.ඉන්දු පැසිපික් කලාපයේ මොනයම් අන්දමකින් හෝ සන්නද්ධ වැ කුපිතකරවීමේ ක්‍රියාමාර්ගයක් හෝ ආරාවුලක් හෝ ගැටුමක් හෝ ඒ අන්දමේ ආතතියක් හෝ ඇතිකරවන සිද්දියක් හෝ චීනය විසින් ඇති කරනු ලබන්නේ නම් එය මර්ධනය කිරීම උදෙසා ක්‍රියා කරන බවට“ක්වැඩ්”සංවිධානයේ රටවල්(ඇමරිකාව,ජපානය,ඉන්දියාව,සහ ඕස්ටේ්‍රලියාව)චීනයට අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය සහ ජාත්‍යන්තර සාගර නීතිය උල්ලංඝණයකරන්නේම් තමන් සෙසුරටවල ආරක්‍ෂාව උදෙසා එ වන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පසු ගිය අඟහරුවා දා ක්වැඩ් සංවිධානයේ නායකයින් විසින් පවත්වන ලද සාකච්ඡාවකින් පසුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
ඉන්දු පැසිෆික් කලාපයේ පවත්නා අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන් ලැබෙන සහායද සාකච්ඡාවට දැඩිව භාජනය කෙරී තිබේ.
රුසියන් යුක්රේන් ගැටුම ඇතුළුව ජාත්‍යන්තරයේ පවත්නා මානුෂීය ආරාවුල් ගැනද සාකච්ඡා කෙරී ඇත.
චන්ද්‍රසේන මාරසිංහ