• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව පරදියිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 10, 2021
in Exclusive, Uncategorized
A A
ආණ්ඩුව පරදියිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ ආණ්ඩුවට හරියටම වයස දැන් අවුරුද්දයි මාස 5ක් පමණය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවට අවුරුද්දයි මාස 5ක් වුණේ 2016 ජුනි මාසයේය. 2015 මහ මැතිවරණය අවසන් වූ පසු 2016 වන තෙක්ම යූ.ඇන්.පී.ය පුංචි ඡන්දය පවත්වන ලෙස මෛත්‍රිට බල කළහ. ඔවුන් එලෙස බල කළේ තමන්ට පහසුවෙන් පුංචි ඡන්දය ජයග්‍රහණය කළ හැකි බව දැනගෙනය. මෛත්‍රිත් මෙය දැන සිටියේය. ඔහු පුංචි ඡන්දය තියන්න බය වූ එක් හේතුවක් වූයේ යූ.ඇන්.පී.ය අති විශිෂ්ට ජයක් ලබයි යන බියත්, මහින්ද වෙනම තරග කොට ප්‍රධාන විපක්‍ෂය වෙයි කියන බයත්ය. එසේ වුවහොත් තමන් නායකත්වය දෙන ශ්‍රී ල.නි.ප.ය නන්නත්තාර වේ යැයි ඔහු බිය විය. මේ නිසා ඔහු පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කමිටු දම දමා ඡන්දය කල් දමා ගත්තේය. අන්තිමට පුංචි ඡන්දය පැවැතියේ 2018 දීය. ඊළඟට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු වුවත් පුංචි ඡන්ද පරාජයෙන් පසු පළාත් සභා ඡන්දය පවත්වන්න යූ.ඇන්.පී.ය බය විය. කොහොමත් ඡන්දවලට බිය වූ මෛත්‍රිත් පළාත් සභා ඡන්දය කල් දැම්මේය.

මේ කතාව මතක් කළේ වෙන හේතුවක් නිසා නොව දකුණේ අති විශාල ජනවරමක් ලැබූ ජනාධිපතිවරයෙක් ඉන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් තියෙන පොදුජන පෙරමුණ පළාත් සභා ඡන්දයට යන්න තියෙන බය දිහා බලන කොටය. 2016 ජුනි වෙන කොට අද රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්නා කාල සීමාවේ සිටි යූ.ඇන්.පී. ආණ්ුව ඡන්දවලට බය වුණේ නැත. යූ.ඇන්.පී.ය මෛත්‍රිට බලපෑම් කරමින් ඡන්දය ඉල්ලූහ. ඡන්දය නොදී කල් දැමුවේ මෛත්‍රිය. තමන්ට ජනාධිපතිවරයෙක්ද නැතිව තම පක්‍ෂයට තනි තුනෙන් දෙකක බලයක්ද නැතිව සිටි යූ.ඇන්.පී. ආණ්ඩුව අවුරුද්දකුත් මාස 5ක් ගතවී සිටියේ ඡන්ද දිනන මූඩ් එකේය. අද ලංකාවේ ඉතිහාසයේ බලයට ආ ශක්තිමත්ම ආණ්ඩුව වන රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභා ඡන්දයට යන්න බයය. එදා මෛත්‍රිපාල පුංචි ඡන්දයට යන්න බයේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කතා කළා සේ අද රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනෑ යැයි කියමින් ඡන්දය කල් දමන්න උත්සාහ ගනිමින් සිටී.

‘රාජපක්‍ෂලා ඡන්දවලට බය නැහැ…’

