Connect with us
Redmi 9C
Advertisement

News

දැන් තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්: සියල්ල තීන්දු වන්නේ ජනතා හැසිරීම මත

Published

on

මේ ගෙවෙන්නේ මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා දෙවෙනි රැල්ලෙන් ඇතිවූ පශ්චාත් කොරෝනා සමයයි. මේ සමය අභියෝගාත්මකය. අභියෝගය ආරම්භය වූහාන් දක්වා ඇදීයයි. වූහාන් නගරයේ සිට මෙරටට රැගෙන ආ සිසුන් පිරිස නිරෝධායනට කරමින් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකාව මේවන විට ගත කරන්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකය. මේ මොහොතේ ඔබ අප හැසිරෙන ආකාරය අනුව කොරෝනා වෛරසය සමඟ අපට කොතරම් කාලයක් සටන් කළ යුතු ද යන්න තීරණය විය යුතුය. ඒ අපේ ආරක්ෂාව වෙනුවෙනි. නමුත් මේ වෙනුවෙන් තවමත් නිශ්චිත ඹෟෂධයක් පවා සොයාගෙන නොමැති තත්ත්වයක් තුළ අනාගතය තවමත් අවිනිශ්චිතය. නමුත් ඒ වෙනුවෙන් ඇති බලාපොරොත්තු කඩකරගත යුතු නැත. විශේෂයෙන්ම මෙවර ඇතිවූ මිනුවන්ගොඩ රැල්ලත් සමඟ රටම සම්පූර්ණයෙන් වසාදැමීම වෙනුවට තවත් සුවිශේෂී ක්‍රමවේද භාවිත කරමින් කොවිඞ් සමඟ සටන් කිරීම මෙවර සිදුවෙමින් පවතී. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේය.
නමුත් මේ සම්බන්ධයෙන් ජනතාව තවමත් නිශ්චිත අදහසක නැත. ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සකස් කළ ලිපියකි මේ.

රටම ලොක්ඩවුන් නොකරන්නේ ඇයි?
මේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. නමුත් මෙම වෛරසය පාලනය කිරිමට ඇති එකම ක්‍රමවේදය ලොක්ඩවුන් කිරීමම නොවේ. ඇතැම් පිරිස් රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවට පැවසුවද ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ද සලකා බලා මෙරටටම ආවේණික වු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියා කිරීමට කටයුතු කිරීම නිසා රට සම්පුර්ණයෙන්ම වසාදැමීම මෙවර සිදුනොවුණි. එලෙස මෙවර සිදු නොකළේ රටේ ජනතාව ඒ හරහා මුහුණ දිය හැකි තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි.
වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය, සංචරණ සීමා, තෝරාගත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීම, නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිත නිරෝධායනය සහ නිවාස නිරෝධායනය මේ ක්‍රමවේදයි. මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක වද්දී ලොක්ඩවුන් කිරීම ප්‍රායෝගික නොවේ. මෙහිදී ජාතික ආරක්ෂාව ඉතා තීරණාත්මක සාධකයක් සේ සැලකිය යුතු වේ. එසේම රටේ ආර්ථික ස්ථාවරභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ආනයන අපනයන ක්‍රියාවලිය බිඳ නොවැටී පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණක් බව සිහි තබා ගත යුතුය. පූර්ණ වශයෙන් රට වසාදැමීමකට ලක් කළහොත් ඒ සියල්ල ඇද වැටී ආර්ථිකය බිඳවැටීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිවනු ඇත.

මොකද්ද මේ හුදෙකලා කිරීම?
ආසාදිතයින් සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයන්ට අනුව ප්‍රදේශ හුදෙකලා කිරීමටත්, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටත් කටයුතු කරයි. කොඩිඞ් 19 ආසාදිතයෙකු සොයාගත් පසු ඒ රෝගියා රෝහල් ගත කළ පසු එම රෝගියාගේ ළඟම ආශ්‍රිතයින් වහාම ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනය කිරීම සිදු කෙරේ. ඒ මඟින් බලාපොරොත්තු වන්නේ ආසාදනයට ලක්වූ පුද්ගලයාගෙන් වැඩිම බලපෑමක් ඇති පුද්ගලයින් හඳුනාගෙන නිවාස තුළම නිරෝධායනයට ලක් කිරීම සිදු වෙයි. ඒ අයුරින් එකම ප්‍රදේශයක විශාල පිරිසක් එලෙස නිරෝධායනයට ලක් වන්නේ නම් ඔවුන් ඒ ප්‍රදේශය තුළට සීමා කර ඔවුන් බාහිර පාර්ශවයන් සමඟ සබඳතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම සීමා කිරීම හුදෙකලා කිරීමක් ලෙස හැඳින්වේ.
එලෙස හුදෙකලා කිරීමේදී යම් කිසි විසිරීමක් සහිතව පවතින විට පරිපාලනයේ පහසුව තකා ඒ ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතියට යටත් කිරීම සිදු කිරීම සිදුවේ. මෙහිදී හුදෙකලා කිරීමේදී අදාළ හුදෙකලා කළ ප්‍රදේශය තුළ සංචරණයන් පැවතිය හැකි වුවත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ පසු සියලු සංචරණයන් සම්පූර්ණයෙන්ම සීමා කෙරේ. මේ තුළින් අදාළ ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිර යාම වැළැක්වීම බලාපොරොත්තු වේ.

