මැකන්සි සහ ආදිවාසීන්

එදා ඌව නැගෙනහිර යන පළාත්වල වනගතව ජීවත්වූ ආදිවාසීන් ගැන දැනගත් මැකන්සි ආණ්ඩුකාරවරයා කනගාටුවට පත්ව වහාම ඔවුන්ගේ තත්ත්වය නඟාසිටුවිය යුතු බවට තීරණය කර, වැදි පත්තුවට ගොස් පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගත්තේය. ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට අවශ්‍ය දේත්, සෞඛ්‍ය හා යටිතල පහසුකම් ආදිය වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය පියවරද ඔහු විසින් ගනු ලැබීය.
කැමල් සහ වහල්ලු

කලකට පෙර වහල් මෙහෙය ලංකාවෙන් ඉවත් කළද කැමල් ආණ්ඩුකාරවරයාගේ කාලය වන විටද වහල් මෙහෙය විවිධ ආකාරයෙන් දැකගත හැකි විය. එහෙයින් 1844දී නීතියක් පනවා වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට කටයුතු කෙරිණි. ඒ අනුව ඉන් පසුව වහල් මෙහෙය ලංකාව තුළ දැකගත නොහැකි වූයේ කැමල් ආණ්ඩුකාරවරයා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ නිසාය.
මැකන්සි සහ පිස්සන්

මෙරට තුළ උමතු රෝගීන් පිළිබඳ යම් අවධානයක් යොමුකළ මැකන්සි ආණ්ඩුකාරවරයා ඔවුන්ට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බව දැන, ඊට කළ හැකි දේ සොයා බලා වහාම ඒ සඳහා පියවර ගැනීමට අවශ්‍ය බව තීරණය කළේය.
ඒ අනුව කොළඹ උන්මත්තක ආරෝග්‍ය ශාලාව ඉදිකිරීමට කටයුතු කළ එතුමා එතෙක් අසාධාරණයකට ලක්වූ බොහෝ පිරිසකට සාධාරණයක් සැලසීය.