• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

August 31, 2019
in Politics
A A
පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

මේ ලියන්න යන්නෙ කිසිසේත්ම දේශපාලන කතන්දරයක් නෙවෙයි. ඒ නිසා,
“ඔය දේශපාලනේ අපිට අප්‍රසන්නයි” කියලා හිතන කිසිම කෙනෙක් මේක නොකියවා ඉන්න එපා. මොකද මේක දැක්ක ගමන්ම මම දන්නවා ඔබට හිතෙන්න පටන් ගන්නවා මේ ලියලා තියෙන්නෙ දේශපාලනය ගැන කතාවක් කියලා.
හැබැයි එකක්, මේ දේශපාලනය ගැන කතාවක් නොවුණට දේශපාලකයන්ගෙ කතාවක්. ඒ නිසා මේකෙ අගමුල හොයන්න පාර්ලිමේන්තුවට රිංගන්න වෙනවා. ඒ නිසා වුණේ මොකක්ද කියලා ඔක්කොටම කලින් කියලා ඉන්නම්.
දවසක් දා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ඇමැතිවරු, හිටපු ඇමැතිවරු, අගමැතිතුමා, කතානායකතුමා, හිටපු ජනාධිපතිතුමා, විපක්‍ෂ නායකතුමා වගේ වෙන්ඩ ඇමැතිවරු එහෙමත් පාර්ලිමේන්තු ආවා. ඒ රට හදන අවංක චේතනාවෙන්. දැන් අර ඉස්සර වගේ එක එක විචිත්‍රාංග නැති නිසා පාර්ලිමේන්තු සැසිය නැඟලා යන්නෙ නැහැ. මතකද දන්නෙ නැහැ. ඉස්සර එහෙම නෙවෙයි. අපේ රටේ දක්‍ෂ දේශපාලකයො ඒ දවස්වල ජනතාවගෙ රසාස්වාදය උදෙසා මිරිස් කුඩුවලින්, කොකාකෝලා මැව්වා, ටෙලිෆෝන් එකෙන් අත කපාගෙන පෙන්නුවා. සමහර වෙලාවට සංගීත පුටු තරගෙට ගියා. කුණු බක්කිවලින් වොලිබෝල් ගැහුවා. පොත්වලින් වෙන කරන්න දෙයක් නොදන්න නිසා අල්ලලා විසි කළා. සමහර වෙලාවට ඕමි ගැහුවා. රෑට නිදාගත්තා. පවිත්‍ර හඬින් හොරා හොරා කිව්වා. හරියට අවුරුදු කාලෙට එන කොහා වගේ. හැබැයි දැන් එහෙම නැහැ. ඒ නිසා එන යන එකත් ඒ තරම් උනන්දුවෙන් වුණේ නැහැ. එක පාරක් ලිෆ්ට් එකේ හිරවෙලා ඉතිපිසෝ ගාථාව කියපු අයත් දැන් බය නැතුව එනවනෙ. දැන් ඕන තරම් ලිෆ්ට් නෙ. හැබැයි එදා ආපු ගමන් තේරුනා නිකං තියපු අඩිය උස්සලා ඊළඟ එක තියන්න බැහැ වගේ ගතියක්. එක්කෙනෙක් දෙන්නෙක්ට ඕක වුණත් අනෙක් කෙනාට කියන්න ගියේ නැහැ. හැබැයි ටික වෙලාවකින් තේරුනා ලිස්සනවා කියලා.
දැන් ඔය ලිස්සනවා කිව්වම කාට කාටත් තේරෙනවා ඇතිනෙ. කොහොමටත් අපේ මැති ඇමැතිවරු ලිස්සලා යන්න හරි දක්‍ෂයි. බලන්නෙ කොහොම හරි ලිස්සලා යන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ ලිස්සනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ටික වෙලාවක් යනකොට මේ ලිස්සන එක ඒ තරම්ම හොඳ දෙයක් නෙවේ කියලා තේරුණා.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන කොටත් මේ ලිස්සිල්ල එහෙමමයි. ඒ නිසා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාලා ඈත තියාම මහින්දට කිව්වා.
