• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

චීනයට උත්තර දෙන්න ඉන්දියාවත් සූදානමින්!

November 29, 2021
in News, Politics
A A
චීනයට එරෙහිව ඉන්දියාව ප්‍රිඩේටර් උඩට අරන් එයි!

චීන අත්‍යන්ත බස්නාහිර සිංජිඈං කලාපයේ කටයුතු කළ ආකාරය පිළිබඳ එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව යන රටවලින් පවා පැසසුම් ලත් පනස්අට හැවිරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෑන්ං ජන්ෂේං, තම පක්‍ෂයේ තිබ්බත ස්වතන්ත්‍ර කලාපීය නායකයා වශයෙන් උසස්වීමක්ද සමග චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් පත්කරනු ලැබ ඇත.

නවදිල්ලිය පමණක් නොව ලෝකය පුරා සිටින මානව අයිතීන් පිළිබඳ, කණ්ඩායම් පවා මේ පත්වීම නිසා “සත්‍ය පරිපාලන තීරුව” නමින් හැඳින්වෙන “නැගෙනහිර ලඩ්කා සීමාවේ ගැස්ම” කවර මාර්ගයකට ප්‍රවේශවේ දැයි යන්න ගැන ඉතා උනන්දුවෙන් බලා සිටින බව “චෛනා මෝනිං” පුවත්පතේ පුවතක් උපුටා දක්වන “වියොන්” මාධ්‍ය කියයි.

“සත්‍ය පරිපාලන තීරුවට” සමීප චීන ඉසව්වේ මේ වන විට චීන විමුක්ති හමුදාවේ ක්‍රියාකාරකම්වල සහ අභ්‍යාසවල වර්ධනයක් දක්නට ඇතැයි ඉන්දියාවේ නැගෙනහිර හමුදා ආඥාපති ලුතිනන් ජෙනරාල් මනෝජ් පාණ්ඩේ පසුගිය අඟහරුවදා ප්‍රකාශ කෙළේය.

“සත්‍ය පාලන තීරුවට” ඔබ්බෙන් ලඩ්කා ප්‍රදේශය හරහා කෙරෙන අභ්‍යාසවල වැඩිවීමක් පේන්න තියෙනවා. ඒ සීමාවට ටිකක් දුරින්. ඒ වාගේම දේශසීමා රැකීමේ යෙදී සිටින හමුදා කණ්ඩවලද කිසියම් අන්දමක ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා වී තියෙනවා” ආඥාපතිවරයා කියයි.

චීන විමුක්ති හමුදාව පවත්වන වාර්ෂික යුද හමුදා පුහුණු අභ්‍යාසවල මට්ටම බොහොම ගැඹුරින් කෙරෙන බව පැහැදිලියි. ඒ පළමු වැනි කරුණ.

දෙවැනි කරුණ, “මේ දිනවල ඒ අයගෙ සංචාරක මුර සේවා නැවත එක්තැන්ව සිටින අන්දමක් පෙනුණත් ඒ අයගෙ පුහුණු කටයුතුවල වර්ධන වේගය නම් වැඩි”යැයි ආඥාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කෙළේය.

“සත්‍ය පාලන තීරුවට” ආසන්න වෙන්නට දෙපාර්ශ්වයම එකිනෙකා පරයමින් යටිතල පහසුකම් වර්ධනය කර ගන්නවා. හැබැයි එසේ කිරීමේදී සුළු සුළු සිද්ධීන් ඇතැම් අවස්ථාවල සිදුවෙන බව වාර්තා වෙලත් තියෙනවා.

“මේ යටිතල පහසුකම් වර්ධනය වීමත් සමගම සීමා රැක්මේ යෙදී සිටින හමුදා කණ්ඩවල වර්ධන වේගයද අතිවේගයෙන් ඉහළයාමද පෙනෙන්නට තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.

භූමියේත්, ගුවනේත්, රොකට් බලය ආදී සියල්ල යොදාගනිමින් දීර්ඝ වශයෙන් මෙන්ම සංකීර්ණාත්මකව ඒකාබද්ධ යුද අභ්‍යාස කිරීම චීන පාර්ශ්වයේ විශේෂ ලක්‍ෂණයකි. ඒ ආඥාපතිවරයාගේ අදහසයි.

චීන විමුක්ති හමුදාව ඒ අන්දමින් ක්‍රියාකරද්දී තම පාර්ශ්වයද එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කෙළේය.

අපේ කඳුකර හමුදා ප්‍රහාරක කණ්ඩායම ආරම්භ කළේ 2014දී. මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට ශක්තිමත් කළා. ඒ සංඛ්‍යාත්මකව, මෙහෙයුම් ක්‍රියාකාරී බලයෙන් සහ අවි ආයුධ ප්‍රමාණයෙන්.

ඊට ප්‍රහාරක කණ්ඩායම්, සහායක ප්‍රහාරක කණ්ඩායම් ආදී වශයෙන් අවශ්‍ය සෑම කණ්ඩායමක්ම ස්ථාපනය කරල තියෙනවා. ඒවාට අවශ්‍ය සියල්ලමත් සපයලා තියෙනවා.
කඳුකර ප්‍රහාරක කණ්ඩායම් ගතවූ වර්ෂ ගණනාව පුරාම සියලු අතින්ම පිරිපුන් තත්ත්වයට ළඟාවී සිටිනවා. ඒ අයට දැන් අවශ්‍ය ප්‍රායෝගිකත්වයට මුහුණ දීමටයි.

ඔවුනට අවශ්‍ය ආවේක්‍ෂණ (සුපරීක්‍ෂාකාරී නිරීක්‍ෂණය) ක්‍රමෝපායන් සියල්ල ලැබෙන්නෙ චන්ද්‍රිකා තාක්‍ෂණ මට්ටමෙන්.

එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අපි බලාගෙන ඉන්නවා. අපි ඒ සඳහා සෑම අතකින්ම සර්ව සම්පූර්ණයි” ආඥාපති ජෙනරාල් මනෝජ් පාණ්ඩේ ප්‍රකාශ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

Share53Tweet33SendShare13
Previous Post

හම්බන්තොට ගොවීන්ට නැනෝ පොහොර එපා වෙයි! දීපු ඒවාත් ආපහු ගෙනවිත් බාර දෙයි! (VIDEO)

Next Post

කොප් ලොක්කා මෝඩි!

MORE NEWS

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?
Politics

ගෑස් සහ ටර්ක්මෙනිස්තානය යුරෝපයේ සහ චීනයේ නව සටන් බිම වේවිද?

May 2, 2022
චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!
Politics

චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!

May 2, 2022
පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!
Politics

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

May 1, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!
Exclusive

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

May 18, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනකු අද පෙරවරුවේ ජනාධිපතිවරයා...

Read more
රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

May 18, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

May 18, 2022
රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net