• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු

February 21, 2020
in News, Politics
A A
සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු

සයින්දමරුදුවලට නව නගර සභාවක් ලැබෙන බවට කතාවක් කරළියට ආවේය. මිනිස්සු පාරට බැස ඔල්වරසන් දුන්නේය. ඒ සතුට සහිත පින්තූර සමාජ ජාල ඔස්සේ දකුණට ආවේය. මිනිස්සු ඒ ගැන කතා දෙකක් කියන්නට පටන් ගත්තේය.
“ඒක හොඳයි”
“ඒක නරකයි”
ඒ කතා දෙකේ මූලික අර්ථය විය. හොඳ වෙනුවෙන් සමහරු තර්ක කරන අතර සමහරු නරක ගැන තර්ක කළේය. හොඳත් නරකත් අතර දේශපාලන මත පිරී තිබුණේය. මිනිස්සු හොඳය කිව්වෙත් නරකයි කීවේත් දේශපාලන හොඳ නරක මතය.
සයින්දමරුදුවට පහුගිය සුනාමියෙන් අතිශය නරක ප්‍රතිඵල ලැබුණේය. දහස් ගණනක් ජීවිතක්ෂයට පත්විය. අද ඇපල් ගාඞ්න් ලෙස හඳුන්වන වෙරළ උද්‍යාන ප්‍රදේශය එදා සම්පූර්ණයෙන්ම මළසිරුර ගොඩක් විය. නමුත් දැන් සයින්දමරුදු දියුණු නගරයක්. ප්‍රධාන පිවිසුම් මාර්ගය මඩකළපුව කොළඹ මාර්ගයයි.
සයින්දමරුදුවට ග්‍රාම නිලධාරි කොට්ඨාස 16ක් තිබේ. උතුරින් කල්මුණෙයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයත්, දකුණෙන් කරයිටිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයත් සහ බටහිරින් සමන්තුරෙයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයත් සයින්දමරුදුවලට මායිම් වේ. නැඟෙනහිර මායිම ඉන්දියන් සාගරයයි. ජනගහනයෙන් 50.4%ක් පිරිමින් වන අතර 49.6%ක් කාන්තාවන්ය. ජනගහනයෙන් සියයට හතළිස් දෙකක් වයස අවුරුදු 18ට අඩු, ජනගහනයෙන් 48%ක් වයස අවුරුදු 19-64 අතර වන අතර ජනගහනයෙන් 10%ක් වයස අවුරුදු 65ට වැඩි අය වෙති. ජන ඝනත්වය වර්ග කි.මීටරයට 3,072කි. සම්පූර්ණ ජනගහනය 2011 ජන සංගනයට අනුව 25,412කි. සාමාන්‍ය වශයෙන් ගත් කළ සයින්දමරුදු නව නගර සභාවක් වෙන්න තිබූ සීමාව වර්ග කිලෝමීටර නවයකි. සයින්දමරුදුවට වෙනමම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇති නමුත් පරිපාලන දිස්ත්‍රික්කය අම්පාරය.