මේ 2005 – 2015 කාලේ මිනිස්සු කී කතාවය. ඇත්තටම මහින්ද 2005 ජනාධිපතිවරණය දින්න දවසේ සිට ඡන්ද තිබ්බේය. 2006 පුංචි ඡන්දය තිබ්බේය. ඡන්දයක් නොතිබ්බේ 2007 දී පමණය. 2008 දී නැඟෙනහිර පළාත් සභා ඡන්දය, උතුරු මැද පළාත් සභා ඡන්දය, සබරගමු පළාත් සභා ඡන්දය තිබ්බේය. 2008 වසරම ගතවූයේ ඡන්දවලටය. 2006 පුංචි ඡන්දය තියා මහින්දගේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ ඉවර කළේය. 2008 නැඟෙනහිර, උතුරු මැද, සබරගමු ඡන්ද තියා යූ.ඇන්.පී.යත් එක්ක එක් වූ මංගල – ශ්‍රීපති කණ්ඩායම ඉවර කළේය. 2009 යුද්ධයේ අවසන් දිනවල මධ්‍යම, බස්නාහිර පළාත් සභා ඡන්ද තිබ්බේය. යූ.ඇන්.පී.ය හොම්බෙන් ගියේය. ඉන්පසු ඌව පළාත් සභා ඡන්දය තිබ්බේය. දකුණු පළාත් සභා ඡන්දය තිබ්බේය. අවසානයේ 2010 ජනධිපතිවරණය සහ මහ මැතිවරණය තිබ්බේය.

2010 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දින්න මහින්දගේ ආණ්ඩුව 2011 කඩින් කඩ පුංචි ඡන්ද තිබ්බේය. 2012 නැඟෙනහිර පළාත් සභා ඡන්දය, උතුරු මැද පළාත් සභා ඡන්දය, සබරගමු පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2013 දී උතුරු පළාත් සභා ඡන්දය, වයඹ පළාත් සභා ඡන්දය, මධ්‍යම පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2014දී දකුණු පළාත් සභා ඡන්දය සහ ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2014 ජනාධිපතිවරණයට ගියේ මේ පළාත් සභා ඡන්ද පැවැත්වීමෙන් පසුවය.
මහින්දගේ ආණ්ඩුව මේ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හරියටම නියමිත දිනටය. සමහර පළාත් සභාවල ඡන්ද කලින් පැවැත්වීය.

‘අපි ඡන්දවලට බය නැහැ. විපක්‍ෂය ඡන්ද තිබ්බාම වෙව්ලනවා…’

මේ ඒ කාලයේ මහින්ද නිතරම කී ජනප්‍රිය කතාවකි.

‘එහෙව් රාජපක්‍ෂලා ඇයි අද ඡන්ද කිව්වාම බය වෙන්නේ..?’

හේතු අනෙකක් නොව රාජපක්‍ෂලාට තරම් හොඳින් ජනතාවගේ හෘද ස්පන්දනය අන් කාටවත් ඇත්තේ නැත. දැන් ඡන්දයකට ගියොත් වෙන දේ අන් කාටත් වඩා හොඳින් රාජපක්‍ෂලාට දැනෙනවා විය යුතුය. රාජපක්‍ෂලා පමණක් නොවේ. වියත් මග ප්‍රබලයෙක් වන ආචාර්ය නාලක ගොඩහේවාටත් ඒ බව දැනිලා තිබේ.

‘ආණ්ඩුවේ ජනප්‍රියත්වය පල්ලම් බැහැලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න විසඳා නොගත්තොත් මීළඟ ඡන්දෙ දිනන්න බැහැ…’

මේ ආචාර්ය නාලක ගොඩහේවා කියන කතාවය. ඊළඟට ලංකාවේ දේශපාලනයේ හොඳ ගේම්කාරයෙක් වන ඡන්ද මැෂිම පිළිබඳ විශේෂඥයකු වන එස්. බී. දිසානායකත් මේ ටික තේරුම් ගෙන තිබේ. ඔහු කීවේ පම්පෝරිය විතරයි. ආණ්ඩුවේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියාය. එස්. බී. කියන්නේත් හොඳ දේශපාලන සතෙකි. ආණ්ඩුව ගැන ඔහු මේ කට අරින්නේ ආණ්ඩුව ගැන මිනිස්සු කතා වෙන දේ හොඳට දැනිලා තියෙන නිසාය.

