• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

චීනය බේරෙන්න ගහන WOLF WARRIOR

August 31, 2020
in News, Politics
A A
චීනය බේරෙන්න ගහන WOLF WARRIOR

චීනයේ වුහාන් නගරයෙන් කොරෝනා නැතහොත් කොවිඞ් 19 වෛරසය ඇතිවී එරට රජයේ නොසැලකිල්ලෙන් සහ කුහකකමෙන් පැතිරී මුළු ලෝකයේ ජනගහනයේ ලක්‍ෂ සංඛ්‍යත ගණනාවක් මියෑදෙමින් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ආසාදිතයන් වී තවත් පැතිරෙමින් යයි.
මේ සියල්ලට වරදකරු චීනය බව ජාත්‍යන්තරය විසින් අතැඹුලක් සේ අවබෝධ කර ගනු ලැබූ බැවින් කොරා්නා විශ්ව වංසගත මාරයා “වුහාන් වෛරසය” නමින් හංවඩු ගසනු ලැබීම චීනයට ඌරු ජුවල් නැංවීමකි. ජාත්‍යන්තරයේ පවත්නා මේ හංවඩුව මකා ගැනීමේ මං සොයන එරට රජය ඒ සඳහා මෙහෙයුම් ගණනාවක් වෙනුවෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. එම කාර්ය පැවරී ඇත්තේ විදේශවල ස්ථාපිත චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට හෙවත් තානාපතිවරුන්ටය. ව්‍යාපෘතිය වුල්ෆ් වෝරියර් wolf warrior ලෙසින් නම් කරනු ලැබ ඇත.
හංවඩු මැකිමේ එක් මෙහෙයුමක් චීන කීර්ති නාමය අත්තුක්කංසනයයි (උස්සා තැබීමයි). එම න්‍යායේම අනිත් කොටස අංශ ගණනාවකින් යුක්තය. ජාතීන් අතර අවලාද තැබීම, බොරු ප්‍රවෘත්ති පැතිරවීම, කුමන්ත්‍රණකාරී සිද්ධාන්ත සමාජ ගතකිරීම යන කරුණු ඉන් ප්‍රධාන වේ. මේ න්‍යාය පත්‍රය වැඩිලෙසින් අවධාරණය කෙරී ඇත්තේ ඉන්දු පැසිපික් කලාපබද චීනයේ අසල්වැසි රටවල් කෙරෙහිය. කාලයක් තිස්සේ මේ රටවලට චීනයෙන් ආර්ථික වශයෙන් කුමන්ත්‍රණකාරී සන්ධාන, විවිධ අන්දමේ යටිකූට්ටු උප්පරවැට්ටි, වෙළෙඳපොළ ආක්‍රමණ වැනි ප්‍රයෝගවලින් හිරිහැර ඇතිවී තිබිණි. වුහාන් වෛරසයේ යථාර්ථය වැටහීමේන් පසු මේ රටවල් දැන් සිය අවශ්‍යතා වෙනුවෙන් හඬ නඟන්නට පටන් ගෙන ඇත.
පසුගිය වසරේ ඕස්ටේ්‍රලියාවේ බලයට පත් අගමැති ස්කොට් මොරිසන්ගේ ආණ්ඩුව දකුණු පැසිපික් කලාපයේ කැන්බරාවල චීන බලපෑම වර්ධනය වන අන්දම දෙස බලා සිටියේය. ඕස්ටේ්‍රලියාව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ චීනය සමග ඉතා සමෘද්ධිමත් වෙළෙඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ආ බවද කල්පනා කෙළේය. ඒ නිසා ගොඩින්ම ජාම බේරා ගැනීම සඳහා ඕස්ටේ්‍රලියානු අගමැතිවරයා සිය රටේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු චීනයට පැවරුවේය.