පාලනය ගිලිහිලාද?
මේ තත්ත්වය පාලනය කර ගැනිමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාවට නංවා තිබෙන නිසා මේ තත්ත්වය පාලනය කර තිබෙන බවට පැවසීම වරදක් නොවේ. විශේෂත්වය වන්නේ පෙර තිබූ තත්ත්වයට වඩා මෙරවර වෛරසය වේගයෙන් පැතිර යාමයි. පෙර තත්ත්වයට වඩා මේ වන විට වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී. මේ නිසා තත්ත්වය යම් තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබේ. නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මේ වෛරසය පාලයනය කිරීමේ හැකියාව තිබේ. මුව ආවරණ චින් මාස්ක් ලෙස හෝ නෙක් මාස්ක් ලෙස පාවිච්චි කළහොත්, එසේත් නැත්නම් සමාජ දුරස්ථභාවය පවත්වා නොගතහොත් හෝ සංචරණය සීමා කරනොගතහොත් මේ වෛරසය පාලනය පහසු වන්නේ නැත.

විසඳුම මොකක්ද?
මෙය ගෝලීය වසංගත තත්ත්වයක් නිසා මුල් අවස්ථාවේදි වෛරසය පිළිබදව හෝ වෛරසයේ ප්‍රබලතාව හෝ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැත. එසේම වෛරසය මර්දනය කිරීමට මෙතෙක් කිසිම ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. එකම විසඳුම වන්නේ මෙම වෛරසය ආසාදනය වූවෙකුගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කර වෛරසය පාලනය කිරීමයි. ඒ නිසා හොඳම විසඳුම වන්නේ වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. මේ වෛරසයට ප්‍රතිචාර දක්වන ඖෂධ හෝ එන්නත් පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරු නොමැතිවීමද තවත් ගැටලුවකි.

සෙල්ලමක් නෙවෙයි
මෙවර වෛරසය භයානක අයුරින් ප්‍රබල වී තිබේ. ඒ පසුගිය වතාවේ වාර්තා වූ වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින් වෙනස් ප්‍රභේදයක් නිසා තත්ත්වය වෙනස් වී ඇත. නමුත් ඊට හේතුවන්නේ අප අනුගත වන ක්‍රමවේදය නිසා පළමු රැල්ලේ තරම් පහසුවෙන් එය කළ නොහැකි වනු ඇත. නමුත් මේ අලුත් රැල්ලට මුහුණ දීමට වගකිවයුතු බලධාරීන් සූදාදාමින් සිටි නිසා තත්ත්වය කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලැබිණි. ඒ කොවිඞ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට රෝහල් පවා සූදානම් කර තිබුණේ ඒ පෙරසූදානම නිසාය. එක් නිරෝධායන මධ්‍යස්ථානයකින් ආරම්භ කළ මේ මෙහෙයුම නිරෝධායන මධ්‍යස්ථාන 96ක් දක්වා වර්ධනය කිරීමටත්, මාසයක් ඇතුළත රෝහල් 52ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවූයේත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහිකිරීමට හැකිවූයේත් ඒ පෙර සූදානම නිසාය. මෙලෙස සන්නද්ධ වී තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ක්‍රමවේදයන් කොතරම් සකසා තිබුණද ජනතාව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීමේදී ඇතිවූ යම් යම් අඩුපාඩු නිසාය.

