Connect with us
Advertisement
e-News Paper

Mahawanshaya

මෙතෙක් හෙළිනොවූ අපායේ නීති පොත…

Published

on

හැම නීතියක්ම අකුරටම ක්‍රියාත්මකයි…
රජුගේ හිතුමතේට දඬුවම් දීම් නැත…

යම රජු පොළොවෙන් යට පාතාල ලෝකයේ අධිපති රජුය. මොහු මරණයට අධිපති මාරයා ලෙසද හඳුන්වයි. පරලොවට හෙවත් සතර අපායටම අධිපතිද වේ. බලය, ශක්තිය අතින් සෑම දෙනාටම වඩා ඉදිරියෙන් සිටින යම රජු අපාය, නරකාදිය යන පර්යාය පදවලින් හඳුන්වන පාතාල ලෝකයේ අණසක පතුරුවන්නා වේ. මනු ලොවින් මියයන ප්‍රාණකාරයන් පිළිබඳ යම් යම් තීරණ ගැනීමේ හැකියාව යම රජුට ඇත. එම තීරණ අපාය තුළ ක්‍රියාත්මක කරන්නේ යම දූතයන් හෙවත් චරපුරුෂයන්ය. යම රජුගේ වාසභවන හෙවත් බළකොටුව පිහිටා ඇත්තේ චේකරනී නම් අපාය සමීපයෙහි ඇති උස්සද නිරයෙහිය. එහි සිට යම දූතයන්ට ප්‍රාණීන්ට දිය යුතු දඬුවම් තීරණය කරයි. මෙම යම දූතයන් ඉතා බලවත්ය. මෙම යම දූතයන් යම රජුගේ සිතැඟි පරිදි ඕපපාතිකව බිහිවේ. සියැසින් දුටු විට සිහිමුර්ඡා වන තරමට මෙම යම දූතයන් අති භයංකරය.

දඬුවම් දීම යම රජුගේ හිතුමතේට සිදු නොවේ. ප්‍රාණකාරයා මනුලොවේදී කල කුසලාකුසල කර්ම නිරීක්ෂණයෙන් පසු සුදුසු දඬුවම් නියම කරයි. එම කුසලාකුසල කර්ම නිරීක්ෂණය කරන ක්‍රමවේදයක්ද පවතී. යමෙකු ආයුෂ ඉවරවී යම රජු විසින් ඔහු අපායට ගෙන්වා ගත් විට ඔහු කළ පින් පව්, කුසල් අකුසල් නිවැරැදිව ‘අග්‍රසන්ධානි’ නම් පොතෙහි එක පෙළට සටහන් කරනු ලබයි. මෙම අග්‍රසන්ධානි නම් පොත යම රජුගේ කාර්යභාරය සටහන් කරන පොතයි. මෙම පින් පව් සටහන එහි තබනු ලබන්නේ ‘චිත්‍ර ගුප්ත’ නම් යම රජුගේ දූතයාය. යම රජු ඉදිරියේ එම පෙළ ගැසූ කරුණු ඉදිරිපත් කරනුයේද චිත්‍ර ගුප්ත විසිනි.
යම රජු හදවතේ දයාව කරුණාව පිරි අයකු වේ. එනිසාම සෑම විටම බලනුයේ අපායට පැමිණෙන ප්‍රාණකාරයා කෙසේ හෝ අපායෙන් චුතකර යැවීමටය. ඒ සඳහා යම රජු ඔහු හෝ ඇය සමග සුහද පිළිසඳරක යෙදේ.

