පාකිස්තානයේ සින්ද් පලාතේ පමණක් 2016 වර්ෂයේ සිට මේ දක්වා වාහනවලට අංක තහඩු ලබාගත නොහැකිව සිටින සංඛ්‍යාව තුන් ලක්‍ෂය(3,00,000)ඉක්මවා ඇත
.මේ පිරිස විසින් මේ ඉල්ලීම සඳහා මේ වන විට රුපියල් මිලියන තුන්සියයක් හෙවත් කෝටි තිහක්(300,000,000)තැන්පත් කරනු ලැබ ඇතැයි ද වාර්තාවේ.
වාහන ව්‍යාපාරිකයින් ආනයනකරුවන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දි මේ තොරතුරු අනාවරණය වී තිබේ.
සෑම වාහන හිමියකුගෙන්ම රුපියල් දහස(1,000)බැගින් වන පරිදි මේ වනවිට රුපියල් මිලියන තුන්සියය (300,000,000)ඉක්මවා මුදලක් වාහන අංක ලබාදීම සඳහා මේ (වාහන ව්‍යාපාරිකයින් ආනයනකරුවන් සහ හිමිකරුවන්ගෙන්)ලබා ගෙන අතැයි රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෝටර් රථ වෙළෙඳාම් සහ ආනයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි අයිජාස් අහමඩ් ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පවත්වා ඇත.
වාහන අංක තහඩු නව ක්‍රමවේදයකින් නිකුත්කිරීමට සැලසුම්කිරීම නිසා ප්‍රමාදය සිදුවී ඇති බවත් මේ මාසය(මාර්තු)අවසන්වීමට ප්‍රථම අවශ්‍ය සියලුම අංක තහඩු ප්‍රමාණය නිකුත් කළ හැකි හැකි බවත් අවස්ථාවට සහභාගි වූ බදු නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
මෙතෙක් පැවති වාහන ලියාපදිංචි කිරීමේ සහ පැවරීමේ ක්‍රමවේදය වෙනුවට සින්ද් ආණ්ඩුව නව ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බවද මෙතෙක් ක්‍රියාත්මක රුපියල් දහසක(1,000) ගාස්තුව ද රුපියල් එක් දහස් අටසියය(1,800)ඉහළ නංවන බවද,යල්පිනූ පරිගණක පද්ධතිය යාවත්කාලීන කළ යුතු බව ද සම්බන්ධිකරණ නිලධාරි අයිජාස් අහමඩ් ප්‍රකාශ කර ඇත.
චන්ද්‍රසේන මාරසිංහ