පීසීආර් යන්ත්‍රයට මොකද වුණේ?
ආරම්භයේදී පිසීආර් පරීක්ෂණ පැවැත්විය හැකි පරීක්ෂණාගාර මෙරට පැවතියේ එකක් පමණි. පසුව ඒය ක්‍රමයෙන් දියුණු කරගනිමින් කටයුතු කළ පසු මිනුවන්ගොඩ රැල්ල ආරම්භයේ දි පීසීආර් පරීක්ෂණ හාරදහසක් පමණ සිදුකිරීමේ හැකියාව ලැබුණි. එම ප්‍රමාණය මේ වන විට එකොළොස් දහසක් දක්වා දියුණු කර ගැනීමේ හකියාව ලැබී තිබේ. ඒ උපරිම ධාරිතාවෙන් යුතුව කටයුතු කිරීමෙනි. එහෙත් පසුගිය දිනවල මෙරට දී උපරිම ධාරිතාවෙන් පරීක්ෂණ සිදුකළ මුල්ලේරියාව රෝහලේ පීසීආර් යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ යම් ගැටලු කීපයක් පැණනැඟුණි. නමුත් මේ යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමත් සමඟ ඒ තත්ත්වය සමනය වීමෙන් පසු යළිත් පෙර පරිදි උපරිම ධාරිතාවෙන් පීසීආර් පරික්ෂණ පැවැත්වීමේ හැකියාව තිබේ. දැනට ශ්‍රී ලංකාවේ තිබෙන පිසීආර් යන්ත්‍ර මඟින් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් පැය හයකට ආසන්න කාලයක් ගතවේ. ඊට අඩු කාලයකින් ප්‍රථිපල ලබා ගත හැකි යන්ත්‍ර තිබෙන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ, මුල්ලේරියාව රෝහලේත් සවිකර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ දසදහසක් කිරීම සදහා රුපියල් මිලියන හැටකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ පරීක්ෂණ සඳහා වැයවන මුදල පමණි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් සේවිකාවක කොවිඞ් ආසාදිත බවට තහවුරුවන්නේ ඔක්තොම්බර් මස 03 වැනිදායි. ඒ වන විටත් එම ආතයනයේ සේවකයින් කොවිඞ් ආසාදිතයින් වී සිටි බවට මේවන විට තොරතුරු වාර්තා වී තිබේ. ඒ අයුරින් පළමු රෝගියා වාර්තා වූ දිනයේ සිට ඔක්තෝම්බර් මස 09 දක්වා වූ පළමු සතිය තුළ පමණක් ආසාදිතයින් 1083 දෙනෙකු වාර්තා විය. දෙවැනි සතියේ එනම් ඔක්තොම්බර් 16 දක්වා රෝගීන් 816ක් වාර්තා විය. තුන්වන සතිය වන විට මේ ප්‍රමාණය 207ක් දක්වාත් සිව්වන සතියේදී 125ක් දක්වාත් අඩුවී තිබේ. මේ සියලු කාරණා සලකා බැලීමේදී මිනුවන්ගොඩ පොකුර මේවන විට පාලනයකට ලක්කර තිබීම සැනසිලි දායක තත්ත්වයකි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත පොකුරේ පළමු ආසාදිතයා වාර්තා වන්නේ ඔක්තොම්බර් 20 වැනිදායි. මේවන විට ඒ පොකුරේ ආසාදිතයින් 2529ක් වාර්තා වී ඇති අතර මේ පොකුර ඇසුරෙන් අභියෝග කිහිපයක් ඇති වී තිබේ. විශේෂයෙන්ම මෙම ස්ථානයට විශාල ජන සංඛ්‍යාවක් ඒකරාශීවීම, පිටපළාත්වලින් පැමිණෙන විශාල පිරිසක් සිටින නිසාවෙන් ආසාදිතයින් පිටපළාත්වලට පැතිරී යාහැකි වීම, මෙම ස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කරගැනීමට ඇති අපහසුතාව ආදී අභියෝග පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් මතුවී තිබේ. ඒ නිසාම මේ පොකුරෙහි ප්‍රමාණය යම් තරමකට විශාල වීමේ අවදානමක් තිබේ.

ඇඳිරි නීතිය බලපවත්වෙන ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ පොලිස් බලප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරිනීතිය ලබන 09 වැනි සඳුදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 112ටත්, කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 05ටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයටත් එලෙස නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත. ඊට අමතරව කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශයේත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. ඊට අමතරව බස්නාහිර පළාත තුළ බෙදාහැරීම් සේවා යම්කිසි ක්‍රමවේදයකට සහ නිර්ණායකයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇත. ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. මේ නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව තුළ සංචරණය සීමා කළ යුතුය.

