බැලූ හැම පැත්තේම, පරිසරයේ නිදහස භුක්ති විඳින සතා සිවුපාවන්ගේ දසුන්ය.

එය හදවතේ බර නිදහස් කරන අපූරු ඖෂධයක් හා සමානය. දැවෙන කෙනකුට නිවෙන්නට මෙතරම් මනරම් ඉසව්වක් තවත් වේදැයි කෙනකුට සිතෙන්නටද බැරි නැත. මේ ඉසව්ව එතරම්ම පින්බර වන්නට තවත් අතිපූජනීය කාරණාවක් හේතුපාදකව ඇති බව කිව යුතුමය. ඒ මේ සුන්දර පරිසරය මධ්‍යයේ පිහිටි කිරිවෙහෙර චෛත්‍ය රාජයා නිසාවෙනි. නිල්වන් ගහකොළ අතරින් විරාජමානව කිරි සුදු පැහැයෙන් අහසට නැගි කිරිවෙහෙර මළුවේදී නොනිමෙන සිතක් නැත්තේමය. මේ ඉසව්ව එතරම් ශාන්තය. පින්බරය. එතරම් අප්‍රමාණ වූ ශාන්ත බවක් ලද කිරිවෙහෙරේ කතාව දිගු ඉතිහාස කතාවකට මඟ පෑදෙන්නේය.

මෙරට විවිධ ප්‍රදේශයන් ගැන කතා කරද්දී ගෞතම බුදුන් වහන්සේ සම්බන්ධ බොහෝමයක් දේ ගැන කියැවෙයි. ඒ අතර උන්වහන්සේ වැඩම කළ ස්ථාන ගැන මෙන්ම බහුතරයක් කතාවට ගැනෙන්නේ සර්වඥ ධාතුන් තැන්පත් කළ විවිධ ස්ථාන සම්බන්ධවයි. මහනුවර දළදා මාලිගය, මහියංගනය චෛත්‍යය, රුවන්වැලි මහා සෑය වැනි ප්‍රධාන ස්ථාන අතර තවත් බොහෝමයක් ස්ථාන සර්වඥ ධාතුන් සම්බන්ධයෙන් කතාබහට ගැනෙයි. මේ හේතුව නිසාම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉන්දියාවටත් වඩා වැඩි ප්‍රමාණයක් ලංකා භූමිය තුළ වැඩ සිටිනවාය කියලා කෙනකුට පහසුවෙන්ම තර්කයක් ගෙන එන්නත් හැකියාව නැතුවා නොවේ.

මෙවැනි කතා සමඟ බලද්දී තවත් විශේෂ කාරණාවකුත් කතාබහට එකතු වෙයි. ඒ බුදුන්වහන්සේ බුද්ධත්වයට පෙර එනම් ගිහිගෙයි සිටියදී භාවිත කළ දේද ශ්‍රී ලංකාව තුළ නිධන් කර තිබීමේ රහසයි. ඒ අතර ප්‍රධානම කාරණාව වෙන්නේ කතරගම මේ කිහිරි වෙහෙරයි. එහෙමත් නැත්නම් පසුකාලීන කිරිවෙහෙර නමින් ප්‍රකට වෙච්ච සුප්‍රසිද්ධ චෛත්‍ය තුළ සිදුහත් කුමරු භාවිත කළ මඟුල් කඩුව තැන්පත් කර තිබෙනවාය කියන කාරණාවය.

ආර්යපර්යේෂණ සූත්‍රයට අනුව නම් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගොස් ඇත්තේ හිස්කෙස් ඛේදනය කිරීමෙන් අනතුරුවයි. එසේ නම් එම කටයුත්තට පාවිච්චි කළ කඩුව ගිහිගෙය හැර යන මොහොතේ රැගෙන ගියායැයි කිසිවකුටත් තර්ක කළ නොහැකිය. එසේ බැලූ විට මඟුල් කඩුව තිබිය යුත්තේ සිදුහත් කුමරු එම මොහොතේ වාසය කළ මාලිගාවේය. එම මාලිගය සුද්දෝධන මහරජුට අයත් මාලිගයක් වී නම් තම පුතු භාවිත කළ මඟුල් කඩුව ලංකාද්වීපයේ පාලන කටයුතු කළ මහසේන නම් රජුට ලබා දෙන්නට තරම් සුද්දෝධන රජු පරිත්‍යාගශීලී වේද යන්න දෙවරක් සිතිය යුතුය. එසේම එහි තවත් විශේෂ කාරණාවක් කියැවෙන්නේය. ඒ බුදුන් වහන්සේ ජීවමාන සමයේම මෙම කඩුව තැන්පත් කර මහාසේන රජු විසින් කිරිවෙහෙර චෛත්‍ය ඉදිකරවීමය. එය තරමක් ගැඹුරින් සිතිය යුතු ප්‍රශ්නයක් දක්වා මෙම මාතෘකාව රැගෙන යන්නකි. කෙසේ නමුදු මේ වෙද්දි තර්කයකින් තොරව පිළිගන්නා යමක් වෙයි. ඒ කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ තුළ සිදුහත් කුමරුගෙ මඟුල් කඩුව තැන්පත් කර තිබෙනවාය යන කාරණාය.

මේ සියල්ල සමගින් මතුවන ප්‍රධාන කතිකාවතක් යළිත් මතකයට නැඟෙයි. ඒ බුදුන් වහන්සේ උපන් බිම හා බුද්ධත්වය ලැබූ දීපය පිළිබඳව කතිකාවතයි. එසේම උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් මෙරට විවිධ ස්ථානයන්හි වැඩ වාසය කිරීමේ රහසත් සමඟින් මේ කතිකාවත තවත් කතාබහට ගතයුතු යැයි කෙනකුට සිතෙන්නට ඉඩකඩ ඇත. එසේ සිතන කෙනකුට අවසානයේ යම් තීන්දුවකට එළැමිය හැකිය. ඒ තීන්දුවේ සත්‍ය – අසත්‍යතාව මතු දිනයකදී යථාර්ථයක් සේ ලෝකය හමුවේ හෙළි පෙහෙළි වනු ඇත.

කුමාර රත්නායක

Share52Tweet33SendShare13
Previous Post

ෆොන්ටෙරා සමාගම කිරි ගොවීන් සමග එක්වී බිම් මට්ටමින් විසඳුම් සොයයි

Next Post

ඔබත් ගණ දෙවියන් යාළු කරගන්න

MORE NEWS

ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…
Exclusive

ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…

May 29, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net