ජනයාට දේශාපාලනය පුහුණු කළ නාගරික සභා

1866දී කොළඹ හා මහනුවර නාගරික සභා ඇති විය. ඉන් පසු වසරේ ගාල්ලේද නාගරික සභාව පටන්ගන්නා ලදී. ඒ අනුව 1870දී එඩින්බරෝ අදිපාදවරයා අතින් කොළඹ නාගරික සභා ශාලාවේ මුල්ගල් තැබිණි. බෝවන රෝග වැළැක්වීමත්, සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමත් අරමුණු කරගෙන ඇරැඹි නගර සභා ඉතා කෙටි කාලයකින් දියුණු තියුණු විය. මෙමගින් දේශපාලනය ගැන ජනතාවට මනා පුහුණුවක්ද ලැබුණේය.
අධ්‍යාපනය නැවුම් කළ රොබින්සන්

රොබින්සන්ගේ කාලයේදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙකල අධ්‍යාපන මට්ටම ඉතා සතුටුදායක මට්ටමක නොවූ නිසා 1865දී ඒ පිළිබඳ කොමිසමක්ද පත් කරන ලදී. ඒ අනුව ආරම්භ කළ ස්කූල් කොමිසම අවලංගු කොට 1869දී ජන ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවූ අතර, එමගින් අධ්‍යාපන සේවයේ නියුතු අති විශාල පිරිසකට අනගි සේවාවක් සැපයිනි.
ලෙඩ්ඩු මට්ටු කරන්න 1870 ආව වීරයෝ

එවකට පුහුණු වෛද්‍යවරයන් අඩුවීමෙන් දැඩි ලෙස රෝගීන් අසීරුතාවට පත්විය. විදෙස් විද්‍යාලවල පමණක් වෛද්‍ය උපාධි සහ පත්වීම් සඳහා සුදුසුකම් සැපිරීමේ අවස්ථා උදාකර තිබූ අතර අවසානයේ 1870 කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම නිසා එතෙක් පැවැති වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් ලැබිණි. ඒත් සමගම සිදුවූ අනෙක් වටිනා කාර්යය නම් 1872 පවුම්, සිලිං, පැන්ස ව්‍යවහාරය වෙනුවට දශම සහ රුපියල් ශත භාවිත කරන්නට කටයුතු කිරීමය.