• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, May 19, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

බැසිල්ට කලින් කබ්රාල් දුන්න මාස 6යේ සහන පැකේජ කෝ?

December 7, 2021
in Exclusive, News
A A
බැසිල්ට කලින් කබ්රාල් දුන්න මාස 6යේ සහන පැකේජ කෝ?

වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අජිඞ් නිවාඞ් කබ්රාල් මහතා හිටිහැටියේ එම තනතුරින් ඉල්ලා අස්වී මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. දේශපාලනඥයෙකුට වඩා කබ්රාල් මහතාව රටේ ජනතාව හඳුනන්නේ මහබැංකු අධිපතිවරයා ලෙසටය. ඒ මීට පෙර ඔහු එම ධුරයේ කටයුතු කර ඇති බැවිනි. එසේ වුවද, 2015 වසරේ සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසු කබ්රාල් මහතා පෙනී සිටියේ යහපාලන ආණ්ඩු විරෝධියෙකු ලෙසිනි. එතැන් පටන් නැවත රාජපක්ෂ පාලනයක් මෙරට තුළ බිහි කිරීම සඳහා කැප වූ පිරිස අතර කබ්රාල්ටද හිමිවන්නේ ඉදිරි පෙළ ස්ථානයකි.

වත්මන් රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව කබ්රාල් මහතාට උදා වූයේ ඒ අනුවය. ඉන් පසු ඒ මහතාට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයද හිමි විය. මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් මෙරට ජනතාවට විවිධාකාරයේ සහන ලබා දීමට කබ්රාල් මහතා උත්සාහ කරන ආකාරයද දැක ගත හැකි විය. ඒ සම්බන්ධයෙන් ඒ මහතා විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශයන්ද සිදු කළේය.

දේශපාලනයට සමුදී තම සුපුරුද රැකියාවට අවතීර්ණ වීමෙන් පසුව කබ්රාල් මහතා සිදු කළ පළමු ක්‍රියාව වූයේද ජනතාවට සහන ලබා දීමය. ඒ සඳහා මාස හයක සහන පැකේජයක් ජනතාව හමුවේ තැබීමට ඔහු කටයුතු කළේය.

මාස හයක් සඳහා වූ එම සහන පැකේජය කබ්රාල් මහතා ජනතාවට ඉදිරිපත් කළේ පසුගිය ඔක්තෝබර් 01 වැනිදාය. ඒ මහබැංකුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. එම අවස්ථාව ඉතාම උත්සවාකාරයෙන් පැවැත්වීමටද කබ්රාල් මහතා කටයුතු කර තිබිණි.

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම අත්හිටුවීමට එහිදී කබ්රාල් මහතා කටයුතු කළේය. එමෙන්ම ඉදිරි මාස හය තුළදී “පරාටේ” ගිවිසුම හරහා දේපොළ පවරා ගැනීම සිදු නොකරන ලෙසද මහ බැංකු අධිපතිවරයා එහිදී සියලුම බැංකුවලින් ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අජිඞ් නිවාඞ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය කඩා වැටෙන බවට චෝදනා කරන පිරිසට එසේ නොවන බවට තමන් අභියෝග කරන බවය.

“2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවෙලා තිබ්බා. කවුරුත් කියන්නේ නැති වුණත් එතනින් පස්සේ අපි බිලියන 06ක ණය නැවත ගෙව්වා. ඒ වගේම 2021 වසරේදීත් මේ දක්වා අපි බිලියන 5.6 ක් ආපසු ගෙව්වා. හැබැයි දැන් අපි සතුව බිලියන 5කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා. මුදල් වශයෙන් බිලියන 3.5කුත් ලැබීම් 1.5කුත් එකතු වන වශයෙන්. දැන් මේ දිහා ගණිතමය වශයෙන් පිටින් බලලා කාටහරි කියන්න පුළුවන් බලන්න අපිට ගෙවීම් කරන්න බැහැ කියලා.

ඒක තමයි මේ දක්වා බොහෝදෙනෙක් ගණන් හදලා අපිට කියන්නේ හැබැයි අපට ලැබෙන ලැබීම් ඇතුලත් කරලා මේ ගණනය කිරීම් එයාලා කරන්නේ නැහැ. ඒ අනුව තවත් වසර කිහිපයකදී අපිට ණය ගෙවාගන්න බැරි වෙනවා කියලත් එයාලා උපකල්පනය කරගන්නවා.

