• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

සීතාව සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…

October 11, 2021
in Mahawanshaya
A A
සීතාව  සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…

වසර දහස් ගණනකින් එපිට ඈත ඉතිහාසයේ එක් යුගයක හෙළයේ මහා රජු වූ රාවණයන් ලෝකයේ පාලන බලය පමණක් නොව විශ්වයේ පාලන බලයත් සිය විස්මිත හැකියාවන්ගෙන් ග්‍රහණය කරගෙන සිටියේය. රාවණයන් තමාට අවශ්‍ය ලෙස මේ ජීවී අජීවී බොහෝ වස්තූන් හසුරුවන්නට සමතකු වූවේය. හෙතෙම සිය අණසකට විශ්වයම නතු කරගෙන සිටි නිර්භීත රාජ්‍ය පාලකයකු සේ විරාජමානව සිටියේය.

මේ කාලයේ ඉන්දියාවේ රාම නම් කුමරකුගෙන් සිය නැගණියට සිදුවූවා යැයි කියන අපහාසයක් ගැන රාවණ රජු පසුවූයේ දැඩි කෝපයෙනි. කිසිවකුට නොදෙවැනි බල පරාක්‍රමයක් සහිත තමා ගැනත් නොතකා එලෙස ඉන්දීය කුමරකුගෙන් සිය නැගණියට අපහාසයක් සිදුවීම නොවිය යුත්තක් සේ රාවණ රජු සිතුවේය.

එකල ගුවනින් ගමන් බිමන් යෑමේ තාක්ෂණයක් සහ යානයක් හිමි ලොව එකම පාලකයා වූ රාවණ රජු රාමගෙන් පලිගන්නා අදහසින් යුතුව ගුවනින් ගොස් ඔහුගේ බිරිය පැහැරගෙන විත් සඟවා තබාගත්තේ දැඩි ආරක්ෂිත රැකවල් සහිතව කාන්තාවකට ලැබිය යුතු ගෞරව සහ ආරක්ෂාවත් සැපපහසුකමත් රාජකීය සත්කාරයනුත් නිසි අයුරින් ලබාදෙමිනි.

මේ අතර විශාල වානර සේනාවකගේ සහාය ලබාගනිමින් රාම කුමරු ලක්බිමට පැමිණෙන්නේ ඉන්දියාවත් ලංකාවත් යාකරමින් පාලමක් ඉදිකරගෙනය. ඉතා එඩිතර නිර්භීත පාලකයකු වූ රාවණ මේ කිසිවකින් නොසැලුණේය. ඔහු සීතාව දැඩි ආරක්ෂා සහිත සුවපහසු භූගත මාලිගා සංකීර්ණවල සඟවා තබන්නට කටයුතු කළේය. රාම කුමරුත් වානර සේනාවත් රටේ බොහෝ තැන්වල සීතාව සොයා ගියේය. එහෙත් ගුවනින් ගමන් බිමන් යන රාවණ හා සටන් කොට සීතාව සොයාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. රාම සහ පිරිවර කරන්නට සූදානම් වන්නේ මොනවාද යන්නත් ඔවුන්ගේ සැලසුමත් ක්‍රියාත්මක කිරීමට පෙර රාවණගේ විස්මිත බුද්ධියට හසුවීමෙන් රාම කුමරු ඇතුළු පිරිස දැඩි අපහසුතාවකට පත්වූ බව ජනප්‍රවාද ඇසුරේ සඳහන් වේ.