එහිදී තමා කළ පව්කම්, අකුසල කර්ම ගැන අවංකවම, නිහතමානීව පසුතැවෙන, පාපොච්චාරණය කරන අයට යම රජුගේ සමාව, ගෞරවය හිමිවේ. ඔහුන්ට අපායෙන් ආරක්ෂිතව චුත කිරීමසිදුකරයි. නමුත් යම රජු රැවටීමට, වංචා කිරීමට සිතන ප්‍රාණීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක්ද යම රජු සතුය. යම රජුගේ ඇස් සාමාන්‍ය නොවේ. ඒ තුළ ඇත්තේ කාක වර්ණ මැණික් ගල් දෙකකි. එම මැණික් ගල් දෙකෙන් ඕනෑම ප්‍රාණියකුගේ සිත කියැවීමේ හැකියාව යම රජුට ලැබේ. එසේ වංචා කරන ප්‍රාණීන්ට යම රජුගෙන් කිසිදු සමාවක් නැත. දඬුවම උපරිමයෙන් ලබාදේ. භයංකර යම දූතයන්ට එම පුද්ගලයාව භාරදීම සිදුකරයි. යම දූතයන් මුලින්ම ප්‍රාණියාව ලෝදිය හැලියට දමා තම්බා දඬුවම් දීම ආරම්භ කරයි. ඉන් පසුව නිරයේ පහළටම ඇදගෙන යනු ලබයි. පොත්පත්වල සඳහන් වන පරිදි යම රජු ප්‍රාණියා කළ පින්කම් ඔහුට හෝ ඇයට මතක් කරදී චුතකරනුයේ දේව ශ්‍රියාව ඇති යාමයනම් වාසභූමිය වෙතය.

අකුසල කර්ම බොහෝ රැස් කරන පුද්ගලයන් මරණාසන්න වූ විට ඔවුන්ගේ ආත්මය අපාය කරා ගෙන්වා ගැනීමට යම රජු යම දූතයන් පිටත් කර එවනු ලබයි. එම යම දූතයන් සමග දීන බල්ලන් හෙවත් දඩ බල්ලන්ද පැමිණේ. මෙම දීන බල්ලන් ‘සරමියා’ බල්ලන් ලෙස නම් කරයි. මෙම සරමියා බල්ලන් ඉතා භයංකරය. යම දූතයන්ගේ අණ පරිදි එම බල්ලන් මරණාසන්න පුද්ගලයා වෙත හඹා ඒම සිදුවේ. එය මරුවිකල්ලෙන් දකින පුද්ගලයා බිය වේ. කෑගසයි. විවිධ විකාර දේ දොඩවයි. අත් කකුල් ශක්තිමත්ව අත් නම් ඇඳෙන් පැන දිවීමද සිදුකරයි. නමුත් එම දීන බල්ලන්ගෙන් ඔහුට ගැලවීමක් නැත. ජන්මියා මියගිය පසු සරමියා බල්ලන් ඔහුව හෝ ඇයව අපාය වෙත ඇදගෙන යෑම සිදුකරයි. සරමියා බල්ලන් හා යම දූතයන් යටත් වන්නේ යම රජුගේ අණට පමණි.

නිතර පව්කම් කරන, අකුසල කර්ම කරන මිනිසුන් සිටින නිවෙස්වලට නිතර බල්ලන් හෙවත් සරමියා බල්ලන් පැමිණීම සිදුවේ. සරමියා බල්ලන් ගෙදරට පැමිණි බව මුලින්ම දකින්නේ ගෙදර සිටින බල්ලාය. එවිට එම බල්ලා උඩුබුරන්නට පටන් ගනී. පැරැන්නන් බල්ලන් උඩුබිරීම බොහෝ අශුභ දෙයක් ලෙස සැලකුවේ එනිසාවෙනි. බල්ලන් උඩුබිරීම මරණයක පෙරනිමිත්තක් ලෙසද ආදිවාසීහු සැලකූහ. මනු ලොවින් චුතවූ පුද්ගලයා යම ලෝකයට පැමිණ මනුලොව වේලාවෙන් පැය 4ක් පමණ යම රජු සමග නඩු විභාගයට පෙනී සිටී. එය යම ලොව වේලාවෙන් නිමේෂයක කාලයකි.
යම රජු වෙමාන ප්‍රේත හෙවත් වේමානික ප්‍රේතයෙක් වේ. වේමානික ප්‍රේතයන් කුසල කර්ම හේතුවෙන් දවසේ අඩක් දේව විමානවල දිව්‍ය සැප විඳී. දවසේ අනෙක් අඩ ප්‍රේතයෙක් වශයෙන් දුක් විඳී. වේමානික ප්‍රේතයන් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ වාසය කරයි. දවසේ දුක් විඳින අර්ධය තුළ යම රජු අපායට පැමිණේ.

