• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?

October 2, 2021
in Exclusive, Mahawanshaya
A A
අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?

‘රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය. රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.’

දිනය දැනට වසර කිහිපයකට පෙර උදාවූ කෙම්මුර දිනයකි. ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වී පැමිණි අනුරාධපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සිය නිවෙසේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ කලබලයෙනි. ඒ, වෙනදාටත් වඩා ප්‍රමාද වී නිවෙසට පැමිණෙන්නට සිදුවූවාටත් වඩා තමාගේ රාත්‍රී ආහාර වේල ගන්නා වෙලාව ප්‍රමාද වීමෙන් අධික ලෙස කුසගින්න දැනෙමින් තිබූ නිසාය. දිනපතාම පාහේ රාත්‍රී ආහාරය පිටතින් නිවෙසට රැගෙනවිත් ගන්නා ඔහු, උදෑසන සහ දහවල් ආහාරයද වැඩිපුරම ලබාගන්නේ පිටස්තර තැනකිනි. කලාතුරකින් දිනෙක පමණක් හෙතෙම නිවෙසේදී කෑම ලබාගන්නේය.

තනිකඩ ජීවිතයක් ගතකළ හෙතෙම ගෙවා දැමුවේ තරමක් සෙල්ලක්කාර ජීවිතයකි.

නිවෙසේ කටයුතු සඳහා උදව්වට සිටි දෙදෙනාත් සවස හයෙන් පසුව සිය නිවෙස් කරා යන්නට පුරුදුව සිටි හෙයින් ඔහුගේ රාත්‍රී ආහාරය පිටතින් රැගෙන ආ යුතුම විය. එහෙත් යහමින් මුදල් හදල් අතමිට ගැවසුණු මන්ත්‍රීවරයාට එහි කිසිදු ගැටලුවක් නොවූවා පමණක් නොව, ඔහු බොහෝ දිනවලදී රාත්‍රියේ තනි නොතනියටද කවුරුන් හෝ කාන්තාවක කැඳවාගෙන ආවේය. ඒ වෙනුවෙන්ද අසීමිතව මුදල් වියදම් කිරීමට මන්ත්‍රීවරයා මැළි නොවීය.

විවිධ පොරොන්දු දී තරුණියන් අමාරුවේ දමන බවටද මන්ත්‍රීවරයාට චෝදනා වූ අතර, බොහෝ විට ඔහුගේ නම ගෑවුණු දෝෂාරෝපණද අඩුවක් නොවීය.

දිනපතාම නිවෙසට පැමිණි විගස ගේට්ටුව අගුළු දමා වසාදැමීම ඔහුගේ ප්‍රථම රාජකාරිය විය. එදිනද හෙතෙම සුපුරුදු ලෙසම ගේට්ටුව වසාදමා අගුලද දැමුවේ යළි කිසිවකුට සිය ඉඩමට ඇතුළු විය නොහැකි බවට වූ විශ්වාසයෙනි. ඉන් පසු ගරාජය වසාදැමූ හෙතෙම ඉදිරිපස දොරද වසා අගුල දමාගෙනම ඉහළ මහලේ පිහිටි සිය කාමරයට ගියේ රාත්‍රී ආහාර පාර්සලයද රැගෙනමය. ඔහු වෙනදාටත් රාත්‍රී ආහාරය ගන්නේ ඉහළ මහලේ සඳලුතලයේ වූ කුඩා මේසය මත තබාගෙනය.

රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය. රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.

‘ලස්සන කෙල්ලො ටික…’ ඔහු තමාටම කියා ගත්තේ අමුතු සිනාවක් මුවට නංවාගනිමිනි.

මත්පැන්වල මත් ගතියත් තරුණිය ගැන සිතුවිල්ලත් නිසා ඔහු වෙනදාටත් වඩා ඉක්මනින් ආහාර ගෙන අවසන් කළේය. ඒ අතරේ ඔහුට අමුතුම විලවුන් සුවඳක් දැනුණේ කෙදිනකවත් නොදැනුණ අයුරිනි. ඒ පිළිබඳ විපරම් කළ හෙතෙම එම සුවඳ තරුණියකගේ විලවුන් සුවඳකැයි අනුමාන කරගත්තේ, තරුණියන් සිය ගණනක් භාවිත කරන විලවුන්වල සුවඳ දන්නා මන්ත්‍රීවරයාට එවැනි සුවඳක් ගැන හරියටම තක්සේරු කිරීමේ හැකියාවක්ද වූ බැවිනි.

එන්න එන්නම සුවඳ තදින්ම දැනෙන්නට වූයෙන් මන්ත්‍රීවරයා අසුනෙන් නැඟිට සිය කාමරය වෙත ගියේ තරමක දෙගිඩියාවකිනි. කාමරයේ දොරට දමා තිබූ තිර රෙද්ද මෑත් කළ ඔහුට දක්නට ලැබුණේ යහන මත වැතිර සිටිනා රූමත් තරුණියකි.

