වැද්දන් ගැන බලපු ප්‍රථම ලොක්කා

ඌව සහ නැගෙනහිර යන පළාත්වල වෙසෙන වැදි ජනතාව ගැන විවිධ පුවත් තුළින් ඇසූ මැකන්සි ආණ්ඩුකාර තැන ඔවුන් ගැන අනුකම්පා ඇතිකර ගත්තේය. පසුව එම ප්‍රදේශවලට ගොස් සොයා බලා තම ධනය නොමසුරුව වියදම් කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරවීමට ඉදිරිපත් විය. ඒ අනුව කැති, පොරෝ, උදලු ආදියත්, බිත්තර වී හා ධාන්‍ය වර්ගත් සපයාදී වැදි ජනතාවගේ ජීවිත යහපත් කරවීමට ඔහු කටයුතු කළේය.
වහල් මෙහෙය ඉවතට

වහල් සේවය ලංකාවෙන් ඉවත් කිරීම කලක සිටම කරමින් පැමිණියද එය උඩරට ආදී ප්‍රදේශවල පැතිරී තිබීම එතරම් සුබවාදී නැතැයි සිතූ කැමල් ආණ්ඩුකාරවරයා 1844දී වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු යැයි නීතියක් පැනෙව්වේය. එම නීතියත් සමගින් උඩරට එතෙක් පැවැත ආ වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම නැතිවී ගියේය. එය රට තුළ සුබවාදී වෙනසකට හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.
රජයේ මුදල්වලට කරපු දේ

රාජ්‍ය ලේකම්වරයා අනුමත කළ වැය ශීර්ෂවලට අයත් නොවූ රජය සතු අනෙකුත් මුදල් ගැන සොයා බැලීමේ බලය සහ ඒවා ගැන සාකච්ඡා කිරීම වියදම් කිරීම ආදී කටයුතු කිරීමේ බලය නීති කාරක මණ්ඩලයට ලබාදෙන ලද්දේ 1840දීය. එම බලය ලබාදීම අනුව රජයේ මුදල් යම් දෙයකට වියදම් කිරීමට බලය එම මණ්ඩලයට ලැබිණි.