“බලාගෙන ලිස්සයි” කියලා.
අපි මේ ගැන පාර්ලිමේන්තුවේ වගකිවයුතු නිලධාරියෙක්ගෙන් ඇහුවම එතුමා කිව්වා ලිස්සුවට තාම කවුරුත් වැටිලා නැහැ කියලා.
“හැබැයි මමත් ගිහිල්ලා ආවා. ලිස්සනවා නං තමයි” කියලා.
හැබැයි අපිට තියෙන ආරංචිවලට අනුව නම් මන්ත්‍රිවරුන් ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් දැනට ලිස්සලා වැටිලා තියෙනවා. සමහරු පාර්ලිමේන්තුවේ වෛද්‍ය අංශයෙනුත් ප්‍රතිකාර අරගෙන තියෙනවා. තවත් සමහරු ආයුරුවේද ප්‍රතිකාරවලට පවා යොමුවෙලා තියෙනවා. ඒ අතර පාර්ලිමේන්තු සේවිකාවක් මෙතැනින් යද්දි අඩි උඩ සෙරෙප්පු ගලවලා යනවා කියලත් ආරංචියි.
දැන් ප්‍රශ්නෙ ඕක නෙවෙයි. රටේ නීති හදන උත්තරීතර ආයතනයේ වටපිටාවේ පහසුකම් ටිකවත් උත්තරීතර මට්ටමේ නැත්තං රට ගැන කවර කතාද.
මතක ඇතිනෙ වතාවක් ඔය පාර්ලිමේන්තුවෙම ලිෆ්ට් එක හිරවුණා. එහෙම ලිෆ්ට් එක හිරවෙන්නෙ කාගෙ වරදින් වුණත් අන්තිමට අපි ගෙවන්නෙ රටේ සල්ලිවලින්. රටේ සල්ලි කියන්නෙ කියවන ඔයාගෙයි ලියන මගෙයි තුට්ටු දෙකෙන් තට්ටු කරගන්න සල්ලිවලින්. පාං ගෙඩියෙන්, සීනි දෙසිය පනහෙන්, තේ කුඩු සීයෙන්, ගිනිපෙට්ටියෙන් ගෙවන බදුවලින්. ඒක සෙල්ලමක් නෙවෙයි. පළමු වැනි එකාගෙ වැඬේ හරියට කරගත්තෙ නැති වුණාම එක වැඬේ දෙකයි. සමහර වෙලාවට දෙකයි නෙවේ තුනයි. ඒ කියන්නෙ මුලින්ම වැඬේට ගියපු මුදල. ඊළඟට වැඬේ වැරැදුණු එක අයින් කරන්න යන මුදල සහ අලුතින් වැඬේ කරන්න යන මුදල. මතක තියාගන්න ඕවා ඔක්කොම යන්නෙ අපෙන්. එහෙම නැතුව වරද්දපු එකා ගෙදරින් ගෙනල්ලා නිවැරැදි කරන්නෙ නැහැ.
ඊළඟට මොකක්ද මේ ලිස්සන්න හේතුව. ඒ ගැන අපි හෙව්වා. කතාව මේකයි. ලිස්සන්නෙ අලුතින් ගාපු වැක්ස් එකක් නිසා. මේ වැක්ස් එක ගාන්නෙ නිකම්ම නිකං හිතිලා ඔන්න ඔහෙ ගාලා දාමු කියලා නෙවෙයි කියලයි අපි හිතන්නෙ. ඕවා ඉතින් මේ අපි අපේ නොදන්නකමට හිතනවද දන්නෙ නැහැ. ඒත් රටේ තියෙන ප්‍රධානතම ආයතන තුනෙන් එකක ඇණයක් ගහන්නත් අනුමැතියක් ඕන ඇති කියලා අපිට හිතෙනවා. අරලියගහ මන්දිරයයි, ජනාධිපති මන්දිරයයි, අලුත්කඬේ උසාවියයි, පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලයි රටේ තියෙන වැදගත්ම ආයතනනෙ. එතකොට කවුද මේ වැක්ස් එක ගෙනාවෙ? ආරංචි විදිහට මේ ලිස්සන සුළු වැක්ස් එක ලීටර් 4 කෑන් 50ක් ගෙනැත් තමයි ආලේප කරල තියෙන්නේ. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ එක කෑන් එකක් රුපියල් 4650ක් වෙනවා කියලා.
