News
චීනෙට එරෙහිව කිලෝමීටර් 500ක පාගමනක්
Published
2 months agoon

තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට මාර්තු දහ වැනි දින (10) ළඟාවීමට ඉලක්ක කරගනිමින් පසු ගිය fදාළොස් වැනිදා (12) “පාද යාත්‍රාවක්” ආරම්භ කර තිබේ.
මාර්තු දහ වැනිදාම ඉලක්ක කර ඇත්තේ එදින (10) දිල්ලි නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වෙන බැවිනි. “තිබ්බතය වෙනුවෙන් සැතපුමක පා ගමනක යෙදෙන්න” යනුවෙන් පාද යාත්‍රාව නම් කර තිබේ.
මහා භාරතයට එරෙහිව චීනය ගෙනයන දුර්දාන්ත ක්‍රියාකලාපය පිළිබඳව භාරත ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ටෙන්සිං ටිසන්ඩ්‍යු ප්‍රකාශ කෙළේය.
ඔහු මෙසේද කීවේය.
පසුගිය වර්ෂයේ (2020) ජූනි මාසයේ දී ඉන්දු චීන සහ තිබ්බත දේශ සීමා ආසන්නයේ “ගල්වාන්” ප්‍රාන්තයේ මිනිස් ඝාතනය මහා ලොවම කම්පා කළත් මේ ස්ථානයට භාරතවාසීන් ගොස් ඇතිවා තබා එම ප්‍රදේශය සිතියමේ කොතැනක ඇත් දැයි යන්න දන්නන් පවා අඩුය. මේ ඝාතනයේදී අපේ මිනිසුන් චීනුන් ගෙන් මැරුම් කෑවේ ඇයි දැයි යන්න දන්නෝද විරලහ.
ඔවුන් (චීන්නු) දේශ සීමාව ආසන්නයටම ආක්‍රමණය කළේ කොහාමද? අද මම ධර්මශාලාවේ සිට නව දිල්ලිය දක්වා පා ගමනක් ආරම්භ කරනවා. මේ ගමනේ ප්‍රධාන අරමුණ තමයි මේ සම්බන්ධව ඉන්දියාවේ අවධානය යොමු කරවීම. මේක තමයි ඉන්දු චීන ගැටුමට මුල. අපේ භාරත සහෝදර සහෝදරියන් දැනගන්න අවශ්‍යයි ඇයි චීනෙ හැමදාම ඉන්දියාවට හිරිහැර කරන්නෙ කියල.
හිතන්න එපා චීනෙ හිරිහැර කරන්නෙ ඉන්දියාවට විතරයි කියල නෑ. මේ ආසියාවෙ (ළඟපාත) තියෙන රටවල් දාහතරටම (14) චීන්නු “සර්කස්” පෙන්වනවා. ඔවුන් උත්සාහ කරන්නෙ අවට රටවල් ටිකත්, මූදු ප්‍රදේශයත් යටත් කර ගෙන තමන්ගෙ අධිරාජ්‍යය ලොකු කරගන්න. තමන් ලෝක බලවතා වෙන්න උත්සාහ දරනවා කියන එක චීන නායක සි ජිං පින්ග් :ඞස න්සබටචසබට* ලෝක ප්‍රජාවටම අනාවරණය කරල ඉවරයි.
ටෙන්සිං ටිසන්ඩ්‍යු ක්‍රියාකාරියා දැවැන්ත උද්ඝෝෂණ සංවිධායකවරයකු බවට සමස්ත භාරතයම එක හැටියටම පිළිගන්නෙකි. චීන ජනාධිපතිවරයා ඉන්දියා සංචාරය කරද්දීත් උද්ඝෝෂණ කළේ ඔහුය.
තම පාගමන තනි මිනිහකුගේ එකක් බව හෙතෙම කීවේය.
ඒ ගමනට පණිවුඩ හුවමාරු කර ගැනීම සහ සංවිධාන කට යුතු සඳහා තවත් දෙදෙනකු සහය වන බවද කීය.
“මේ ගමන කිලෝ මීටර් පන්සියයක (500) දුර එකක්. ගමනට මාසයක් ගතවෙනවා. රෑට නවතින්න කූඩාරමක් පාර අයිනෙම ගහගන්නවා. මම කන්ගරා නිම්නය හරහා උණා :ඹබ්* ප්‍රදේශයෙන් පන්ජාබ් මිටියාවතට අවතීර්ණ වෙනවා. එතනින් අම්බාලා ඛාර්නාල් සහ සොනෙපට් ඔස්සේ දිල්ලියට යනවා” ඔහු කීවේය.
චන්ද්‍රසේන මාරසිංහ
You may like
ගත්ත ණය ගෙවාගන්නත් සල්ලි නැතිව තියෙද්දී චීනය තව ඩොලර් මිලියන 500ක ණයක් දෙයි
චීනෙ එන්නත් ලෝකෙටම: චීනෙට ජර්මනියෙන් එන්නත
චීන එන්නත ගන්න ජනපති කටුනායකට
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!
ඇමෙරිකාව රාජපක්ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
2022 ඔලිම්පික් චීනෙන් ඉවතට!

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
