1796 ලන්දේසි උසාවි

1796 ජුනි 01 ලන්දේසි උසාවි නැවත ඇතිකිරීමට කටයුතු කෙරිණි. එහෙත් ලන්දේසි විනිශ්චයකරුවන් බි්‍රතාන්‍යය යටතේ රාජකාරි කිරීමට අකැමැති වීමෙන් මේ කටයුතු නැවැතිණි. 1797දී ගාල්ලේ උසාවිය අවුරුද්දකට පමණක් ක්‍රියාකාරී විය. කොළඹ සාධාරණතා උසාවියක් ඇති කළද එයද නැවතිණි. මේ කටයුතු සඳහා ලන්දේසීන් බි්‍රතාන්‍යයන්ට පක්ෂව දිවුරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අලුතින් ඇතිකිරීමට යෝජිත ඉඩම් උසාවිද නතර විය.
1799 ශ්‍රේෂ්ඨාධිකරණ අපරාධ උසාවි

1799දී ආණ්ඩුකාර තැන මහලේකම් හමුදාපති හා ජේම්ස් ඩන්කින් නම් අධිනීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයක් ආරම්භ කරන ලදී. යාපනය, ගාල්ල හා කොළඹ සිවිල් උසාවිද ලැන්ද්‍රාද් නම් ඉඩම් උසාවි කොළඹ, මීගමුව, හලාවත, පුත්තලම, මඩකළපුව, මන්නාරම, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල හා කළුතරද ඇතිකළ අතර, එයින් ඇපැල් ඇසීමට ආණ්ඩුකාරයා ප්‍රධාන ඉහළ හා පහළ ඇපැල් උසාවි දෙකක්ද ඇතිවිය.
1801 විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණය

1801දී ලංකාවේ විනිශ්චයකරුවන් දෙදෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයක් පිහිටුවන ලදී. මෙහි සේවය කළේ එංගලන්තයේ හෝ අයර්ලන්තයේ පස් අවුරුද්දක් සේවය කර පළපුරුද්ද ඇති අධිනීතිඥයෝය. ඔවුන්ගේ පත්වීම් රජු අණින් ලේඛන පිටකරන ලදී. එම ආකාරයට පත්වීම් ලද්දේ ආණ්ඩුකාර තැන පමණක්ම වීමද විශේෂත්වයකි. යුරෝපීය හා දේශීය අය සම්බන්ධ නඩු ඇසීමට මේ අධිකරණයට බලය තිබිණි.