සයින්දමරුදු කියන්නෙ ලංකාවේ නැඟෙනහිර පළාතට අයිති නගරයකි. එක පැත්තකින් මඩකළපුවට කිට්ටුය. ළඟම නගරය කල්මුණේය. දකුණේ අපේ ලොකු යාළු මිත්‍රකමක් මේ නගර සමඟ නැත. නමුත් සයින්දමරුදු තරමක දියුණුවක් සහිත නගරයකි. එක පැත්තකින් නැඟෙනහිර මුහුදය. තවත් අතකින් සරු වගාබිම්ය. මේ අතර සයින්දමරුදු යම් සැලකියයුතු ජන ඝනත්වයක් සහිත නගරයකි. අපි මේ ලිපිය ලියන මොහොත වෙනකොට සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව දැනගන්නට ලැබේ. සමහර විට එය එහෙමම නතර වෙනවාද නැත්නම් කාලයක් යට ගොස් තිබී නැවැත මතුවෙනවාද කියන්නට දන්නේ නැත. ලංකාවේ දේශපාලනයේ සෙප්පඩවිජ්ජා බහුලය. උතුරේ, දකුණේ, නැඟෙනහිර, බටහිර, උඩරට කියා වෙනසක් නැත. ජනතාව කොහොමත් ඉන්නේ එක පිලකය. දේශපාලකයෝ තව පිලකය. ඒක සයින්දමරුදුවලටත් අදාළය. ඒ නිසා මේ නගර සභා සිහිනය සමඟ සයින්දමරුදුව තවදුරටත් අතරමං නොවෙතැයි සහතික දෙන්නට අපට පුළුවන්කමක් නැත.
ලංකාවෙ අපි සයින්දමරුදු ගැන වැඩියෙන් කතා කරන්නට ලැබුණේ පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟය. සහරාන්ගේ නෑසියන් යැයි කියන පිරිසක් මේ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරුවා ගත් බව මාධ්‍ය වාර්තා කළේය. පුපුරුවා ගැනීමෙන් පහළොවකට ආසන්න ප්‍රමාණයක් මියගියේය. සයින්දමරුදු නම වැඩියෙන් ඇහෙන්න ගත්තේ ඒ සමඟය. සයින්දමරුදු කළු ලපයක් එක්විය. ත්‍රස්තයන්ගේ මර්මස්ථාන අතර සයින්දමරුදුද එක්විය. ඒ අතර සයින්දමරුදුවලින් එන්.ටී.ජේ. මුහුදු මධ්‍යස්ථානයක් යැයි සැක කෙරෙන ස්ථානයක්ද හමුවිය. මේ කතන්දර අතර මිනිස්සු සයින්දමරුදු පැත්ත පළාතකට යන්නට බිය විය.
කල්මුණේ නගර සභාව බිහිවෙන්නේ 1987දීය. ඒ වෙනකොට සයින්දමරුදු වෙනමම ගම් සභාවක් ලෙස තිබුණාය කියා අන්තර්ජාලයේ සඳහන්ව තිබුණේය. කල්මුණේ ප්‍රාදේශීය සභාව බිහිවෙද්දී සයින්දමරුදුවත් ඊට එක්විය. පසුකාලීනව කල්මුණේ නගර සභාවක් වී මහනගර සභාවක් බවටද පත්විය. කල්මුණේ මහ නගර සභාවට සයින්දමරුදුද අයිතිව තිබුණේ නැත. මේ ප්‍රදේශය දෙමළ සහ මුස්ලිම් ජන කණ්ඩායම් සිය ජීවිතය ගතකරමින් උන් ප්‍රදේශයකි.
කල්මුණේ අයිති දිගාමඬුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයටය. එහි 2019 ජනාධිපතිවරණයට අදාළ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 74,068කි. භාවිත ඡන්ද ප්‍රමාණය 57,500කි. කල්මුණේ ඡන්ද බලප්‍රදේශයෙන් සජිත් ප්‍රේමදාස ඡන්ද හතළිස්දහස් තුන්සිය නවයකි. ගෝඨාභය රාජපක්ෂ මුළු කල්මුණෙන්ම ලැබූ ඡන්ද ප්‍රමාණය හත්දහස් දෙසිය අසූ හයකි. සජිත් කල්මුණේ මනාපයෙන් සීයට අසූ තුනයි දශම බින්දුවයි අටක් ගත්තේය. ගෝඨාභයට ලැබුණේ ප්‍රතිශතයක් ලෙස දොළහයි දශම හතයි නවයකි. හිස්බුල්ලාට ලැබුණේ මනාප 644කි. ඒ සියයට එකක් පමණි. 2018 වසරේ කල්මුණේ මහ නගර සභාවේ බලය හිමිවන්නේ ඉලංකෙයි තමිල්අරසු කච්චිවලටය. ඒ මනාප 1,479ක් සමඟය. දෙවැනි තැනට පත්වන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය. ඒ මනාප 1,026කිනි.
ඡන්ද
පොදුන පෙරමුණ 10
නිදහස් පක්ෂය 16
එ.ජා.ප.ය 27
ජ.වි.පෙ. 02
ලෙස ප්‍රධාන පක්ෂ බරපතළ ලෙස පහළට වැටුණේය. විවිධ සමාජ ජාල ඔස්සේ කියන පරිදි ස්වාධීන කණ්ඩායම් මහා ඡන්ද බලයක් පෙන්වන්නේද නැත.
ඡන්ද
ස්වාධීන කණ්ඩායම් 1 20
ස්වාධීන කණ්ඩායම් 2 17
ස්වාධීන කණ්ඩායම් 3 00
ස්වාධීන කණ්ඩායම් 4 01
2011 කල්මුණේ ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය ඊට වඩා වෙනස්ය. නගර සභාවේ වැඩි බලය ලැබෙන්නේ මුස්ලිම් කොංග්‍රසයටය.

SLMC – 22,356
TNA -9,911
UPFA -8,524
UNP – 2,805
මෙහිදී සම්පූර්ණ බලය මුස්ලිම් කොංග්‍රසයට ලැබෙන්නේ ආසන එකොළහක් සමඟය.
මේ සියල්ල අතර සයින්දමරුදු ජනයාට නගර සභා හීනයක් දුන්නේ ලංකාවේ දේශපාලන පක්ෂයන්ය. මුලින්ම රනිල්ලා මේ හීනය දුන්නේය. නමුත් ඊට පොහොට්ටු පිලේ අය ඒ කාලේ හිටි තැන්වල සිටම එරෙහි විය. මෙදා මේ යෝජනාව එද්දී එරෙහි නොවුණ අය එදා එරෙහි විය. මිනිසුන්ට පාලන බලය හිමිවීමත්, පාලන බලය විමධ්‍යගත වීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ සරු ලක්ෂණයකි. නමුත් කෙසේ හෝ මේ ලියනා මොහොත වන විට ඒ තීන්දුව අකුළාගත් වග රජයේ ආරංචිමාර්ග නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. අර රතිඤ්ඤා අපරාදේ කියන අතර මේ කතාව යළි ලියන්නට දිනක් එතැයි අපි සිතමු.
සයින්දමරුදු හිතවතුනි, එතෙක් අපි ඉවසමු. මේ කතාව දමිළ, මුස්ලිම් ගැටුමකින් කෙළවර නොවෙන තැනකට ආ එක ගැන අපි සතුටු වෙමු.

ජීවන පහන් තිළිණ

Share51Tweet32SendShare13
Previous Post

සිංගර් ෆැෂන් ඇකඩමිය ස්වයංරැකියා සඳහා අත්වැල සපයයි

Next Post

COMING SOON නළු නිළි ‌කෝලම

MORE NEWS

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?
Politics

ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?

May 2, 2022
චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!
Politics

චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!

May 2, 2022
පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!
Politics

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

May 1, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා...

Read more
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)

සජිත් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! රනිල්ගේ අලුත් සංස්කෘතියේ සලුපිළි එකින් එක ගලවයි! රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩත්වය රටටම පෙන්වයි! මිනිස්සු දුක් විඳින හැටි කතා කරයි! ආසයි බයයි නෙමෙයි ලැජ්ජාවයි බයයි තිබිය යුතු බව අවධාරණය කරයි! අනිවාර්යයෙන් කතාව අහලා බලන්න! (VIDEO)

May 18, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net