යයන ඕනෑම සත්වයකු තල 31න් එකක උප්පත්තිය ලබයි. රූපාවචර බ්‍රශ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4, දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝක 1 හා අපාය 4 ජීවියකු උපදින එම තල 31 වේ. යම රජු අධිපතිත්වය දරන්නේ කාම ලෝකයට අයත් දුගති භූමි 4ටය. අපාය යනු සැපයෙන් පහ වූ ස්ථාන යන්නයි. එවැනි අපායන් 4කි. අසුර, ප්‍රේත, තිරිසන්, නිරය යනු ඒවා වේ. සතර අපාය වන්නේ එයයි.

අසුර ගනයට විනිපාතික, වේමානික, ලෝකාන්තරික, කාලකප්පිත, පාංශු පිසාච යන කොටස් අයත් වේ. මෙයින් කාලකප්පිත හා පාංශු පිසාචයන් ප්‍රේත, අසුර ගනයට වැටේ. අසුරයන් ඕපපාතිකව උපදියි. ප්‍රේතයන්ට සමානය. අසුරයන් පහළවන්නේ ප්‍රේතයන් ලෙස මිනිස් ලොව තුළ නොව ඉන් බැහැරවය. ප්‍රේතයන්ද මිනිස් ලොව ඇසුරු කරගෙන ඕපපාතිකව උපදියි. ප්‍රේතයන් කොටස් 4කට බෙදේ. පියාසික, පුප්පියාසික, නිජ්ඣාමතත්නික හා පරදත්තුපජීවී යනුවෙනි. පිසාච ප්‍රේතයන් අපිරිසිදු ස්ථානවලද, පුප්පිපාසිත ප්‍රේතයන් ගංගා, ඇළ දොළ ආශ්‍රිතවද, ශරීරය ගිනිගෙන දැවෙන නිජ්ඣාමන්නික ප්‍රේතයන්ද ජලය ඇති ස්ථානවලද, පරදත්තුප ජීවී ප්‍රේතයන් පින් පෙත් ගැනීමට ආශාවෙන් වෙහෙර විහාර, සිසිල් ස්ථාන ආශ්‍රිතවද උප්පත්තිය ලබයි.

මිනිස් ඇසට පෙනෙන එකම අපාය තිරිසන් අපායයි. අප අවට සිටින අපා, දෙපා, සිව්පා, බහුපා, උරග ජීවීන් මෙන්ම ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ද මේ ගනයට වැටේ ඇතැම් සතුන් මව් කුසින්, බිත්තර මගින් බිහිවන අතර ඇතැම් තිරිසන් සත්වයන් ඕපපාතිකවද බිහිවේ. සතර අපායෙන් අවස්න අපාය නිරයයි. එය මිනිස් ලොවින් බැහැර පිහිටන අතර ජීවීන් ඕපපාතිකව උපදියි.

