News
මෙවර නොබෙල් සාම තෑග්ග හොංකොංවලට?
Published
1 week agoon

මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට යෝජනාවක් එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් (සෙනෙට් සභාවේ) පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
හොංකොං ප්‍රජාවට පීඩාකාරී වන අන්දමින් චීනය එරට ජාතික ආරක්ෂක නීතිය පැනවීමට එරෙහිව ප්‍රජාව වෙනුවෙන් නොබියව අරගල කිරීමට ගෞරවයක් වශයෙන් ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරයට නොබෙල් සාමත්‍යාගය පිරිනැමිය යුතු බව යෝජනාවේ දැක්වේ.
අපි මෙවර නොබල් සාම ත්‍යාගය පිරිනැමීමට සුදුසු බවට හොංකොං පුරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරය යෝජනා කෙළෙමු.
මේ ව්‍යාපාරය එක්දහස් නමසිය අනූ හතේ (1997) සිටම හොංකොං ප්‍රජාවගේ මානව සහ දේශපාලන අයිතිවාසිකම් සඳහා සාමකාමීව උපදේශකත්වය දෙමින් නොනවතින අරගලයක යෙදෙන්නකි යැයි යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝ ප්‍රකාශ කෙළේය.
රිපබ්ලිකන් පක්ෂ නියෝජිත ජේමිස් මැකලම් ගවන් ඇතුළු සෙනෙට් සභිකයන් පිරිසක් විසින් නෝබෙල් සාම ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන්ට යෝජනාව ඉදිරිපත් කර තිබේ.
චීනයේ ප්රජාතන්ත්රවාදි ක්‍රියාකාරීන් බොහෝ දෙනකු මේ වන විට බන්ධානාගාර ගත කෙරී ඇත. වැඩි පිරිසක් විදේශ ගතව ඇත්තාහ. නඩු පැවරුණු විශාල පිරිසක් තමන් වරදකරුවන් බවට පත් කෙරී තීන්දුව එනතුරු බලා ගෙන සිටිති.
මේ තත්ත්වය ඔවුන් සියලු දෙනාට උරුම කෙරී ඇත්තේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නිදහස ගැන කතා කිරීම නිසාවෙනි යනුවෙන් එක්සත් ජනපද කොංග්රස් විධායක කොමිටුවේ පිරිසක් මේ සම්බන්ධව නෝබෙල් සාම ත්‍යාග කොමිටුවට ලිඛිතව දන්වා ඇත.
හොංකොං පුරය පෙර කල මහා බි්රතාන්යට අයත්ව තිබිණි.
එක්දහස් නමසිය අනූ හතේදී (1997) එම ප්‍රදේශය යළි චීනයටම භාරදෙනු ලැබිණි. චීනය ඒ ප්‍රදේශය පාලනය වෙනුවෙන් වෙනම නීතිරීති සම්මත කෙළේය. “එක රටක්. පාලන දෙකක්” එදා පටන් අරගල ඇතිවිය.
චීනයට “නහුතෙට”තද වෙන මේ පුවත දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පතේ පළ වූවකි.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