සැහැල්ලු රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි යුවතිය තද නින්දේ ඉන්නා බවක් දුටු මන්ත්‍රීවරයාගේ සිත තුළ සුපුරුදු මනමාල සිනාවම ඇඳුණේය.

‘හහ් හහ්… මෙයා කොහොමද කාමරේට ආවේ… එක අතකට කොහොම ආවම මොකද… කෙල්ලෙක්නෙ… හහ් හහ් හා…’

තමාටම එසේ කියාගත් ඔහු කලබලයෙන් නාන කාමරයට ගියේ තරුණිය ගැන තිබූ යම් මතකයක්ද අවදි කරමිනි. ගිය කාර්යය වහා අවසන් කළ හෙතෙම යළිත් කලබලයෙන් ආපසු ආවේය.

‘මොනවා… කෝ මේ කෙල්ල…’

තරුණිය අතුරුදන්ව තිබිණි. මේසය මත කුඩා කොළ කැබැල්ලක් පමණක් තිබෙනු දැක මන්ත්‍රීවරයා එය අතට ගෙන බැලුවේය.

‘මට බබෙක් ලැබෙන්න ඉන්නවා මන්ත්‍රීතුමාගෙන්. ඒ නිසා මං ආයෙත් එනවා…’ එම කොළ කැබැල්ල මීට වසර කිහිපයකට පෙර තරුණියක එවූ ලිපියක කොටසක් බව ඔහුට සිහිපත් වුවද, එම ලිපිය කොහේ තිබූ එතැනට ආවේදැයි මතකයක් නොවීය. එම ලිපිය අර තරුණිය අතට ආවේ කෙසේද යන්න සිතනවාට වඩා දොර ජනෙල් වසා ඇති නිවෙසට ඇය ආවේ සහ ගියේ කෙසේද යන්න සිතන්නට ඔහු උත්සාහ ගත්තේය. වහා පහත මහලට දිවවිත් බැලුවද ඇය ආගිය බවක්වත් එහි හඳුනාගත නොහැකි විය.

තරමක නොසන්සුන් හැඟීමකින් යළිත් නාන කාමරයට පැමිණි ඔහු ඒ ගැන සිතමින් යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියදී පාන්දර යාමේ නින්දට වැටිණි.

එම සිදුවීම දින කිහිපයකින් අමතකව යද්දී දිනක් ඔහු දුටුවේ සිය වාහනය තුළ සිටින එම තරුණියගේ රුවයි.

‘ඔය කවුද? ඇයි මගේ පස්සෙන් එන්නේ…?’

ඔහුගේ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ උස් හඬින් සිනාසෙමිනි. ඒ නිසාවට මන්ත්‍රීවරයාගේ සිත තිගැස්සුණේය. ඔහු වාහනය නවතා යළිත් ඇය දෙස බැලුවද එම අසුනේ තරුණිය සිටියේ නැත. යම් අමුත්තක් වටහා ගත් හෙතෙම මේ බව සිය මිතුරකුට පවාස යළිත් වාහනය පණගන්වා ගනිද්දී මාර්ගයේ දකුණු පසින් ඉදිරියට යන ඇගේ රුව වාහනයේ විදුලි එළියට පැහැදිලිවම පෙනුණේය.

ඔහුටත් නොදැනීම වාහනයේ තිරිංග තදවූ අතර තරුණිය එතැනින්ද අතුරුදන්ව තිබිණි.

‘මේකි හොල්මනක් වගේ…’

හෙතෙම තමාටම කියාගෙන යන්නට ගියේය.

ඉන් පසු දින කිහිපයක්ම ඇගේ රුව ඔහුට දක්නට ලැබුණු අතර මේ තරුණිය තමාගේ අතින් අසරණව දුම්රියට පැන දිවි නසාගත් තරුණියක බව මන්ත්‍රීවරයා තේරුම් ගත්තේ සිය කාමරයේ තිබූ ඡායාරූපයක් හමුවීමෙන් පසුවය.

එහෙත් එවැන්නක් විශ්වාස කරන්නට අකැමැති වූ ඔහු මෙය සිය විරුද්ධ පාක්ෂිකයන්ගේ වැඩක් විය හැකි බවටද සැක කරමින් එදින නිවෙසට ගියේ තරමක කැලඹුණු සිතිනි.

