Mahawanshaya
සුද්දන් සතුටු කර හෙළයන්ට මරු කැඳවූ හම්බන්තොට මාරයා
Published
2 weeks agoon
By
Sithija
එදා අපේ රටේ එල්ලුම් ගස් දෙකක් තිබිණි. ඒ බෝගම්වර සහ වැලිකඩය. නමුත් අද එය එකක් දක්වා පහතට වැටී තිබේ. ඒ අනුව වත්මන් එල්ලුම් ගස ඇත්තේ අපට ආරංචි පරිදි වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේ සී තුන කාමරයේය. නමුත් එයද අද ඇත්තේ හතළිස්තුන් වසරක් පුරාවටම දූවිලි වැසෙමිනි. මන්ද එය දැන් දිගු කලක් භාවිතයට නොගෙනම ඉතා පැරණි කෞතුක භාණ්ඩයක් සේ පෙනෙන්නට තිබේ. මේ අතර පසුගිය සමයේ හම්බන්තොට ඇති එල්ලුම් ගසක් පිළිබඳවද රාවයක් පැතිරුණි. ඒ අනුව අපද ඒ පිළිබඳව සොයාබලන්නට විය. සැබෑවටම එම කතාව සත්‍යයකි. ඊට හේතුව ඉතා පැරණි එල්ලුම් ගසක් හම්බන්තොට මුහුදුබඩ ප්‍රදේශය තුළ අදටත් දැකගන්නට තිබේ.
අපේ රටේ වැඩි දෙනෙක් නොදන්නා බි්රතාන්ය පාලන කාලයේ තිබූ බව කියන මෙම හම්බන්තොට එල්ලුම් ගස අද වෙන විට හුදකලාවේ දිරාපත් වෙමින් පවතියි. සැබෑවටම එය සංරක්ෂණය කළ යුතුය. හම්බන්තොට ඇති මෙම එල්ලුම් ගස අඩි 25ක් පමණ උස එකකි. එහි විෂ්කම්භය සෙන්ටිමීටර් 104කි. එය නිර්මාණය කර ඇත්තේ කිතුල් කඳකිනි. අද වෙන විට එල්ලුම් ගසේ ඉහළ කුලුන දිරාපත් වී ඇත. යකඩ කණුව රඳවා ඇති යකඩ පට්ටමේ උස සෙන්ටිමීටර් 28ක් පමණය. එවකට හම්බන්තොට නගරයේ උසම ස්ථානයේ මෙම එල්ලුම් ගසා පිහිටුවා ඇති අතර බි්රතාන්ය පාලන සමයේ හම්බන්තොට උසාවියේ විභාග කරන ලද නඩුවලින් මරණ දඬුවම නියම වූ වැරදිකරුවන් මෙම හම්බන්තොට එල්ලුම් ගස භාවිතයෙන් මරා දැමූ බව සඳහන්ය.
මුලින් සඳහන් කළ ආකාරයට හම්බන්තොට එල්ලුම් ගසේ ඉතිහාස කතාව යටත්විජිත යුගය දක්වා දිගුය. 1818 වසරේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ කොහුකුඹුරේ රටේ රාල පවා මරා දමා ඇත්තේ මෙම හම්බන්තොට එල්ලුම් ගස භාවිතයෙන් බව සඳහන්ය. මේ අතර මෙහි තවත් විශේෂත්වයක් තිබේ. ඒ හම්බන්තොට එල්ලුම් ගසේ එකවර සිවුදෙනෙකු එල්ලා මැරීමට ඇති හැකියාවයි. ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තාවලට අනුව ඔහු තම නිල නිවෙසේ ජනේලයක් හරහා මෙම එල්ලුම් ගස නිතර නිතර බලන්නට පුරුදුව සිට තිබේ. ඔහුගේ වාර්තාවල සඳහන් ආකාරයට ඔහුගේ නිල කාලය වෙන වර්ෂ 1908 සිට 1911 දක්වා කාලය තුළ මෙම එල්ලුම් ගස භාවිතයෙන් හත්දෙනෙක් එල්ලා මරා ඇති බව සඳහන් වෙයි.
හම්බන්තොට දකුණු තුඩුවේ කෙළවර මුහුදු වෙරළට සමීපව පිහිටා ඇති මෙම එල්ලුම් ගස පසු කලෙක ධජ කණුවක් ලෙසද භාවිතා කර ඇති බව සඳහන්ය. මටෙලෝ කුලුන, පැරණි දිසාපති නිල නිවෙස, මාගම්පුර කෞතුකාගාරය සහ මෙම එල්ලුම් ගස ඉතා සමීපව පිහිටා ඇත. නමුත් මටෙලෝ කුලුන, පැරණි දිසාපති නිල නිවෙස, මාගම්පුර කෞතුකාගාරය යන ස්ථාන සොයාගැනීම ඉතා පහසු වුවද එල්ලුම් ගස සොයාගැනීම තරමක් අපහසුය. ඊට හේතුව එය ඇති ස්ථානයයි. එහෙත් මාගම්පුර කෞතුකාගාරයට එහා ඇති පැරණි දිසාපති නිල නිවෙසේ තාප්පය අසල අඩිපාරේ මීටර් සියයක් පමණ ඉදිරියට ගමන් කළොහොත් මෙය පහසුවෙන්ම ඒ අසලටම ගොස් නැරඹිය හැකිය.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වීමත් බුදුදහම තුළ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් පැවතීමත් නිසා අප රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැන් බොහෝ අය කැමති වන්නේ නැත. නමුත් අතීතයේදී ශ්‍රී ලංකාවේද මරණ දඬුවම හෙවත් එල්ලුම් ගස පැවතුණි. එසේ පැවතීමට එදා රජ කාලයේ පැවති දරුණු දඬුවම් ක්‍රම වූ උල තැබීම, ඇතුන් ලවා පෑගීම, තෙල් කටාරම් තුළට දැමීම වැනි දඬුවම් ක්‍රම ඉවහල් වූ බවද සිතිය හැකිය. ඒ අනුව එල්ලුම් ගසද එම දඬුවම් ක්‍රම කිහිපයේම දිගුවකි. මෙවැනි දඬුවම් ක්‍රම නිසා එදා ජන සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී මිනිසුන් මෙවැනි වැරදි ක්‍රියාවලට උනන්දු නොවූ බව පැහැදිලිය. එහෙත් අද සමාජය තුළ එවැනි දඬුවම් ක්‍රම නැත. අද ශ්‍රී ලංකාව තුළ දිය හැකි බරපතළම සහ දරුණුතම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමයි. එම නිසා හම්බන්තොට එල්ලුම් ගසද ඇතුළුව අපි දන්න නොදන්න සියලුම එල්ලුම් ගස් දැන් අයිති අතීතයටම පමණි.
රුවන් එස්. සෙනවිරත්න
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