මේ අතරේ රාවණගේ විස්මිත බලය බිඳදමන්නට මඟක් සොයා ගන්නට නොහැකිව රාම ඇතුළු පිරිස අසරණ වෙද්දී වානර පිරිසේ නායකයාව සිටි හනුමාන් සිය වල්ගයට පහන් තිර ඔතාගෙන ඊට ගිනි තබාගනිමින් මෙරට එක් ප්‍රදේශයක්ම ගිනිබත් කරමින් ගහකොළ ගිනි තබමින් කටයුතු කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
එහෙත් භූගත මාලිගා සංකීර්ණවල විසූ රාවණ රජු ඇතුළු පිරිසට ඉන් කිසිදු හානියක් නොවුණද ගහකොළ දැවී පිච්චී අළු බවට පත්ව එතැන් පටන් එම ප්‍රදේශය කාන්තාරයක් බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම ගින්නේ බලපෑම මත හනුමා ගිනිතැබූ බිම යළිත් කිසිදු විශාල ශාකයක් හට නොගත් බවත් හනුමාන් දැඩි කෝප සිතින් එම කටයුත්ත කළ හෙයින් එම ශාපය මත එම බිමේ යළි වානර කුලයේ සතකුට යෑමට හෝ වාසයට ඉඩක් නොලැබෙන අයුරින් විශාල ගස් වැවීම නතරවූ බවටද විශ්වාසයක් වෙයි.

දීර්ඝ කාලයක් පුරා කාන්තාරයක් ලෙසින් පැවැති මේ බිම පසු කලෙක තණ බිමක් වශයෙන් වර්ධනය වෙමින් හෙළ භූමියේ තවත් සුන්දර ඉසව්වක් බවට පත්ව ඇති අතර හනුමා විසින් ගිනිතැබූ මොහොතේ මහා එළියක් අහස් කුසට නැගි බැවින් මේ බිම මහඑළිතැන්න නමින් හඳුන්වා ඇති බවත් ජනප්‍රවාදයේ එයි.

හෝර්ටන්තැන්න සතු කාන්තාරයක්ව පැවැති පසු කාලයේ විවෘත තණ බිමක් වූ මේ ඉසව්ව අද වන විට දෙස් විදෙස් කාගේත් ඇස සිත පිනවන අපූරු ඉසව්වක් වී තිබේ. රාමා සීතා රාවණා ගැන මහා රහස් ගොන්නක් සඟවාගෙන අදටත් නිහඬව හිඳිනා මේ බිම තවත් වසර දහස් ගණනක් යන තුරුත් ඒ රහස් රකිනු නිසැකය.

1969 දෙසැම්බර් 05 වැනි දින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු හෙක්ටයාර 3,160ක් පමණ පැතිර පවතින මෙම ප්‍රදේශය ඇතුළත් හෝර්ටන් තැන්න හෙළ බිමේ තවත් විස්මිත පිහිටීම් රැසක් සහිත කලාපයකි. ඒ අතර ලංකාවේ දෙවැනි උස සහිත කිරිගල්පොත්ත (මීටර් 2,393) කිලෝමීටර් හතරහමාරක් පමණ පාගමනින් ගොස් ළඟාවිය හැකි පුංචි ලෝකාන්තය (මීටර් 274ක බෑවුම) ආදී බොහොමයක් සුවිශේෂ විස්මිත පිහිටීම් මේ අපූරු බිමට සම්බන්ධව පවතී.

හනුමා මේ බිමට ගිනිතැබුවේ මේ ආසන්නයේ රාවණගේ ප්‍රධාන භූගත මාලිගා සංකීර්ණයක් තිබූ නිසා බවටත් විවිධ ජනප්‍රවාදයන් තුළ සඳහන්ව ඇත. එහෙත් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ සැඟවුණු ඒ රහස් මතුවටත් රහසක්ව තබාගන්නට මහඑළිතැන්න නිහඬව හෙටත් බලා සිටිනු ඇත.

කුමාර රත්නායක

Share165Tweet103SendShare41
Previous Post

මහින්දලාට දුන් ගුරු සංගම් සාකච්ජාව මහින්දම කල් තියයි! (VIDEO)

Next Post

SINGER SIGNATURE නවතම Concept Center කොළඹදී විවෘත වේ

MORE NEWS

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net