අපි මේ ගැන අහන්න කීප දෙනෙක්වම සම්බන්ධ කරගන්න උත්සාහ කළා. එක වතාවක් අපි මේ පිළිබඳ දැනගන්න අදහසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්ජිනේරු අංශයට ඇමතුමක් ගත්තා. නමුත් අවාසනාවකට ඔහු කිව්වා මේ ගැන දන්නේ ඒ අංශය නෙවෙයි කියලා.
ඊට අදාළ අංශය විදියට ‘හවුස් කීපර්’ට කතා කරන්න කිව්වා. නමුත් ‘මව්රට’ අපි කිහිප වතාවක්ම උත්සාහ කළා මේ හවුස් කීපර්ව දුරකතනයෙන් සම්බන්ධ කරගන්න. මුලින් ඊට අදාළ ස්ථාවර දුරකතනයට ප්‍රධාන අංකය යටතේ ඇමතුම් ගත්තා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. ඉන් පසුව අපි ඔහුගෙ ජංගම දුරකතන අංකය හොයාගෙන ඇමතුමක් ගන්න සෑහෙන උත්සාහයක යෙදුණා. නමුත් ඒ අංකය හරහාත් අපට හවුස් කීපර්ව සම්බන්ධ කරගන්න බැරිවුණා. ඒ නිසා අපි මේ ගැන කියැවෙන විවිධ ආරංචි ඔස්සේ ඉදිරියට ගියා.
දැනගන්න තියෙන විදියට රනිල්ලා, මහින්දලා, අනුරලා, සජිත්ලා, කරුලා අවදානමක දාපු මේ ලිස්සන සුළු කතන්දරේට වගකිව යුත්තන් ගැන පරීක්ෂණ ආරම්භ කරන්න කියලා කියල තියෙනවලු. හැබැයි එහෙමයි කියලා තවමත් සාර්ථක විසඳුමක් නෑ. වැරැදිකාරයෙක් හොයලා නෑ. මේ ලිස්සන සුළු වැක්ස් එක පිටරටින් ගෙන්වපු අය මේ වෙද්දී චීනෙට ගිහින් කියලත් කියනවා. ඒවායේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.
කොහොම නමුත් තවම පරීක්ෂණ, පරීක්ෂණ මට්ටමේම තියෙනවා කියලයි ආරංචි. අපට නම් හිතෙන්නෙ මේවා මෙහෙම ලිස්සලා යන්න ඇරලා හරියන දේවල් නෙවෙයි. ඔය කට්ටිය ලිස්සුවට කමක් නෑ. අපේ සාක්කුවල තියෙන තුට්ටු දෙක ලිස්සන එකයි තියෙන ප්‍රශ්නෙ.
හැබැයි රටේ ජනතාවට තියෙන ප්‍රශ්නෙ ඕක නෙවෙයි.
වැක්ස් ගාලා ලිස්සන සුළු පොළොවක් හැදුවෙ
රනිල් වට්ටන්නද?
මහින්ද වට්ටන්නද?
නැත්නම් වෙන කාවහරි වට්ටන්නද? කියන එක.

ජීවන පහන් තිලිණ

Share51Tweet32SendShare13
Previous Post

ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව

Next Post

කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව

MORE NEWS

චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!
Politics

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

June 15, 2022
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!
Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net