• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා

November 2, 2020
in News, Politics
A A
රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා

බොහෝ වාද විවාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156 දෙනකුගේ කැමැත්තෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය සමත් විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වූයේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහායද එයට හිමි වීමය. එලෙස රජයට සහාය පළ කළ මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ චරිතය වූයේ ඩයනා ගමගේ මහත්මියය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම මන්ත්‍රීවරිය ගමගේ මහත්මිය වීම එම කතාබහට මූලික විය.
පසුගිය මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙන ලෙසිනි. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 145ක බලයක් ලබා දුන් අතර වෙනම තරග කළ සුළු ජාතික පක්ෂ කිහිපයේ එකතුව සමඟ ආසන 149ක බලයක් මහ මැතිවරණයෙන් පසු නව රජයට හිමි වී තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගැනීමට නම් තවත් එක් මන්ත්‍රීවරයකුගේ සහාය රජයට අවශ්‍ය වී තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවට සහභාගි නොවීම මත රජයට පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ගණන 148 දක්වා අඩු වී තිබිණි.
කෙසේ නමුත් එම අඩුව පිරවීම රිෂාඞ් බදුර්දීන් මහතාගේ පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමඟි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රජයට සහාය පළ කිරීමට නියමිත බවට දේශපාලන විචාරකයන් මුල සිටම අනාවැකි පළ කර තිබිණි. නමුත් කිසිවකු නොසිතූ ආකාරයෙන් අවසන් මොහොතේ සභා ගර්භයට පැමිණි ගමගේ මහත්මිය 20 වැනි සංශෝධනයට පක්ෂව තම ඡන්දය භාවිතා කළේ සියලු දෙනා විමතියට පත් කරමිනි.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ ඒ හරහා සිදුවන්නේ 19 සංශෝධනය අහෝසි වී නැවත වරක් 18 වැනි සංශෝධනය බලාත්මක වීම බවය. එක් එක් වගන්ති වෙන වෙනම ගෙන බැලුවද 18 වැනි සංශෝධනය සහ 20 වැනි සංශෝධනය අතර දක්නට ලැබෙන සමානතා බොහෝය. එමෙන්ම 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කළ ආකාරය සහ 20 වැනි සංශෝධනය සම්මත කළ ආකාරය අතර දක්නට ලැබෙන සමානතාද බොහෝය.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයකින් සම්මත වූයේ 2010 වසරේ සැප්තැම්බර් මස 08 වැනිදාය. ඒ වන විට රටේ පැවැති දේශපාලන වාතාවරණයද බොහෝ සෙයින් වර්තමාන දේශපාලන වටපිටාවට සමානය. 2010 වසර මුලදී පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටද ජනපති ධුරයට තේරී පත්ව සිටි අතර ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයෙන් මන්ත්‍රීධුර 144ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබිණි. එය මෙරටට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැති මැතිවරණයකදී එක් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ හිමි කර ගත් විශාලම මන්ත්‍රීධුර ගණනද විය. (පසුගිය මහ මැතිවරණයේදී එම වාර්තාව බිඳ වැටුණි)
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගත නොහැකි බවට ඒ වන විට තිබූ විශ්වාසය බිඳ දමමින් ඒ ආසන්නයටම පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය. 2020 මහ මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ ප්‍රමුඛ කාර්යභාරය බවට 20 වැනි සංශෝධනය පත් වූ ලෙසටම 2010 ජයග්‍රහණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ ප්‍රමුඛ කාර්යභාරය වූයේද 18 වැනි සංශෝධනයය. එම අවස්ථාවේදීද මෙවර මෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය රජයට අවශ්‍ය වූ අතර ඒ සඳහා සහාය දක්වනු ඇතැයි කල් තියා අනාවැකි පළ වූ නම් කිහිපයක්ද විය.
20 වැනි සංශෝධනයේදී සියලුදෙනා විමතියට පත් කරමින් අවසන් මොහොතේ විපක්ෂයේ සිට රජයට සහාය දැක්වීමට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉදිරිපත් වූ ආකාරයෙන් 2010 වසරේදී 18 වැනි සංශෝධනයට සහාය දැක්වීම සඳහා විපක්ෂයේ සිට එක්වූ එකම මන්ත්‍රීවරිය වූයේ එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියය. වර්තමානයේ ඩයනා ගමගේ මහත්මිය කතාබහට ලක් වූ ආකාරයෙන්ම එදා උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සම්බන්ධයෙන්ද දැඩි කතාබහක් සමාජයේ ඇති විය.
එක හා සමාන ගති ලක්ෂණවලින් යුතු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සියලු දෙනා පුදුමයට පත් කරවමින් විපක්ෂයේ සිට රජයට සහාය දැක්වීම පමණක් නොව මේ දෙදෙනා තුළ දක්නට ඇති තවත් සමානතා බොහොමයක් ඇත. මේ මන්ත්‍රීවරියන් දෙදෙනාම විපක්ෂයේ සිට රජයට සහාය පළ කළේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී මාස කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙනි. එමෙන්ම මොවුන් දෙදෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේත්, දේශපාලනයට පිවිසීමට පෙර වැඩි කාලයක් ගත කර ඇත්තේත් විදේශ රටවල වීම තවත් සමානතාවයකි.
උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය උපන්දා සිට අධ්‍යාපනය අවසන් වන තෙක්ම කුවේට් රාජ්‍යයේ ජීවත් වී ඇති අතර ඩයනා ගමගේ මහත්මිය තම ළමා කාලය ගතකර ඇත්තේත්, අධ්‍යාපනය ලබා ඇත්තේත් එංගලන්තයේය. කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි ශ්‍රී ලංකාවේ ජනප්‍රියත්වයට පත් වන්නේ රංගන ශිල්පිනියක් ලෙසිනි. පබා ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් වූ ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගණන අති විශාලය. ස්වර්ණමාලි මහත්මිය මෙන්ම ඩයනා ගමගේ මහත්මියද දක්ෂ රංගන ශිල්පිනියක් වීම මේ දෙදෙනා අතර ඇති තවත් විශේෂත්වයකි. හේමන්තයේ වසන්තයක්, පුෂ්පරාගය, තිළිණ පඬුරු, යර්ස් බොස්, වැහි කුරුල්ලෝ, වැනි ටෙලිනාට්‍ය කිහිපයක් සඳහාම ඇය රංගනයෙන් දායක වී ඇත.
දේශපාලනය ආගමනය සම්බන්ධයෙන්ද මේ දෙදෙනා අතර දක්නට ඇති සමානතාවයක් ඇත. ඒ මේ දෙදෙනාගේම දේශපාලන ආගමනය සිදුව ඇත්තේ තම ස්වාමි පුරුෂයන්ගේ මඟ පෙන්වීම යටතේ වීමය. රංගන ශිල්පිනියක් ලෙසින් ජනප්‍රියත්වයට පත්ව සිටි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පළමු වරට දේශපාලන වේදිකාවට පිවිසියේ 2010 ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කරමිනි. ඇයට ඒ සඳහා අවස්තාව උදා වූයේ ඇයගේ පළමු ස්වාමි පුරුෂයා වූ මහේෂ් චාමින්ද මහතාගේ දේශපාලන හිතවත්කම් මතය. එමෙන්ම ඩයනා ගමගේ මහත්මියද දේශපාලනය පිවිසෙන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා මහතාගේ සහායෙනි.
2010 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මනාප ඡන්ද 81,350ක් ලබා ගනිමින් එජාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සමත් වූයේ එජාපයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වූ කරූ ජයසූරිය මහතා පවා තෙවැනි තැනට ඇද දමමිනි. තම ස්වාමියාගේ සහාය මත දේශපාලනයට පිවිසි ඩයනා ගමගේ මහත්මිය පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 2014 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා ඡන්දයේදීය. අනතුරුව 2015 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ වව්නියාව දිස්ත්‍රික් නායිකාව ලෙසද ඇය කටයුතු කර ඇත. සේනක ද සිල්වා මහතා සහ ඩයනා ගමගේ මහත්මිය මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් රඟ දක්වන්නේ තමන්ට අයත්ව තිබූ අපේ ජාතික පෙරමුණ පසුගිය මැතිවරණයට තරග වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමඟිනි. ඩයනා ගමගේ මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කළේ පක්ෂය ලබා දීමේදී වූ පොරොන්දුවක් මත යැයිද තොරතුරු වාර්තා වූ නමුත් සමඟි ජන බලවේගය පවසන්නේ තමන් ඇය පත් කළේ කාන්තාවන්ට ඉඩ ලබා දීම සඳහා බවය.
18 වැනි සංශෝධනයට සහාය ලබා දීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරියක ලෙසින්ද කටයුතු කළාය. ඉදිරියේදී තමන්ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා බව ඩයනා ගමගේ මහත්මියද මේ වන විට ප්‍රකාශ කර ඇත. එමෙන්ම රජය වගකීමක් ලබා දෙන්නේ නම් එම වගකීම බාර ගැනීමට තමන් සූදානම් බවද ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය යටතේ 2010දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය 2015 මහ මැතිවරණයේදී පරාජයට පත් විය. ඇය එහිදී මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය. ඉන්පසු ඇයගේ දේශපාලන දිවියද නිමාවට පත් විය.
විපක්ෂයේ සිට රජයට සහාය දුන් එකම මන්ත්‍රීවරිය ලෙස තම දේශපාලන අනාගතය තීරණය කිරීමේ අවස්ථාව දැන ඩයනා ගමගේ මන්ත්‍රීවරියට උදා වී ඇත. බොහෝ සමානකම් තිබුණද, දේශපාලනික වශයෙන් මේ දෙදෙනා අතර දක්නට ලැබෙන පැහැදිලි වෙනස්කමක්ද මෙහිදී සඳහන් කළ යුතුය. ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඒ වන විට වයසින් ලාබාල කාන්තාවක් මෙන්ම දේශපාලනයට ආධුනික තැනැත්තියක්ද විය. නමුත් ඩයනා ගමගේ මහත්මියගේ තත්ත්වය ඊට ඉඳුරාම වෙන්සය. පාර්ලිමේන්තුවට මෙවර තේරී පත් වූයේ පළමු වරට වුවද, දේශපාලනික වශයෙන් ඇය සතු අත්දැකීම් ප්‍රමාණය අති විශාලය. වසර ගණනාවක් පුරා ඇය දේශපාලනය සමඟ උරෙනුර ගැටෙමින් කටයුතු කර ඇත. එබැවින් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අත් වූ දේශපාලන ඉරණම ඩයනා ගමගේ මහත්මියගේ දේශපාල අනාගතයට සමාන වේද නැද්ද යන්න ඇය එම අත්දැකීම් භාවිතා කරන ආකාරය අනුව තීරණය වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

