Mahawanshaya
සේනා දළඹුවන් මර්දනයට පිළියම්
Published
1 month agoon
By
Sithija
සේනා දළඹුවා, Spodoptera frugiperda යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන සලඹයාගේ කීටයාය. එම කෘමියාගේ නිජබිම උතුරු සහ දකුණු ඇමෙරිකාවේ නිවර්තන සහ අර්ධ නිවර්තන කලාපීය රටවල්ය. එම රටවල්වල බඩඉරිඟු වගාවලට හානි කරන ප්‍රධාන පෙළේ පළිබෝධයෙකු ලෙස සේනා දළඹුවා සලකනු ලබයි. එහෙත් මෙම දේශයන්හි විවිධ පාරිසරික සාධක සහ වගාවන් සඳහා භාවිතා කරන කෘෂි තාක්ෂණික ක්‍රම නිසා මෙම කෘමියාගෙන් සිදුවන හානිය සාර්ථකව පාලනය වේ.
2016 පටන් මෙම පළිබෝධය නිජබිමෙන් බැහැරව රටවල් කිහිපයකටම ව්‍යාප්ත වී ඇත. ඝානාව, සූඩානය, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල්වලද චීනය, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ලංකාව සහ තායිලන්තය ඇතුළු ආසියානු රටවල් කිහිපයකද බඩඉරිඟු වගාවන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටී.
සේනා දළඹු ප්‍රහාරයට ලක් වූ මහ කන්නයේ වගා කරනු ලැබූ බඩඉරිඟු වගාවන් රාශියක් ලංකාවේ බොහෝ තැන්වල දැනට පවතී. පෙබරවාරි මාසේ මැද භාගයේ අස්වනු නෙළනු ඇත. මෙම පළිබෝධය නිසා පාඩු සිදු වී ඇත්නම් වන්දි ලබා දෙන බවට රජය විසින් දැනටමත් දන්වා තිබේ.
පළිබෝධ ගහනය අස්වැන්න නෙලූ පසුවත් වගා ක්ෂේත්රය තුළ පවතී. මෙම පළිබෝධයන්ගේ විවිධ අවස්ථා විනාශ නොකළහොත් සුහුඹුලන් බිහි වී වෙනත් බෝග මතට පිවිසීමට ප්‍රවණතාවයක් ඇත. දිනකට කිලෝමීටර් 100ක් වුවද පියාසර කිරීමේ හැකියාව සුහුඹුලන්ට ඇත. ඔවුන්ගේ සංඛ්‍යාව බිඳ හෙළීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන බෝග කොටස් පිලිස්සීමෙන් සේනා දළඹු බිත්තර සහ කීට අවස්ථාද, සුහුඹුලන්ද විනාශ කළ හැකිය. එහෙත් මෙයින් සිදුවන වායු දූෂණය නිසා මෙය අනුමත කළ නොහැක.
ගොයම් පිදුරු පිලිස්සීමෙන් මෑතකදී නවදිල්ලියේ සිදු වූ වායු දූෂණය මෙයට උදාහරණයකි.
ගිනි තබා විනාශ කිරීම වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රමයක් USAID මගින් SOLID ව්‍යාපෘතිය හරහා හඳුන්වාදී තිබේ. මෙම පරිසරහිතකාමි “සයිලේජ්” නිෂ්පාදනය නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් වගා ක්ෂේත්රයේ ඉතිරි වන ශාක කොටස් අගනා ගව ආහාරයක් බවට පරිවර්තනය කරනු ලැබේ. ක්ෂේත්රය තුළදීම ශාක කොටස් කැබලි කරන යන්ත්‍ර උපකරණයක් දැන් ලංකාවේම නිෂ්පාදනය කරනු ලැබේ. ඉන් පසු මෙම කොටස් මලුවල අසුරා නිර්වායු ජීවී ක්‍රමයක් මගින් “සයිලේජ්” බවට පරිවර්තනය කරනු ලැබේ. මෙම තාක්ෂණය ඉතා සරලය. එය ගොවීන් විසින් තනි තනියම කළ නොහැකි නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පහසුවෙන් කළ හැකිය. මෙමගින් බඩඉරිඟු ශාක කොටස්වල රැඳී සිටින සියලුම පළිබෝධ අවස්ථා විනාශ කළ හැකිය. ඉන්පසු නොපමාව වගා ක්ෂේත්රයේ සීසෑමෙන් එහි පස තුළ රැඳී සිටින පිලවුන්, පක්ෂීන් සහ වෙනත් විලෝපකයින්ගේ භක්ෂණයට යොමු කළ හැකි වේ “සයිලේජ්” ගව ආහාරය කිරිගොවීන්ට විකිණීමෙන් ගොවීන්ට ආදායමක් ලබා ගත හැකිය.
බඩඉරිඟු වගා කරන විට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය අවම කර ගැනීමට යොදාගත හැකි තවත් ක්‍රමයක් ඇත. එනම් බඩඉරිඟු ශාකයම උගුල් බෝගයක් ලෙස භාවිතා කිරීමය. මෙයට ගොවි මහතුන්ගේ සහයෝගය ඉතා අත්‍යාවශ්‍ය වේ.
මෙම ක්‍රමය සාර්ථක වීමට නම් යම් ක්ෂේත්රයක් තුළ වගා කරන සියලුම ගොවීන් කාෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද කාලසටහනට අනූව බීජ සිටුවිය යුතුය.
උගුල් බෝග ක්රමයේ යොදා ගන්න උපක්‍රමය මෙසේ නිර්දේශ කර ඇති බීජ සිටුවීමේ දිනට දවස් 30කට පමණ කලින් වගා ක්ෂේත්රය තුළ අහඹු ලෙස තෝරා ගන්නා කුඩා බිම් කැබැලි කිහිපයක බඩඉරිඟු බීජ සිටුවනු ලැබේ. සේනා දළඹු සුහුඹුලාට බඩඉරිඟුවලට ඇති තදබල ආකර්ශනය නිසාත් ඔවුන්ගේ දුර පියාඹීමේ හැකියාව නිසාත් වගා ක්ෂේත්රය අවට සැරිසරන බිජුබර ගැහැණු සළබයින් මෙම කුඩා ක්ෂේත්‍ර තුළ වැඩෙන බඩඉරිඟු පැළ මතට පතිත වී බිත්තර දහස් ගණනක් පත්‍ර මත තැන්පත් කරනු ඇත. සති 4කට පමණ පසුව පළමුවන පළිබෝධ පරම්පරාවේ කීටයින් මෙම කුඩා ක්ෂේත්‍ර තුළ දැකගත හැකිය. එවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන කෘමි නාශකයක් මෙම කුඩා ක්ෂේත්රවලට යොදා ඔවුන්ගේ ගහනය විශාල වශයෙන් විනාශ කළ හැකිය. එවිට මහා පරිමාණයේ වගා කරන බඩඉරිඟු බෝගයට පතිතවන සේනා දළඹු සලබයින්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වේ.
ආචාර්ය අයිවෝ ප්‍රනාන්දු

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
