• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

ඊළග ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ අනතුරු ඇගවීම

October 12, 2019
in News, Politics
A A
ඊළග ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ අනතුරු ඇගවීම

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳවැටුණු ජනතාවගේ ජීවන තත්ත්වය මේ වන විට බොහෝ දුරට යථා තත්ත්වයට පත්වී ඇත. ජනතාව මේ වන විට තම සුපුරුදු ජීවන රටාවට හුරුවී ඇත. අන්ත අඩියට ඇදවැටුණු සංචාරක කර්මාන්තයද දැන් කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් ඇත. ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ අප්‍රෙල් 21 වැනිදා පමණක් වුවද, ත්‍රස්ත ප්‍රහාරයන්ට බියෙන් ජනතාව කලබල වූ අවස්ථා බොහොමයක් ඊට පසුවද වාර්තා විය. කිසිදු පදනමක් නොමැතිව එකිනෙකා පැතිරවූ එම අසත්‍ය ප්‍රචාර හමුවේ ජනතාව කිහිපවරක්ම අන්ත අසරණ විය. පසුගිය මාස දෙක තුන තුළ එම තත්ත්වයද මඟහැරී ඇති බවක් දක්නට හැකි විය.

නමුත් ඔක්තෝබර් 15 වැනිදායින් පසු ශ්‍රී ලංකාවට නැවත වරක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රකාශයක් මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ජනතාව අත්විඳි සාමකාමී බව මුළුමනින්ම නැතිවී යන තත්ත්වයක් උද්ගත විය. නැවත වරක් ජනතාව එකිනෙකා දෙස සැකෙන් බියෙන් බලන්නට විය. අමිහිරි අත්දැකීමක මතක ජනතාවගේ සිත් තුළ රැව්පිළිරැව් දෙන්නට විය. නැවත වරක් ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ජනතාව වඩාත් කලබල වූයේ එම හෙළිදරව්ව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිදුකරන ලද්දක් වීම නිසාය. පාස්කු ප්‍රහාරයෙන් පසු කතාබහට ලක්වූ ප්‍රධාන පුද්ගලයන් අතර ඉදිරියේම සිටියකු වූයේ අදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාය. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අරගලයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා උන්වහන්සේ ගත් උත්සාහය ජාති ආගම් භේදයකින් තොරව සියලුම දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර විය. එමෙන්ම උන්වහන්සේ වැනි ගරු කටයුතු පුද්ගලයකු වගකීම් විරහිත ප්‍රකාශයක් සිදු නොකරනු ඇතැයි යන්නද ජනතාවගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාදිනල් හිමිපාණන් අනතුරු අඟවා තිබුණේ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමිනි. එම ප්‍රහාරයේද ඉලක්කය වී ඇත්තේ ප්‍රධාන පෙළේ කතෝලික පල්ලි කිහිපයක් බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වී ඇත. කාදිනල්තුමන්ගේ ලිපිය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ජූඞ් සමන්ත පියතුමන් මාධ්‍ය හමුවේද අදහස් දැක්වූ අතර මේ සියලු කරුණු කාරණා හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ රට තුළ නැවතත් ආන්දෝලනයක් ඇති විය. මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු කාදිනල්තුමන්ට ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් මේ වන තුරුද හෙළිදරව්වී නොමැති නමුත් කාදිනල්තුමන්ගේ ලිපිය මුල්කොට ගෙන කතෝලික පල්ලි අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ත්‍රිවිධ හමුදාව වෙත භාරදී ඇති බවය. කාදිනල්තුමන්ගේ ලිපියට බාහිරව එවැනි ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොමැති බවද ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ නාවික හමුදාව සුපුරුදු ආකාරයෙන් ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරන බවය. අදාළ ලිපිය මුල්කොට ගෙන විශේෂ වෙනස්කම් සිදුකර නැතත් උපායමාර්ගික වෙනස්කම් සිදුකරමින් එම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවද සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ආරක්ෂක බුද්ධි අංශ වෙත නොලැබුණු තොරතුරක් කාදිනල්තුමන් වෙත ලැබුණේ කෙලසද යන්නය.
නැතිනම් එවැනි තොරතුරක් ලැබුණද ඒ සඳහා ක්‍රියාත්මක නොවීමට බුද්ධි අංශ කටයුතු නොකළේද යන සැකයද ඇතැමුන් තුළ හටගෙන ඇත. එසේත් නොමැති නම් මෙය වෙනත් අරමුණක් සඳහා සිදුකළ අසත්‍ය ප්‍රචාරයක්ද යන සැකයද ඇතැමුන් තුළ හටගෙන ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක්වූ සේම එම ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගතවන විට උන්වහන්සේ සිදුකළ ඇතැම් ක්‍රියාවන් බොහෝ දෙනාගේ විවේචනයටද හේතු විය. එතුමන් කටයුතු කරන්නේ දේශපාලනික අරමුණක් සඳහාය යන්නද ඇතැමුන්ගේ අදහස විය. රටේ ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරක් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම පිළිබඳ විවේචනයක්ද මේ වන විට සමාජය තුළ නිර්මාණය වී ඇත.
කාදිනල්තුමන් යොමුකළ ලිපිය සහ එයට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් අප අගරදගුරු පදවි ලේකම් ඩෙනින්ටන් සුබසිංහ පියතුමාගෙන් කරුණු විමසූ අතර උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ තමන්ට ලැබුණු තොරතුරක් ඔස්සේ ආරක්ෂක අංශ දැනුවත් කරමින් තම යුතුකම ඉටුකළ බවය.
“ඒ විදියේ තොරතුරක් ලැබුණට පස්සේ ආරක්ෂක අංශ දැනුවත් කරන එක අපේ යුතුකමක්. අපි ඒ යුතුකම ඉටුකෙරුවා. ඒ වගේම කතෝලික පල්ලි අවට ආරක්ෂාව තරකරන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒ ලිපියේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් කරුණු විභාග කරලා වහාම අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් ලිපිය යොමුකළ දින රාත්‍රියේම අපට පිළිතුරු ලැබිලා තිබුණා. ඒ වගේම මේ වෙද්දී පල්ලි අවට ආරක්ෂාව වැඩිකරලා තියෙන බවත් අපට පේන්න තියෙනවා. ඒ ගැන අපව දැනුවත් කරලත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මට මෙහෙම කියන්න විදියක් නැහැ.” ඒ ඩෙනින්ටන් සුබසිංහ පියතුමාගේ අදහසය.
කතෝලික පල්ල සඳහා පෙරට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බව ඒ අනුව පැහැදිලිය. කාදිනල්තුමන් යොමුකළ ලිපියේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳ රටට හෙළිකළ යුත්තේ ආරක්ෂක අංශ විසින්ය. එමෙන්ම එවැනි ප්‍රහාරයක් සැලසුම් කර ඇත්නම් එයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම ඇත්තේද ආරක්ෂක අංශ අතේය. කොයි හැටි වෙතත් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර ජනතාව දැනුවත් කිරීම කාට කාටත් හොඳ බව අපේ අදහසය.

චන්දන ‌පොන්නම්පෙරුම

Share51Tweet32SendShare13
Previous Post

හරක් ඉන්න රටක සිංහයෙක් රජ ‌වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඇල්පිටිය පරද්දපු ගයන්තට එරෙහිව ඇතුළෙන්ම කැරැල්ලක්

MORE NEWS

චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!
Politics

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

June 15, 2022
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!
Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net