පාසල සහ ඉගෙනීම්

සිංහල දෙමළ පාසල් හා සමානවම ඉංග්‍රීසි පාසල් ඇතිකිරීම මගින් ඉංග්‍රීසි පන්නයට සිතීමට හුරුවූ මහ ජනයා බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලවලටද ගොස් ඉගෙනුමට පටන්ගත් අතර එයින් එරට මුක්තිවාදී අදහස් මෙරටට ගෙන ඒමක්ද සිදුවිය. ඒ හා සමගම ඉංග්‍රීසි පත පොතින්ද එම අදහස්ම මෙහි ප්‍රචලිත විය.
කුල භේදය ඉවතට

ඉංග්‍රීසි ඉගෙනීම මත ඇතිවූ නව මධ්‍යම පන්තිය නිසා මුලින් තිබූ රදළ ගොවි කුල භේදයද පන්ති භේදයද පසෙකට තල්ලු විය. මේ අලුත් පන්තියේ අය රටෙහි ප්‍රධාන තැන්හි බලය ලත් අය බවට පත්වීමත් යම් යම් පාලන බලතල ලැබීමත් මත අනෙකුත් පිරිස් අතරද මේ අලුත් පන්තියට පිවිසීමේ ආශාවන් ඇතිවීම සිදුවිය.
විද්‍යා දැනුම

ඉංග්‍රීසි අධ්‍යාපනය සමග අතිවූ නව පන්තිය කෙරේ උනන්දු වෙමින් බටහිර විද්‍යාවන් සහ තාක්ෂණය දැනුම මෙරටට ගෙන ඒම මත ඒවා කෙරෙහි ජනතාව උනන්දු කරවමින් ජනයා තුළ නව ගමනකට සිතුවිලි ඇති කරවීය. ඒ අනුව බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය ක්‍රම, නීති ක්‍රම, රෝම ග්‍රීක ආදී භාෂා කෙරෙහිද ජනයා උනන්දු වීය. මේ නව අදහස් සමග ජනයා තුළ යම් මතවාදී වෙනස්කම් සිදුවීම නිතැතින්ම සිදුවිය.