නිරය යනු සංකීර්ණ පද්ධතියකි. මුලින්ම ඇත්තේ අටමහා නිරයයි. එය මහා නිරයකට එක්පසෙකින් කුඩා නිර 4 බැගින් එම නිරයේ හතර පස කුඩා නිර 16කි. එලෙස අටමහා නිරය වටා කුඩා නිර 128ක් ඇත. ධර්මයේ සඳහන් වන්නේ අටමහා නිරය දඹදිව මධ්‍ය මණ්ඩලයේ ජයශ්‍රී මහා බෝධිය පිහිටි භූමිය යට එකක් යට එකක් ලෙස පිහිටා ඇති බවයි. එම අටමහා නිරයේ එක් නිරයක ඇති දොරටු හතරෙහි යම රජවරු හතර දෙනකු සිටිති. එලෙස නරකාදි අටේම යම රජවරු තිස් දෙදෙනකු එහි දොරටු පාලනය කරති. යම ලොව ආයුෂ අති දීර්ඝය. අඩුම ආයුෂ ඇත්තේ අටමහා නිරයෙන් පළමු නිරය වූ සංජීවයේය. ඒ අපාය වර්ෂවලින් අවුරුදු 500කි. සංජීව නිරයේ එක් දිනක් මනුෂ්‍ය වර්ෂ අනූලක්ෂයකි සංජීව නරකය මනුෂ්‍ය ලෝකයට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇති බව ධර්මයේ සඳහන්ය.

අටමහා නිරයෙන් දෙවැනි නිරය වන කාලසූත්‍රය, සංජීව නරකයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂ 1000කි. මනුෂ්‍ය වර්ෂවලින් වර්ෂ තුන්කෝටි හැටලක්ෂයකි. සංඝාත නරකය, කාලසූත්‍ර නරකයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂ 2000කි. එය මනුෂ්‍ය වර්ෂවලින් දාහතර කෝටි හතළින් ලක්ෂයකි. රෞරව නරකය, සංඝාත නරකයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂ 4000කි. එය මනුෂ්‍ය වර්ෂවලින් පනස් හත් කෝටි හැට ලක්ෂයකි. මහා රෞරව නරකය, රෞරව නරකයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂවලින් වර්ෂ 8000කි. එය මනුෂ්‍ය වර්ෂවලින් නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයකි. තාප නරකයද අනෙක් නරක මෙන් මහා රෞරව නරකයට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂ 16,000ක් වේ. මනුෂ්‍ය වර්ෂ කිව නොහැකි ප්‍රමාණයකි. ප්‍රථාප නරකය, තාප නරකයට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. ප්‍රතාපයේ ආයුෂ අපාය වර්ෂ අනන්ත කල්ප 1/2කි. අවස්න නිරය වන අවීචියද ප්‍රතාප නරකයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටා ඇත. එහි ආයුෂ අපාය වර්ෂවලින් අන්තඃකල්පයකි. මනුෂ්‍ය වර්ෂවලින් බුද්ධාන්තරයක් ලෙස දැක්වේ.

යම රජු අධිපති ධුරය දරන අටමහා නිර මෙන්ම ඔසුපත් නිරද 128ක් පවතී. ප්‍රාණීන්ට බොහෝ ආදරය කරුණාව දක්වන යම රජගේ මව හා පියා දෙවිවරුන් සේ සලකති. තාවතිංස දෙව්ලොව උපන් විමස්වන් දෙව් පියා ලෙසත්, විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ දුව, මව ලෙසත් සලකනු ලබයි. යම රජුගේ නැගණිය යමිස්වන් වේ. ඇය යම රජු වෙසෙන බළකොටුව මුරකරනු ලබයි.
මෙම අටමහා නිරයට හා ඔසුපත් නිර 128ට අමතරව තවත් නිර 4කට යම රජු අධිපතිත්වය දරයි.

එම නිරද යම රජු අතින් පාලනය වේ. ලෝකාන්තරික, ලොහොකුඹු, චේතරනි නම් ගංගා නිරය හා කටු ඉඹුල් වෘක්‍ෂාකාර නරකය එම නිර 4 වේ. මෙම නිර සතරේ අධික අඳුරක් පවතින අතර හිරුගේ හෝ සඳුගේ ආලෝකය නොලබයි. එයට හේතුව වන්නේ චක්‍රාවාට 3ක් පිහිටි තැන ඒ අතර මෙම නිර නිර්මාණ්‍යවන නිසාය. මෙම නිර තුළ දැඩි සීතලක් ඇත. මෙම නිර හතරෙහි ඇති අඳුර නැතිවී ආලෝකවත් වන්නේ බුදු කෙනකු ලොව පහළ වූ විටය. එතෙක් එහි වෙසෙන ප්‍රාණීන් අඳුරෙහි, සීතලෙහි යමපල්ලන් දෙන දුක් කරදරවලට පත්වී මැරි මැරී ඉපදි ඉපදී අකුසල බලය අවසන් වන තුරු විඳවනු ලබයි. මෙහි ආයුෂ මනුෂ්‍ය වර්ෂවලින් ගිනිය නොහැකිය.