Share52Tweet33SendShare13
Previous Post

පෝර්ට්සිටියේ ලොකුම ඉදිකිරීම චීනෙට

Next Post

ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)

MORE NEWS

චීන කාන්තාවකට අමානුෂික පහර දීමකින් සමාජ මාධ්‍ය ගිනිගනී!
Politics

චීන කාන්තාවකට අමානුෂික පහර දීමකින් සමාජ මාධ්‍ය ගිනිගනී!

June 27, 2022
ඉතා නුදුරේ ම චීනෙන් තායිවානයට ප්‍රහාරයක්!
Politics

චීනය ජාත්‍යන්තර නීතිය නමාගෙන තායිවානයේ ජෝගි නටයි!

June 27, 2022
ලංකාවට සම්බාධක පනවන ලෙසට චීන රජයට දැනුම්දීමක්!
Politics

චීනය ලෝකයටම තර්ජනයක්?

June 27, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Politics

ඉන්දියාවෙ ගොවියන්ට පෝර මල්ලක් අපේ රටේ මාර පොල්ලක්!

June 27, 2022
ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්! ගෙදර යන්න වෙයි වගේ!
Politics

පවුල්වාදය සහ හමුදා ආඥාදායකත්වය පාකිස්ථානය වනසලා!

June 27, 2022
චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022

අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහතාගේ...

Read more
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net