News
ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා පස් අදින පැංචාට උදව් කරන හැටි මෙන්න
Published
2 months agoon

පසුගිය ජනවාරි පළමුවැනිදා අප “මව්රට” පුවත්පත වරල්ල දෙණියාය ප්‍රදේශයේ දිළිදු දරුවෙකුට උපකාර කිරිමට ඉල්ලා ලිපියක් පලකරන ලදී. ඒ අනේක දුක් කම්කටොලු අගහිඟකම් විඳිමින් පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 141ක් ලබාගත් දෙණියාය වරල්ල පිල්ලහේන වතුයායේ දිනේස් කුමාර් කණකරාජා නැමැත් දමිළ දරුවා පිළිබදවයි.
ඒ දරුවාගේ ඉදිරි අධ්‍යාපනය කරගෙන යාමට ශක්තියක් නොමැති බව අප පුවත මගින් හෙළි කිරිමට කටයුතු කළා. ඒ දරුවා පිළිබදව අපද දැනගත්තේ සමාජ මාධ්‍ය ජාලයේ වරල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකුගේ ෆේස් බුක් ගිණුමෙන්. මෙම විස්තරය සමාජ මාධ්‍යයට මුදාහැරිම පිළිබදව ඒ මහතාට ස්තුතිවන්ත විය යුතුයි . ඉන්පසුව අප මව්රට පුවත්පත ඒ පිළිබදව සොයා යන්නට කටයුතු කළා. ඒ පිළිබදව කොස්මෝදර පොලිස් ස්ථානයෙන්ද විමසීමක් කළා. ඒ සත්‍ය සිද්ධියක් බව එම පොලිස් නිලධාරින් මගින් අපට දැනගන්නට ලැබුණා.
ඉන්පසුව අප ඒ ව්‍යාපාරික මහතාගේ ෆේස් බුක් පිටුවේ විස්තරය ඇතුළත්ව මව්රට පුවත්පතෙහි ලිපියක් පළකරන්නට කටයුතු කළා. මේ පුවත මගින් කිහිප දෙනෙකු උපකාර කිරිමට ඉදිරිපත් වි ඇති බව අපට දැනගන්නට ලැබුණා.
ඒ අතරනංගිව සහ මල්ලිව Task Force for Child and youth Development of Sri Lanka සංවිධානය විසින් පාසැල් ගිහින් ඉවරවෙනතුරම අධ්‍යාපන කටයුතු සදහා වියදම් කිරිමට භාරගත් බව එහි නිර්මාතෘ සහ අධ්යක්ෂ ජනරාල් අයෝමි නිසංසලා මහත්මිය සහ මහේෂ් මධුරංග මහතා අපට කියා සිටියා. ඒ අයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
පසුගියදා මේ විස්තරය අප පුවත්පතේ පළකරන අවස්ථාවේ මෙම දරුවාගේ මවට බැංකු ගිණුමක් විවෘත කිරිමට හැකියාව ලැබි තිබුණේද නැහැ. ඒ නිසාවෙන් මේ දරුවාට උපකාර කිරිම සදහා කිහිප දෙනෙකු මුදල් මේ ව්‍යාපාරික මහතාට ලබාදී තිබුණා. මුදල් ලබාදෙන විට අතරමැදියන්ට මුදල් ලබා නොදී වගකිමෙන් යුතුව තමන්ම ඒ දරු පවුලේ දුක දැකලා මවගේ අතටම මුදල් බාරදෙන්න, එසේ හැකියාවක් නොමැති නම් මවගේ බැංකු ගිණුමටම මුදල් බැරකිරිමට කාරුණික වන ලෙස සෑම දෙනාගෙන්ම වගකිමෙන් යුතුව ඉල්ලා සිටිනවා. මේ වන විට බැංකු ගිණුම විවෘත කර ගැනීමට ඇයට හැකිවි තියෙනවා. අප මේ පුවත සියල්ලන්ගේම දැනගැනීම පිණිස නැවත පළකිරිමට තීරණය කළේ ඒ සියලු උදව් උපකාර ඍජුව ඒ පවුලටම ලැබෙන්නට ඕන නිසයි.
අලගර්සාමි කමලා
(බැංකු ගිණුමේ විස්තරය – ලංකා බැංකුව, අකුරැස්ස ශාඛාව ගිණුම් අංකය – 86968846 )
දු.ක අංකය 071-1151447/ 0741406605
ලිපිනය :- පිල්ලහේනවත්ත, වරල්ල, දෙණියාය.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
