• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

ඉන්දියාව කණපිට හරවන නව පුරවැසි පනත

January 29, 2020
in News, Politics
A A
ඉන්දියාව කණපිට හරවන නව පුරවැසි පනත


පසුගිය දිනවල ඉන්දියාවේ අහිංසක මිනිස් ජීවිත 30ක් බිලිගත්, නව ඉන්දියානු පුරවැසි සංශෝධන පනත(Citizenship Amendmemt Act – CAA) ට එරෙහිව සිදුකළ මහා ජනතා උද්ඝෝෂණය ඉන්දියානු ඉතිහාසයට එකතු වූ තවත් අතිශය ඛේදනීය සිදුවීමකි. ආන්දෝලනයට හේතු වූ නව පුරවැසි පනත මඟින් එරට සිටින මුස්ලිම් ජනතාවට මහත් අසාධාරණයක් සිදුවෙතැයි ප්‍රධාන වශයෙන් චෝදනා නැඟුණු අතර, මෙම පනත අහෝසි කර දමන මෙන් ඉන්දියාවේ වෙසෙන ජාතීන් ගණනාවක උද්ඝෝෂකයෝ කියා සිටියහ. එහෙත් එම උද්ඝෝෂණ නොතකා පසුගිය දෙසැම්බර් මාසයේ මුල් කාලයේ එම පනත ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම ප්‍රශ්නය තවද දැවෙමින් ඇත.
මෙම අර්බුදයේ දැන් අලුත්ම තත්ත්වය ලෙස වාර්තා වන්නේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන්දීය රජයට එරෙහිව ලබාදී ඇති නියෝගයක් පිළිබඳ වගතුගකි. එනම් පුරවැසි සංශෝධන පනතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සහ ඉල්ලීම් 143ක් ගැන ඉන්දීය රජය අවධානය යොමුකර සලකා බැලිය යුතු බැව්ය. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට සති 04ක (මාසයක) කාලයක් කල්දී ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධාන රජයට මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත. පුරවැසි සංශෝධන පනත මඟින් ව්‍යවස්ථාමය වලංගුභාවය ඉටුවන්නේ කෙසේදැයි මෙම පෙත්සම් මඟින් ප්‍රශ්න කර තිබිණි. පෙත්සම් 143 ගැනම ඉන්දීය රජය තම අවධානය යොමු කළ යුතු බවත්, ඒ පිළිබඳව නිසි කාලයේදී අධිකරණයට වාර්තා කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය තම නියෝගය නිකුත් කර ඇත.
ආන්දෝලනයට හේතුවූ නව පුරවැසි පනත මඟින් ඉන්දියාවේ වෙසෙන විශාලතම සුඵ ජන කොට්ඨාසය වන මුස්ලිම් ජනයාට බලවත් සේ අසාධාරණයක් සිදුවන බැව් ප්‍රකාශ වුවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ එය මුස්ලිම් විරෝධී පනතක් නොවන බැව්ය. ඔහු එලෙස කිහිපවතාවක්ම අවධාරණය කර සිටියේය. ඉන්දියාවේ ප්‍රධාන නගර රැසකදී මෙම උද්ඝෝෂණ රැලි පවත්වන ලද අතර, එම බහුතරයක් රැලි පුරවැසි පනතට විරුද්ධ වූ අතර, තවත් රැලි කිහිපයක් පුරවැසි පනතට පක්ෂවද පවත්වන ලදී. මේ නිසා ජනගැටීම් බොහෝ සෙයින් උත්සන්න විය. මෙම පුරවැසි පනතට අනුව ඇෆ්ගනිස්තානයෙන්, පාකිස්තානයෙන් සහ බංගලිදේශයෙන් ඉන්දියාවට අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණ, ඉන්දියාවේ පදිංචි වූ මුස්ලිම් නොවන වැසියන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය හිමිවෙයි. එම රටවල් තුනෙන් පැමිණි මුස්ලිම් වැසියන්ට පුරවැසිභාවය හිමි නොවන අතර, ඔවුන්ට ආපසු ඔවුන්ගේ රටවලට යෑමට සිදුවෙයි. හින්දු ජනයා බහුතරයක් වාසය කරන රාජ්‍යයක් වුවත්, ඉන්දියාව යනු ආසියාවේ තෙවැනි මුස්ලිම් ජනගහනය වෙසෙන රාජ්‍යයයි. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200 (කෝටි 20ක්)කි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම පනත සම්මත කරගෙන ඇත්තේ මුස්ලිම්වරුන් මර්දනය කිරීමේ අරමුණෙන් යැයි චෝදනා එල්ල වී තිබේ. මේ නිසා මේ වන විට ජාත්‍යන්තරයේ අවධානය මෙම අර්බුදය කෙරෙහි ප්‍රබලව එල්ල වී තිබේ. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොංග්‍රස් පක්ෂයද එම විරෝධතාවලට සහාය ලබාදෙයි. රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිද එම විරෝධතාවලට එක්වී සිටියහ. ඉන්දියාව මෙම 2020 වසරේදී ජන සංගණනයක් සිදු කිරීමටද කටයුතු යොදා ඇති අතර, එය සිදු කරන්නේ මෙම පුරවැසි පනත ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වශයෙනි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ වනවිට තරයේ පවසා ඇත්තේ පුරවැසි පනත කිසිම හේතුවක් නිසා හකුළා නොගන්නා බැව්ය. මෙම පනත සම්බන්ධයෙන් දැනට බොලිවුඩයේ සිටින සුපිරි නඵවන් තිදෙනකු වන ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් තම අතිශය දැඩි විරෝධය පළ කර ඇත. මෙම න`ඵවන් තිදෙනාම මුස්ලිම් ජාතික වැසියන්ය. ඔවුන්ට අමතරව තවත් ප්‍රකට මුස්ලිම් ජාතික කලාකරුවන් රැසක්ම පනතට එරෙහිව උද්ඝෝෂණවලට සහාය දක්වා ඇත.
උද්ඝෝෂණවලට සහභාගි වී මියගිය 30 ක්වූ සිවිල් වැසියන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වූ අතර, ඔවුන් පොලිස් වෙඩි පහරෙන් මිය ගියේයැයි පැවැසුවත් පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. පාර්ශ්ව දෙකක උද්ඝෝෂකයන් එකට ගැටීම නිසා මෙම පිරිස් මියගිය බැව් පොලිසිය ප්‍රකාශ කරයි.
පරිවර්තනය- ප්‍රියන්ත හෙට්ටිගේ.

Share52Tweet32SendShare13
Previous Post

කොරෝනා IDH ‌රෝහල හිස්කරයි

Next Post

පාස්කු ප්‍රහාර‌ය මෛත්‍රිපාලටම කැරකෙන ල‌කුණු

MORE NEWS

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?
Politics

ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?

May 2, 2022
චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!
Politics

චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!

May 2, 2022
පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!
Politics

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

May 1, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා...

Read more
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net