මේ අතරතුරේ පසුගිය ජූලි පළමුවැනිදා (2020.08.01) සිට කැන්බරාව සිය සන්නද්ධ ශක්තිය වර්ධනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූ හතක් හෙවත් කෝටි දහඅට දහස් හත් සියයක් (1,87,00,00,00,000) වෙන් කෙළේය. එසේම ඕස්ටේ්‍රලියාවේ ආරක්‍ෂක බළකායන් ආපේක්‍ෂා කර ඇත්තේ දිග දුර විහිදුම් නෞකා නාශක ප්‍රති විරෝධී මිසයිල් පදධතියක් සහ හයිපර්සොනික් අවි සපයා ගැනීමටය. මේ කරුණු අනුව ඉඟි කෙරෙන්නේ ඉන්දු – පැසිපික් කලාපයේ ආරක්‍ෂාව දුර්වලවෙමින් පවත්නා බැවින් ඕස්ටේ්‍රලියාව තම ආරක්‍ෂක ක්‍රමවේද ගැන වෙනසකට අවතීර්ණය වී ඇති බවයි. ඉන් නොනවතින ඕස්ටේ්‍රලියාව තම හිතැතියන් සමග සන්ධාන ගතවීමටද සැලසුම් කර ඇත. ඕස්ටේ්‍රලියනු අගමැති මොරිසන් පසුගිය ජූලි නව වැනිදා (9) ජපන් අගමැති ෂින්සෝ අබේ සමග දෙරටෙහි හමුදාවන්හි යුද අභ්‍යාස සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එකඟත්වයකටද පැමිණියේය. එපමණක් නොව දෙරට අගමැතිවරුන් දෙදෙනා චීනා කුප්පවන අන්දමේ හිනික්කුවක්ද කළහ.
චීනය සලකන්නේ තායිවානය තමන්ගේ ද්‍රෝහියකු පරිද්දෙනි. මේ දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමටද අර අඳියි. මේ කාර්යයේදී චීනය නිරීක්‍ෂණය කරන්නකු වශයෙන් තායිවානය පත්කිරීමට අගමැති මොරිසන් සහ අගමැති ෂින්ෂෝ අබේ එකඟත්වය පළකර ඇත්තාහ.
ජපන් ඕස්ටේ්‍රලියා සමුළුවට පසුව පසුගිය ජූලි හත් වැනිදා (7) පැවති ත්‍රිත්ව ආරක්‍ෂක අමාත්‍යවරුන්ගේ සම්මන්ත්‍රණයේදී ජපන් ආරක්‍ෂක ඇමති ටාරෝ එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ඕස්ටේ්‍රලියානු ආරක්‍ෂක ඇමති ලින්ඩා රෙනෝල්ඞ් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී ඔවුන් සාකච්ඡාවේ එක් ප්‍රස්තූතයක් ලෙෂ ගෙන ඇත්තේ වීනය මුහුදු තීරයේ ආරක්‍ෂක භටයන් ලෙස සන්නද්ධ කණ්ඩායම් යොදවා වෙනත් රටවල නාවුක යාත්‍රාවලට හිරිහැර ලෙස කටයුතු කරන බවය.
ගතවූ වර්ෂ ගණනාවක සිට චීනය මේ අන්දමේ සන්නද්ධ කණ්ඩායම් බල ගන්වා කලාපයේ වෙනත් රටවලට හිරිහැර කරන බවද සාකච්ඡාවට බඳුන් කෙරී ඇත. මේ වර්ෂයේ (2020) පෙබරවාරි මාසයේදී චීනය මේ උපක්‍රමය යොදවා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ආර්ථික කලාපයට කඩා වැදී තිබේ.
කෙසේ වෙතත් වුහාන් වෛරසය චීනය අවට අසල්වැසි රටවල කතාබහට ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. පෙරදී බි්‍රතාන්‍ය පාලනයට යටත්ව පැවති හොංකොං පුරයේ ආරක්‍ෂක නීති පද්ධතිය චීනය විසින් හිතුවක්කාර අන්දමින් සකස් කරනු ලැබීම ගැන පසැස් හෙවත් පංච අක්‍ෂි වශයෙන් බැඳුණු රටවල් හොංකොං පුරය ස්වාධිනව පැවැතිය යුතු බවට බලපෑම් කරයි. පංච අක්‍ෂි (පසැස්) ලෙස සන්ධානගත වූ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව සහ කැනඩාව හොංකොවල ස්වාධිනත්වය නෙුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අතරින් කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව හොංකොං සමග ඇති තම බැදීම් අලුත් කරන බව නිවේදනය කර ඇත. ඒ හාම එක්සත් රාජධාරිනිය හොංකොං වැසියන්ට තම රටෙහි පුරවැසි භාවය දෙන බව ප්‍රකාශ කර ඇත. පංච අක්‍ෂි සන්ධානයේ නවතම සමාජිකයා වන ස්විස්ටර්ලන්තයද හොංකොං වැසියන්ට විශාල අනුග්‍රහයක් දීමටද ඉදිරිපත් වී ඇත.
