News
ඉන්දියාවට ලෝකෙන්ම ප්‍රශංසා
Published
3 weeks agoon

ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා වෛරස එන්නත තම රටවාසීන් අතර එන්නත් කරනු හා දකුණු ආසියාතික රටවල් අතරේද ගතවූ දින කිහිපය තුළ ලක්ෂ, දසලක්ෂ ගණනින් එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ඉන්දියාව ඇගයීමකට පාත්රවී තිබේ.
මේ වන විට ‘කොවිඩ් -19’ වෛරසය දකුණු ආසියානු කලාපය ගිලගෙන ඉන් ඔබ්බටද අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ අසල්වාසී රටවලට එන්නත බෙදාදීමෙන් උපකාර කිරීමට පොරොන්දු වීම නිසා ඉන්දියාවට ප්‍රශංසාව එසේ හිමිවී ඇත.
එන්නත බෙදාහැරීමේ ව්‍යාපෘතියේ මාධ්‍ය ප්‍රකාශක ඒ. ශ්‍රී. වස්ථව පසුගිය සිකුරාදා කියා සිටියේ (22දා) ඉන්දීය ප්‍රජාව අතරේ එන්නත බෙදීම සඳහා අවශ්‍ය තොග නිෂ්පාදනය කෙරෙන අතරතුරේම හවුල්කාර රටවල් අතරේ ඉදිරි සතිවල සහ මාසවල එන්නත පියවරින් පියවර බෙදාහරින බවය.
එන්නත නිශ්පාදනයේ ගෝලීය කේන්ද්‍රස්ථානය වන තම රටෙන් (ඉන්දියාවෙන්) රටවල් ගණනාවක් එන්නත මේ වන විටත් ඉල්ලා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එන්නත බෙදාහැරීමේ ජාත්‍යන්තර උපකාරක මෙහෙයුමඅනුව අසල්වාසී රටවලට ජනවාරි විසිවැනි දින (20දා) සිට එන්නත බෙදාහැරීම ආරම්භ කෙරෙන බව ඊට පෙර දින (19දා) නිවේදනය කිරීමත් සමඟම පළමු දිනයේම (20දා) එන්නත් මාත්‍රා ලක්ෂ එක හමාරක් (1,50,000) භූතානයටද, ලක්ෂයක් (1,00,000) මාලදිවයිනටද යැවූ බව බෙදාහැරීමේ ව්‍යාපෘතියේ නිලධාරියෙක් කීවේය. ඉන්පසු මාත්‍රා දසලක්ෂයක් (10,00,000) නේපාලයටද, මාත්‍රා විසි ලක්ෂයක් (20,00,000) බංගලාදේශයටද, යවන ලද බවය. එසේම මාත්‍රා පහළොස් ලක්ෂයක් (15,00,000) මියන්මාරයටද, ලක්ෂයක් (1,00,000) මොරිෂස්වලටද, පනස් දහසක් (50,000) සීෂෙල්ස්වලටද, යැවීමට සූදානම් කෙරෙමින් තුබූ බවයි.
එන්නත් මාත්‍රා තොග පරිත්‍යාග වශයෙන් සහ වාණිජ පදනම මත විදේශගත කෙරෙන බවද හෙතෙම පැවසුවේ ය.
ජාත්‍යන්තරය මුහුණපා ඇති දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව ක්‍රියාත්මක කරන මේ සද්කාර්යයට රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් ඉන්දියාවට ප්‍රශංසා කර ඇත.
මහා භාරතය පවා මුහුණ පා ඇති මේ තීරණාත්මක අවස්ථාවේ තම රටවාසීනටද සත්කාර කරන අන්දමින්ම නේපාල ජනතාව වෙනුවෙන්ද එන්නත් මාත්‍රා දස ලක්ෂයක් එවීම සම්බන්ධව නේපාල අගමැති කේ. පී. ඔලි ට්වීටර් පණිවිඩයක් මගින් භාරත අගමැති නරේන්ද්‍ර මෝඩිටත්, ආණ්ඩුවටත්, ඉන්දීය ප්‍රජාවටත් සිය කෘතඥතාව පිරිනමා ඇත.
බංගලාදේශය පාලනය කෙරෙන අවාමි ලීගයේ ෂෙයික් හසිනාද තම රටට මාත්‍රා විසි ලක්ෂයක් දීම ගැන ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ. ඉන්දියාව මීට පෙරදීද කෝවිඩ් වසංගතය වෙනුවෙන් රටවල් ගණනාවකට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්, රෙම්ඩෙසිවිර් ,පැරසිටමෝල්ද, රෝග නිර්ණ කට්ටල ද, මුහුණු ආවරණ සහ අත් වැසුම් ඇතුළු වෛද්‍ය උපකරණ තොග රටවල් ගණනාවකට පිරිනමා තිබේ. වෙනත් රටවල මෙන්ම ඉන්දියාවේද මේ අතරතුරේ සෞඛ්‍ය පහසුකම් සපයන්නන් වෙනුවෙන් කෝවිඩ් වෛරසය මැඬලීමට ඍජුව කටයුතු කරන්නන් සහ පහසුවෙන් ආසානය වීමට හැකි ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් අරඹා තිබේ. මේ සත්කාරවලට අමතරව ඉන්දියාව අසල්වැසි රටවල් ගණනාවක සෞඛ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවකට සායන පුහුණු වැඩසටහන්ද පවත්වා ඇත. මේ පුහුණු වැඩසටහන්, තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතා වැඩසටහන් යටතේ වසංගත තත්ත්ව පාලනය ඉලක්ක කර ක්‍රියාත්මක කර ඇත.
චන්ද්‍රසේන මාරසිංහ
You may like
ගෝඨා මෝදිට ලියුමක් යවයි
BJPය ලංකාවට එවා මෝදි හදන්නේ ලංකාවම අල්ලන්නද?
ඉම්රාන්ට අද ලංකාවට එන්න ඉන්දියාව අහස දෙයි: නැතිනම් එන්න හිටියේ ශ්‍රී ලංකන් යානයකින්
එන්නත් කෝටියක් ඉන්දියාවෙන් ගන්න ආණ්ඩුව ඩොලර් මිලියන 52ක් භාණ්ඩාගාරෙන් ඉල්ලයි
පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE
ඉම්රාන්ගේ කතාව අවලංගු කළේ ඇයි? විමල්ලා දොට්ට: සජිත්-රනිල් කතා කළ දේ (රාජ්‍ය රහස්)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
