පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ මෙම පුවත වාර්තා වූයේ මොංගෝලියාවෙන්. මෙම භික්‍ෂුන් වහන්සේ භාවනානුයෝගී ඉරියව්වකින් සිටියදී වයස අවුරුදු 200ක් පසුකර ඇති බවට හඳුනා ගත් බවටත් තොරතුරු වාර්තා වුණා. එසේම මෙම භික්‍ෂුන් වහන්සේ භාවනා කර ලබාගත් දුර්ලභ බලයකින් සිය සිත ‘දේදුන්න රාජ්‍යය’ නමැති දියුණු මානසික මට්ටමකට ගෙන ගොස් ඇති බවත්, එහි අදහස සිත පිරිසුදු, දීප්තිමත් ආලෝකයක් බවට පත්කිරීම බවත් එරට විද්වතුන් මත පළකර තිබේ.