අනෙක දැන් ඉස්සර වගේ නොවේ. ඉස්සර නම් බලයේ ඉන්න ආණ්ඩුවක් පළාත් සභා, පුංචි ඡන්ද පරාජය වන්නේ නැත. පළාත් සභා පරාජය වී ඇතත් පුංචි ඡන්ද නම් පරාජය වී නැත. ඉතිහාසයේ පළමු වරට පුංචි ඡන්දයක් පරාජය වූයේ රනිල්ගේ ආණ්ඩුව 2018 දීය. ඒකට හේතුව දැන් කාලයේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වුණු මිනිස්සු පුංචි ඡන්දය ආණ්ඩුව ලවා ගමේ වැඩක් කරවා ගන්න නොව ආණ්ඩුව සමග ඇති තරහ පිරිමහගන්න යොදාගැනීමය. මෛත්‍රි-රනිල්ගේ ආණ්ඩුව එක්ක නම් මිනිසුන්ට තිබුණේ රට ආණ්ඩු නොකර මෛත්‍රි සහ රනිල් ගහමරා ගැනීමයි. දෙන්නා තරගෙට පිටරට යෑමයි. හොරු අල්ලන්න කියා ඇවිත් මහ බැංකුව මංකොල්ල කෑමයි පිළිබඳ වෛරයකි.

ඒත් මේ ආණ්ඩුව එක්ක පිරිමහ ගන්න වෛර ගොඩක් මිනිසුන්ට තිබේ. ඒ වෛරය එන්නේ දවසට තුන් පාරක් බොන කහට එකේ සිට හොදි මාළු පීරිසි උයාගන්නා තෙල් ටික දක්වාය. මේ වෛරය මිනිස්සු පළාත් සභා ඡන්දයේදී පිට කරයිද කියා ආණ්ඩුව ඉන්නේ දෙගිඩියාවෙන්ය.

‘ඉතින් ආණ්ඩුව ඡන්දයකට බය වෙන එක අහන්නත් දෙයක්ද…?’

හැබැයි මෙහෙම බය වෙලා ආණ්ඩුව තව අවුරුද්දක් දෙකක් මේ විදියට ගියොත් මේ ආණ්ඩුවට වෙන්නේත් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට වෙච්ච දෙයමය. මෛත්‍රි පුංචි ඡන්දයට බය වෙලා ඡන්දය කල් දමලා ඡන්දයට ගියේ බැඳුම්කර කොමිසමෙන් යූ.ඇන්.පී.ය හතර ගාතේ වට්ටලාය. එතකොට යූ.ඇන්.පී.යත් හිටියේ පාන් කියාගන්න බැරිවය. මුලින් යූ.ඇන්.පී.යත් බය නැතිව ඡන්දයකට යන්න දත් මැදගෙන සිටියත් බැඳුම්කර කොමිසමෙන් පසු යූ.ඇන්.පී.යත් ඡන්දෙට බය විය. 2018 ඡන්දෙට ගියේ එහෙම බය වෙලාය. ඡන්දයෙන් යූ.ඇන්.පී.යයි මෛත්‍රියි දෙගොල්ලොම ඉවර විය. රාජපක්‍ෂලා රජ ගෙදර දොර ළඟටම ගියහ. ඉන්පසු මෛත්‍රිටත් රනිල්ගේ යූ.ඇන්.පී.යටත් හැදෙන්න වෙලාවක් නොවීය. 2019 ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණි. 2018 පුංචි ඡන්දයට පසු මෛත්‍රි සහ රනිල් ගියේ පල්ලමටය. රාජපක්‍ෂලා ගියේ මුදුනටය.

‘ඡන්දෙට බය වෙවී ඉඳල ජනාධිපතිවරණයට වසරක් තියෙද්දී පළාත් සභා, පුංචි ඡන්ද තියන්න ගිහින් මේ ආණ්ඩුවත් ඒ පරිප්පුවම කයිද..?’

කියන්න දන්නේ නැත. හැබැයි මෛත්‍රි – රනිල් ආණ්ඩුව පල්ලම් බහින්න පටන් ගත්තේ 2018 පුංචි ඡන්දය පරාජය වීමෙන් පසුවය. මේ ආණ්ඩුව පල්ලම් බහින්න පටන්ගෙන තියෙන්නේ ඡන්දයකින් පරාජය වෙලාත් නැතිවය. ඛේදවාචකය එයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Share51Tweet32SendShare13
Previous Post

රහස් පොලිස් අධ්‍යක්ෂට හදිසි මාරුවක්

Next Post

මැරිලා මෝචරියට යවපු මීගමුවේ ධීවරයාට එක පාරටම පණ ඇවිත්

MORE NEWS

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Gurudawa

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!
Exclusive

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා...

Read more
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net