Exclusive
අපේ මැණිකේ අගේ හින්දා… මැණික වෙනුවෙන් කුලුන බැන්දා…
Published
1 month agoon

මුල් ගල තැබූ දිනයේ පටන්ම රත්නපුරයේ යෝජිත මැණික් කුලුන රටේ දැඩි ආන්දෝලනයකට ලක් විය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට එරෙහිව දැඩි විවේචන පළ වන්නට විය. එය තවත් එක්තරා කුලුනක් පමණක් වනු ඇතැයි යන්න එම විවේචනවලට හේතු විය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ එය මැණික් කුලුන ලෙස හැඳින්වීමය.
මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කළ බොහෝ දෙනකුගේ අදහස වී තිබුණේ එය තවත් එක් නෙළුම් කුලුනක් වනු ඇති බවය. නෙළුම් කුලුනෙන් ඇති ප්‍රයෝජන පිළිබඳවද ඒ හරහා නැවත කතිකාවතක් ඇති වන ආකාරයද දක්නට ලැබිණි. කෙසේ නමුත් තොරතුරු සොයා බැලීමේදී පෙනී යන්නේ රත්නපුරයේ ඉදිකිරීමට මුල් ගල තැබූ කුලුන නිකම්ම නිකං කුලුනක් පමණක් නොවන බවය.
මැණික් කුලුන ලෙස හැඳින්වුවද, ඉදිකිරීමට යෝජිතව ඇත්තේ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයකි. එවැනි මධ්‍යස්ථාන සඳහා ජාත්‍යන්තරයේ ඨැප ඔදඇරි යන නාමය යොදා ගැනෙන බැවින් රත්නපුරයේ ඉදිකිරීමට යෝජිත මධ්‍යස්ථානය සඳහා මැණික් කුලුන යන නාමය භාවිතා කිරීමට තීරණය කර ඇත. මෙම මැණික් කුලුනු සංකල්පය ජාත්‍යන්තරව තායිලන්තය සහ හොංකොං වැනි රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇත. මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන මධ්‍යස්ථානයකි. මෙම ව්‍යාපෘතිය සඳහා භාවිතා කෙරෙන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් බවද දැනගන්නට ඇත.
ව්‍යාපෘතියේ පළමු අදියරේදී වර්ග අඩි 1,500ක භූමි ප්‍රමාණයකින් යුතුව මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා රත්නපුර ප්‍රදේශයේ පර්චස් 22ක භූමි භාගයක් තෝරා ගෙන ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස, ඉහත සඳහන් ඉඩමට යාබද ඉඩම අත්පත් කර ගැනීමටත්, මහල් 14 කින් යුත් නවීන ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් යෝජනා කර ඇත.

මේ හරහා රත්නපුර අවට මැණික් කර්මාන්තකරුවන්ට අත්වන ලාභ ප්‍රයෝජන බොහෝය. එකම වහලක් යටදී ජාත්‍යන්තර අලෙවිකරුවන් සමඟ කරට කර මුසු වෙමින් තම කර්මාන්තයෙන් වැඩි ලාභ ඉපයීමේ අවස්ථාව ඔවුනට උදාවනු ඇත. එය මෙරට මැණික් කර්මාන්තයේ අනාගතයට ඉතා ඵලදායී වනු ඇති බව විශේෂඥයන්ගේ අදහස වී ඇත.
අලෙවි පහසුකම් පමණක් නොව මෙම මධ්‍යස්ථානය හරහා ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා පහසුකම්ද සැපයීමට යෝජිතව ඇත. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අදහස වී ඇත්තේ ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොං තත්ත්වයටම රත්නපුරද ගෙන ඒමය. ඒ හරහා සෘජු සහ වක්‍ර රැකියා රාශියක්ද ශ්‍රී ලාංකිකයන්ට හිමි වනු ඇත.
රත්නපුරයේ මැණික් කුලුන දේශීය ඉදිකිරීම් ශිල්පීන් යොදා ගනිමින් නිම කිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි. ව්‍යාපෘතියේ පළමු අදියරේදී යෝජිත ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට ප්රදානය කිරීමට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාත්‍යන්තරව ඉදිකෙරෙන මධ්‍යස්ථානයක් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවෙකු යොදා ගැනීමද අගය කළ යුතුය.
සමාජ මාධ්‍ය ඔස්සේ මැණික් කුලුනට විවේචන එල්ල කළ බොහෝ දෙනකු පවසා තිබුණේ රත්නපුරයේ කුලුනක් ඉදි කිරීමට පෙර එහි ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන ගංවතුර ගැටලුවට පිළියම් යෙදිය යුතු බවය. කළු ගඟ ඉහත්තාවේ පිහිටි රත්නපුර නගරය සෑම වසරකදීම වරක් හෝ දෙවරක් ගංවතුරෙන් යට වීම සාමාන්‍ය තත්ත්වයකි. එහි ජනතාව නිරන්තරයෙන් පීඩා විඳින ගං වතුර ගැටලුව සඳහා පිළියම් යෙදිය යුතු බව සැබෑවය. නමුත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි මෙවැනි ආකාරයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමෙන් රත්නපුර ජනතාවට අත්වන වාසිය සුළුපටු නොවන බවද පැවසිය යුතුය.
අතීතයේ සිටම ශ්‍රී ලංකා නාමය ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වූ ප්‍රධාන සාධකයක් ලෙස මැණික් හැඳින්විය හැක. අතීතයේ යුරෝපීය ආක්‍රමණිකයන් මෙරට සොයා ඒමටද මැණික් සඳහා වූ ජනප්‍රියතාව හේතු විය. එබැවින් මහ පොළොවෙන් ලැබෙන මේ අමිල වූ සම්පත හරහා අපේ රටට ලබා ගත හැකි ලාබ ප්‍රයෝජන බොහෝය. ඒ වෙනුවෙන් රත්නපුර මැණික් කුලුන අගනා මෙහෙයක් ඉටු කරනු ඇත. අනාගතයේදී මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ලෝකයේ මැණික් ව්‍යාපාරය සඳහා කාර්යබහුලම ස්ථානය වේවා යන්න අපගේ බලාපොරොත්තුවය.
චන්දන පොන්නම්පෙරුම
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
