Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ආණමඩුවේ කොල්ලෙක්ට තුන් පාරක් කොරෝනා හැදිලා

Published

on

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය.

මෙසේ කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ පළමුවරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වු අයෙකී.

අදාළ තරුණයා ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචිකරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව කියයි.

සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී  දෙවන වරට යළි රෝග ලක්ෂණ පහළ කිරිමෙන් පසු  මෙම තරුණයා සැප්තැම්බර්  17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇති බව කියයි.

එහිදි දෙවන වරට  සිදුකළ පිසිආර් පරික්ෂණ වලදී නැවතත්  කෝවිඩ් ආසාදිතයකු බව සනාථ වි ඇත.

ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා නැවත යළි නිවසට පැමිණ තිබුණි.

කෙසේ නමුත් අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්  ඔක්තෝම්බර් 2 දින (පසුගිය සිකුරාදා නිවසේ ) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබුණි.

එහිදි නැවත අදාළ තරුණයා පිසිආර් පරික්ෂණවලට යොමු කිරිමෙන් පසුව තුන්වන වරටද කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස මෙම තරුණයා  වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මෙම තරුණයා බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීහු පවසති.

Advertisement
Exclusive1 week ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)