වෙනදාටත් වඩා ඉක්මනින් ගේට්ටු දොර ජනේල වසා දැමූ හෙතෙම කාමරයට ගොස් එහි දොරද වසාගත්තේ වැඩි ආරක්ෂාවටය. කවුරුන් හෝ ඉදිරිපස දොරට තට්ටු කරනවා වැනි හඬක් ඔහුට නිතරම ඇසුණේය. තවත් වේලාවකට නිවෙසේ කොහේ හෝ දොරක් හරිනවා වැනි හඬකුත්, ජනේලයක අගුල පන්නනවා වැනි හඬකුත් ඇසුණේය. තවත් වෙලාවකට මුළුතැන්ගෙයි තේ හදන හඬට සමාන හඬක්ද ඇසුණේය.

ඉන් පසු දින ගණනක් මෙවැනි විවිධ ශබ්දවලින් යම් නොසන්සුන්තාවකට පත්ව සිටි මන්ත්‍රීවරයා පසු දිනෙක තමා දන්නා කියන තරුණියක නිවෙසට කැඳවාගෙන ආවේ තම තනි නොතනියට ටික දිනක් ඉන්නට යැයි ආරාධනා කරමිනි. මුදලට සහ බලයට ආශා කළ ඇය ඊට කැමැත්තෙන්ම ආවාය.

දිනක් රාත්‍රියේ මුළුතැන්ගෙට තේ සාදන්නට ගිය එම තරුණිය යළිත් කලබලයෙන් ආපසු දිව ආවාය.

‘මන්ත්‍රීතුමා කුස්සියෙ ලස්සන ගෑනියෙක් ඉන්නවා… කවුද ඒ…?’

‘ගෑනියෙක්, පිස්සුද…?’

‘පිස්සු නෙවෙයි. නයිටියකුත් ඇඳගෙන, හිනාවෙවී වාඩිවෙලා ඉන්නවා…’

යම් සැකයක් ඇතිවුවද ඒ බව නොපෙන්වා ඔහු ඇයත් සමග මුළුතැන්ගෙට පැමිණියේය. එහෙත් තරුණිය පෙනෙන්නට සිටියේ නැත.

‘ඔයාගෙ විකාර…’

එය ඇගේ පිට තබා ඔහු යළිත් කාමරයට ගියේ මෙයට කළ යුත්ත සිතමිනි. අන්තිමේ සිය මිතුරකු මතක් වූ මන්ත්‍රීවරයා ඔහුට ඇමතුමක් ගෙන සියල්ල පැවැසුවේය. ඇමතුම අවසන් කරද්දීම තේ රැගෙන ආ හිතවතිය ඔහුගේ උරහිසට අත තැබූ අතර අද්භූත තරුණියගේ මතකයේ සිටි මන්ත්‍රීවරයා හොඳටම තිගැස්සුණේය.

‘පලයං පලයං උඹ ආයෙත් ආවද…?’

‘ඇයි මන්ත්‍රීතුමා මං මං… මේනකා…’

තමාට සිදුවූ වරද වටහාගත් ඔහු යම් අපහසුතාවකට පත්වුවද ඇයට සත්‍ය කතාව කියන්නට ඔහුට සිදුවුණේය. අවසානයේ ඇයගේ ඉල්ලීම මත මෙම ප්‍රශ්නය බණ්ඩාර කපු මහතා වෙත රැගෙන ගියේය.

සියලු විස්තර අසා සිටි බණ්ඩාර කපු මහතා ශාන්තිකර්මයක් සහ විශේෂ දානමය කටයුත්තක් සිදුකර තරුණියගේ ආත්මයට පින් පමුණුවා මන්ත්‍රීවරයාව එම කරදරයෙන් බේරා දීමට කටයුතු කර ඇති අතර, එතැන් පටන් මන්ත්‍රීවරයා තම නරක පුරුදු අත්හල බවද පැවැසෙයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මියයන තුරුම එම නිවෙස අතහැර වෙනත් නිවෙසක දිවි ගෙවා ඇත්තේ සිය අඳුරු මතකයන් මුළුමනින්ම අමතක කර දමන්නට නොහැකි වූ නිසා විය යුතුය.

මව්රට මහාවංශය අතිරේකයේ පළවන සත්‍ය කතාවකි. නම්ගම් සියල්ල මනඃකල්පිතයි

සටහන – කුමාර රත්නායක

Share240Tweet150SendShare60
Previous Post

රස සාගරයක්! යොහානි ඉන්දියාවේදී විනාඩි 17ක අමුතුම තාලේ ඉන්ටවීව් එකක් දෙයි! (VIDEO)

Next Post

වෙන්දේසියට එන තේ ටික ටික අඩුවෙයි! කොලිටි එකත් බැහැලා! පොහොර කෙළියෙන් සිලෝන් ටීවලට තිබූ ලෝක ඉල්ලුම බිංදුවට වැටෙන ලකුණු!

MORE NEWS

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)
Exclusive

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Exclusive

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)
Exclusive

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)
Exclusive

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net