ඉතිං මම එයාලට කියන්න කැමතියි සංචිත කළමනාකරණය යනු දැනට තියන සංචිත කළමනාකරණය කිරීමම නෙමෙයි ලැබීම් කළමනාකරණය කිරීමත් ඊට ඇතුළත්. ඉතිං මේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපිට චෝදනා කරන අයට මම කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතිහාසයේ අපි ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.”

එසේ වුවද, ජනතාව පවසන්නේ කබ්රාල් මහතා ලබා දුන් පැකේජයෙන් තමන්ට මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බවය. එමෙන්ම මෙවර අයවැයේදී හෝ කබ්රාල් මහතාගේ පැකේජය පිළිබඳව අවධානය යොමු නොකිරීම කැපී පෙනෙන කරුණක් වී ඇත. අයවැයේදී අවධානය යොමු නොවූ පැකේජයක් ක්‍රියාත්මක කළ හැකි දැයි යන්නද දැන් ප්‍රශ්නයක් වී ඇත.

එම පැකේජය ඉදිරිපත් කරමින් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ ඉදිරි මාස හය අවසානයේදී එවැනි ආකාරයේ තවත් සැලැස්මක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. ඒ ආකාරයෙන් මාස හයෙන් හයට මහ බැංකුවේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන බවද කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

එසේ වුවද, කබ්රාල් මහතා ඉදිරිපත් කළ පැකේජය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී නොමැති බවක්ද මේ වන විට දැනගන්නට ඇත. මෙවර අයවැයේදී කබ්රාල් මහතාගේ පැකේජය පිළිබඳව නොසලකා හැර ඇත්තේ ඒ හේතුවෙන් බවද දැන ගන්නට ඇත.

මේ අතර පසුගිය සතියේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට පිටත්ව යෑමේදී එම සංචාරයට මහබැංකු අධිපතිවරයාට ඇරයුම් ලැබී නොමැති වීමද බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමඟ එකතුව සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණි.

වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාව නොසලකා හරින්නේදැයි දැන් බොහෝ දෙනා විමසන්නේ මේ කරුණු කාරණා මතය. මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා යනු නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු දෙදෙනෙකි. එය රටක් දියුණු වීමට අවශ්‍ය ප්‍රධාන සාධකයකි. මොන මොන දේශපාලන මතවාද තිබුණත්, කබ්රාල් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සහයෝගයෙන් මේ ආර්ථිකය ගොඩ ගනු ඇතැයි ජනතාව විශ්වාස කරන්නේ ඒ හේතුවෙනි.

-චන්දන පොන්නම්පෙරුම

Share62Tweet39SendShare15
Previous Post

ඇමැති වීරසේකරගේ එක ලේකම්වරයෙක් ප්‍රභාකරන්ගේ රත්තරන් ගොඩගන්න ගිහින් මාට්ටු වුණා! දැන් තවත් ‌’ලේකම්වරයෙක්’ නිධන් හාරන්න ගිහින් අහුවෙලාද?

Next Post

ගංජා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි! ඩයනා අරන් එයි! ශ්‍රීලනිපය ස්ථිර කරයි!

MORE NEWS

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!
Exclusive

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)
Exclusive

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)
Exclusive

මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

May 19, 2022
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)
Exclusive

අදත් කොහොමවත් පෙට්‍රල් දෙන්න බෑ! පෝලිම්වල ඉන්න එපා! කියන දේ අහලා ගෙදර යන්න! රටට තෙල් දෙන වගකීම තියෙන ඇමැති රටටම දැනුම් දෙයි! (VIDEO)

May 19, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් අවුල තව මාස එකහමාරක්ම ඔහොම තමයි! ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි! ඩොලර් නැති නිසා තායි ගෑස් එන එකත් කල් යයි! සිස්ටම් චේන්ජ්! දරවලින් දැන් තියාම උයන්න පුරුදු වෙන්න!

May 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!
Exclusive

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්...

Read more
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

May 19, 2022
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)

අදත් කොහොමවත් පෙට්‍රල් දෙන්න බෑ! පෝලිම්වල ඉන්න එපා! කියන දේ අහලා ගෙදර යන්න! රටට තෙල් දෙන වගකීම තියෙන ඇමැති රටටම දැනුම් දෙයි! (VIDEO)

May 19, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)

ගෑස් අවුල තව මාස එකහමාරක්ම ඔහොම තමයි! ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි! ඩොලර් නැති නිසා තායි ගෑස් එන එකත් කල් යයි! සිස්ටම් චේන්ජ්! දරවලින් දැන් තියාම උයන්න පුරුදු වෙන්න!

May 19, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net