පෙනුවෙන් රුදුරු බවකුයි නිති දිස්වන්නේ
දුක පමණක් හිමි නිරයෙහි වැඩ ඉන්නේ
කරුණා සිතින් හැම දෙන ඉන් මුදවන්නේ
යම රජු ඔබයි පර ලෝකෙට රජු වෙන්නේ

– ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Exclusive3 hours ago

දුමින්දට වුණේ අසාධාරණයක්! සමාව දීම සාධනීය තත්ත්වයක්!! නාමල් දුමින්ද වෙනුවෙන් එළියට එයි!!!

Exclusive3 hours ago

තාත්තගේ උපන්දිනේට සජිත් පුතාගෙන් බලපිටි රෝහලට ලක්ෂ 36ක තෑගි! (VIDEO & PHOTO)

Exclusive3 hours ago

මරණ 45ක්! ආසාදිතයන් 1917ක්!

Exclusive3 hours ago

හිරගෙවල්-නීතිය-විනිසුරන් මොකටද? හිරුණිකා ජනපතිට ලියුමක් යවයි!

Exclusive4 hours ago

තෙල් මිල පහළ දැමීම ගැන ඉහළ පෙළේ සාකච්ජාවක්!

Exclusive5 hours ago

දුමින්දගේ නිදහසින් පසු මරණ දඩුවම නියම වූ 70ක් වර්ජනයක් අරඹයි!

Exclusive6 hours ago

දුමින්දට නිදහස දුන් ක්‍රමවේදය පැහැදිලි කරන්න: නීතීඥ සංගමය ජනපතිට ලියයි!

Exclusive8 hours ago

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්!

Exclusive9 hours ago

දුමින්දට දුන් නිදහස අමෙරිකාවෙන් හෙළා දකී!

Exclusive9 hours ago

මහින්ද පෙහෙවස් සමාදන් වෙයි!

Exclusive9 hours ago

ශිරන්ති පොසොන් දවසෙ ‘මෙත් මල් පිබිදේවා’ කියයි! (VIDEO)

Exclusive9 hours ago

නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා! දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක්!

Exclusive11 hours ago

‘ඝාතකයා නිදැල්ලේය… යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත! -භාරතගේ බිරිය විරෝධය පායි!

Exclusive11 hours ago

දුමින්ද එළියට එන ෆොටෝ මෙන්න! (PHOTOS)

Heart11 hours ago

කාලයත් එක්ක හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි…

Exclusive12 hours ago

ප්‍රසිද්ධ නිළියක් එක්ක ලිංගික දර්ශන කතා කළ ‘මහාචාර්ය සුනිල් ආරියරත්න’ රිමාන්ඩ්!

Exclusive13 hours ago

බැසිල් ආවා.. දැන් සහන දෙනවා… ඇමැති ලන්සා කටුනායක සිට කියයි! (VIDEO)

Exclusive13 hours ago

විශේෂ ජනපති සමාවකින් දුමින්ද නිදහස්

Exclusive14 hours ago

බැසිල් පිළිගන්න ප්‍රසන්න-ලන්සා ගිහින්!

Exclusive15 hours ago

රනිල් සජිත්ට කරන්න යන දේ ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්!

News

One of the best Sri Lanka Latest News Website AKA mawratanews.lk. Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.
Solution by hodama