ස්වයං නිරෝධායනය සහ පසු විපරම
ස්වයං නිරෝධායනයට යොමු කරන්නේ වෛරසය ආසාදනය විය හැකි යැයි අනුමාන කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් පමණි. මේ ක්‍රමවේදය මෙරටින් පළමු ආසාදිතයා හමුවූ දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණි. එලෙස ස්වයං නිරෝධානය කළ යුතු ස්ථාන හඳුනාගත් පසු සෞඛ්‍ය බලධාරීන් විසින් එම ස්ථානය දැන්විමක් අලවා ඔවුන් නිරෝධායනයට ලක්කරන අතර ඉන් පසුව එම ස්ථානය නිරෝධායන නීතියට යටත් කරනු ලැබේ. එවිට එම ස්ථානයේ කිසිවෙකුට පිටතට යා නොහැකි අතර එම ස්ථානය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ප්‍රජා පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් නිරන්තර අධීක්ෂණයට ලක් කරයි. මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරනු ලබන කටයුත්තකි.

පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට
කොරෝනා ආසාදිතයකු වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් එම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ අධික්ෂණයක් අනුව මෙම තීරණය කර කර ඇත. මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ අදියර තුනක් යටතේ අධීක්ෂණය කරමින්ය. ඒ පෙරවරු 06 සිට 11 දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෙරවරු 11 සිට පස්වරු 04 දක්වා අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරින් , පස්වරු 04 සිට පසුදා පෙරවරු 06 දක්වා අදාළ ප්‍රදේශයේ හමුදා කඳවුරක නිලධාරීන් අධීක්ෂණ කටයුතු සඳහා යොදවමින්ය.
නිරෝධායනයේදී බලාපොරොත්තු වන දේ සියලුම දෙනා අවබෝධකර ගත යුතුයි. ඒ ලෙස නිවෙස් නිරෝධායනයට ලක් කර පුද්ගලයින් හඳුනා ගැනීම සිදුකරන්නේත් වගකීමකින් අවදානම තක්සේරු කිරීමෙන් අනතුරුවයි. මේ සියලුම දේ සිදුකරන්නේ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙනි.
එසේම හඳුනාගත් කිසිදු රෝගියෙකු සමාජයට නිරාවරණය නොකර ඔවුන් සියලු දෙනා රෝහල්ගත කිරීම පෙර සිටම ක්‍රියාවට නැංවුණි. නමුත් අතැම් දියුණු රටවල් පවා සිදුකළේ රෝගියෙකු හඳුනාගත්තත් ඔවුන් රෝහල් ගත කරනු ලැබුවේ ශ්වසන සංකූලතා ඇතිවුවහොත් පමණි.

ඩුබායිවල සිරවී සිටි පිරිසක් යළි දිවයිනට
කොවිඞ් – 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ආරක්ෂිත නිවාසවල රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. ත්‍රිවිධ හමුදාවන් මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් 72ක් තුළ නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව යාමට නියමිතව ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගෙන්වන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා එම මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

අනාගතය ගැන යුද්ධ හමුදාධිපති කියයි

සියලුම තීරණය වෙන්නේ ජනතාවගේ හැසිරීම අනුවයි. ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි හැමෝම දැන් කතාවෙන රටම වහනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නෙත්. ඒ නිසා අපිට ශ්‍රී ලංකාව තනි රටක් විදිහට සලකලා කටයුතු කරන්න බැහැ. කොවිඞ් ඉදිරියේදී ලෝකය ජයග්‍රහණය කරලා තියෙනවාද කියන එක තාම ප්‍රශ්නයක්. එසේම මේ වෛරසය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තවම පුරෝකථන ලබා දෙන්නත් බැහැ. ඒ අනුව තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්. එබැවින් ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට යෑම තමයි වැදගත් වෙන්නේ. දැනට තිබෙන අභියෝගය වන්නේ මෙවන් තත්ත්වයක් උද්ගතව තිබියදීත් මහජනතාව තමන්ගේ වගකීම් ඉටුකරනවාද කියන කාරණය. මොකද අපිට අපේ රටේ හැම මනුස්සයෙකුගෙම ජීවිතය වැදගත් සහ හැම ජිවිතයකම වටිනවා. ඒ නිසා වැදගත් වන්නේ මේ තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.
මොකද සමහර පිරිස් ඉන්නවා විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනියනවා සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ අසත්‍ය ප්‍රචාර හරහා සිදුවෙන්න පුළුවන් විනාශය ඉතා විශාලයි. සමහරු විවිධ න්‍යාය පත්‍රයන් ඔස්සේ වගේම වෙනත් පාර්ශවයන්ගේ මුදල් රැගෙන මේ වැඩපිළිවෙළ විනාශ කරන්න වැඩ කරන පිරිසුත් ඉන්නවා. මේවායෙන් අපි සැලෙන්නේ නැහැ. මේ ඔක්කොමත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. අප කෙසේ හෝ මේ තත්ත්වය ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් අපි හැමෝම අපේ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.

දිලංක ගුණතිලක

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)