• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
in Mahawanshaya
A A
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

අනංගයා, මල්සරා එහෙමත් නැත්නම් ආදරයට, ප්‍රේමයට, කාමයට අධිපති මිනිස් සිත තුළ රාගී හැඟුම් ඇතිකරවීමේ වගකිව යුත්තා මල්සරා යැයි කියයි. විටෙක තම සිතැඟි පරිදි විරුද්ධ ලිංගිකයකු වසඟ නොවූ කල අපට තව මල්සරා විද නැතැයි කටකතාවට කියන පුරුද්දක්ද වෙයි. කෙනකු ඕනෑවට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි යොමුවන විටද එහි වගකීම භාර කරන්නේ මල්සරාටය. කල වයස ගෙවීයන තුරු විවාහයක් හරි නොයන විටද මල්සරාට බැණවදින්නෝ අනන්තවත් සිටිති. ගැහැනුන් පිරිමින් තුළ රාගය ඇතිකරන්නට සමත් වන්නේද මල්සරාම බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. මල්සරා තම අත නිතරම උක්දඬු දුන්නක් සහ මල්හී සරයක් තබාගෙන සිටින බවත්, සුදුසු පුද්ගලයන් දුටු විට වහා ක්‍රියාත්මක වී හීසර විදින බවත් ජන විශ්වාසයයි. ඇතැම් ගැහැනුන් පිරිමින් අධික ලෙස කාමාශා ඇතිව කටයුතු කිරීමත් බොහෝ අය කෙරේ පෙමින් බැඳීමත් අනංගයාගේ හීසර නළලට වැදීමෙන් සිදුවන්නක් බවටත් ජනප්‍රවාදයන්හි එයි.

එසේ බලන විට මල්සරා යනු ලෞකික ජීවිතය රසවත් කරවන ගැහැනුන් පිරිමින් අතර සබඳතා ඇතිකරවන අයෙකි. මල් හීසර වැදුණු පසු ගැහැනුන්ට පිරිමින් නොමැතිවත්, පිරිමින්ට ගැහැනුන් නොමැතිවත් වෙසෙන්නට බැරි බවයි පැවසෙන්නේ.

රාගයට කාමයට ආදරයට සම්බන්ධ මල්සරා යනු කාමාවචර දෙව්ලොවට අධිපති බවටත් විශ්වාසයක් ජනප්‍රවාදයේ එයි. මේ කාම ලොව බලවතා මෙරට සුවිශේෂ ස්ථානයකදී ඔබට දැකබලා ගන්නට ලැබෙන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. එම ස්ථානය වෙන කොහේවත් නොව තොටගමුව විහාරයයි.

ඔබට ඇතිවන ඊළඟ ප්‍රශ්නය විහාරයකට අනංගයා ආවේ කුමටද, කෙලෙසකද යන්නය. ඒ පිළිබඳ මතවාදයන් රාශියකි.

තොටගමුව විහාරය සතුව අලුත් විහාරය සහ පරණ විහාරය ලෙස වෙන් කළ පිළිම ගෙවල් දෙකක් ඇති අතර, මෙහි අලුත් විහාරය මහනුවර රාජධානි සමයට අයත් වන්නක් බව හඳුනාගෙන තිබේ. එහි විහාරයට ඇතුළු වන ශාලාවේ සිට විහාර ගර්භයට පිවිසීම සඳහා ඉදිකළ දොරටු දෙකකි. ඒ සඳහා විශාල මකර තොරණ දෙකක්ද ඉදිකර තිබේ. මේ සුවිශේෂ මකර තොරණ දෙක අතර ස්ථානයේ අනංග දේව ප්‍රතිමාව ඉදිකර තිබෙනු දැකගත හැකිය. ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි මේ අනංග දේව ප්‍රතිමාව තොටගමුව විහාරයට පමණක් ආවේ කෙසේද යන්න පිළිබඳ මත රාශියකි. ඇතැම් විට මල්සරා, කාමාවචර දෙව්ලොවට අධිපතිව හිඳ කාමයට මුල්ව කටයුතු කර බුදුහිමියන්ගේ බුද්ධත්වයට බාධා කළ අයකු සේ සලකා මොහුගේ මූර්තියක් විහාරය තුළ ඉදිකරන්නට ඇතැයි මතයක් ගොඩනැගෙන අතර, තවත් මතයක් වන්නේ මෙම අනංග මූර්තිය අනෙක් මූර්ති මෙන් බිත්තියෙන් වෙන්ව නොසාදා බිත්තියට අල්ලා සෑදීමෙන් විහාරය තුළදී කාමය රාගය මෙල්ල කෙරෙන බව හැඟවීමට උත්සාහ ගත් බවයි. කෙසේ නමුත් මෙම අනංග රූපය කුමන අදහසින් මූර්තිමත් කළද තොටගමුව විහාරය අන් සියලු විහාර අතර විශේෂිත විහාරයක් කරන්නට මෙම මූර්තිය සමත්ව ඇති බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි තොටගමුව විහාරය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා සබඳතා ඇති බවට පැවසේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී සිදුවූ බව කියන සුනාමි තත්ත්වයකදී පොළෝ තලය මුහුදට බිලිවීම වළක්වා ගැනීමට තොටගමු විහාරයේ දිසා පිළිමවහන්සේ වඩාහිඳුවා ලක්බිම බේරාගත් බවට මතයක් වෙයි. ඒ බව ගිරා සංදේශයේද සඳහන් කර ඇත.

දේවානම් පියතිස්ස රජුගේ සොයුරු මහානාග කුමරු මෙම විහාරය කරවූ බවටද ජනප්‍රවාදයේ එයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩවිසූ විහාරය මෙය නිසාම මෙරට අතිශය ප්‍රසිද්ධියක් උසුලන අතර 15 වැනි සියවස වන විට උසස් විද්‍යා පීඨයක් ලෙස පැවත ඇත. එමෙන්ම යටත් විජිත සමයේ ජරාජීර්ණ වූ විහාරය නැවත කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ප්‍රතිසංස්කරණය වූ බවද පැවසේ.

කෙසේ නමුදු දෙස් විදෙස්හි ප්‍රසිද්ධියට පත් ශ්‍රී රාහුල හිමියන් මෙන්ම උන්වහන්සේ වැඩවිසූ මෙම විහාරයද දෙස් විදෙස්හි ප්‍රසිද්ධව ඇති අතර ඊට බලපෑ තවත් සාධකයක් ලෙස මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

කුමාර රත්නායක

Share77Tweet48SendShare19
Previous Post

ජනාධිපති ඉන්න අන්තර්වාර හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවලින් වැඩක් නෑ! ගෝඨා කියන්නේ මෝඩ තකතීරු අඥාන පුද්ගලයෙක්! (VIDEO)

Next Post

හෙට අරලිය ගහ මැදුරට මහසෙනගක්! පාගමනින් ජනපති මැදුරට යන්න සියල්ල ලෑස්තියි!

MORE NEWS

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
මරියානාවෙන් මතු වී ලෝකයම මවිත කළ අද්භූත සතා…
Exclusive

මරියානාවෙන් මතු වී ලෝකයම මවිත කළ අද්භූත සතා…

April 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Exclusive

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022

තමන් සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම හොද ඩීල්කාරයන් බවත්, ඩීල් නොකර...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net