වුහාන් වෛරස් නමැති හංවඩුව වැදීමෙන් ප්‍රකෝපකාරී මානසික මට්ටමකට ඇද වැටුණු චීනයට එරෙහිව අත්වැල් බැඳ ගනු ලැබ ඇත්තේ චීනයේ අසල්වැසි රටවල් පමණක් නො වේ. යුරෝපීය රටවල්ද චිනයට එරෙහිව පෙළ ගැසෙමින් ඇත. යුරෝපීය රටවල් දහසය පාර්ලිමේන්තුද (16)යුරෝපා සංගමයද චීනයට එරෙහි අන්තර් පාර්ලිමේන්තු සන්ධානය නමින් සන්ධාන ගතව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් චීනය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කවර ආකාරයෙන්දැයි යන්න එම සන්ධානය සිය ගමන් මග පිළිබඳව විස්තර කර ඇත. හොංකොං වැසියන්ගේ නිදහස සීමා කෙරෙන ආරක්‍ෂක නීති පැනවීම සම්බන්ධයෙන් චීනය වරදකරු කෙරෙන ප්‍රකාශයක් නිකුත්කිරීම සම්බන්ධයෙන් රටවල් පෙළඹවීමේ ව්‍යාපාරයක්ද අන්තර් පාර්ලිමේන්තු සන්ධානයෙන් පසුගියදා දියත් කර ඇත.
මෙවන් ක්‍රියාමාර්ග නිසා චීනයේ තාක්‍ෂණික සමාගම්වලට නරක දසාවක් උදාවි තිබේ. චීනයේ නිෂ්පාදනය කෙරෙන ඇප් වර්ග පනහක් ආනයනය කිරීම තහනම් කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් එක්සත් ජනපදයද ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙළඹී තිබේ. මේ හැරෙන්නට ඇමරිකාව සහ වහා බි්‍රතාන්‍යයද චීන හුවාවේ නෙට්වර්ක්වලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර ප්‍රංශයද සිය ටෙලිකොම්වලින් හුවාවේවලින් මිදීමට යයි.
කොවිඞ් වසංගතය නිර්මාණය කළ වින්නැහියෙන් පීඩාවට පත් රටවල් ඊට වගකිව යුතු චීනයට එරෙහිව පෙළ ගැසෙද්දී ඊට වගේ වගක් නැති චීනය ඉන්දියාවේ. ලාඩක් දක්‍ෂිණ චීන මුහුද හොංකොං කෙරෙහි වෙනත් මාර්යක ගමන් කරයි.
ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පවසන්නේ චීනය ලෝකයේ භයානකම සන්නද්ධ ආරාවුල්කාරයා බවය. තමන් කරන වැරදි නිfදාස් කර නොගන්නේ නම් ජාත්‍යන්තරය සුනාමියක් සේ චීනයට එරෙහිව නැගී ඒම නොවැළැක්විය හැකි යැයිද කියති.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

Share51Tweet32SendShare13
Previous Post

රහස් පොලිසිය ‘කස්ටම්’ එකට පනී: ලොක්කො 5ක් ගැන විමර්ශන අරඹයි

Next Post

අමෙරිකානු රජයෙන් ගෝඨාට ඇමතුමක්

MORE NEWS

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?
Politics

ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?

May 2, 2022
චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!
Politics

චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!

May 2, 2022
පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!
Politics

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

May 1, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net