Exclusive
උසාවියට අපහාස කළාට රන්ජන්ගෙන් පස්සේ ඇතුළට යන්නේ කිමාලිද?
Published
1 week agoon

යාල සංචාරක ව්‍යාපාරයේ ඉඩමක් බදු දීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කොළඹ දිසා අධිකරණය මේ සතියේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (එස්එල්ටීඩීඒ) සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ඉහළ නිලධාරීන්ට සිතාසි සහ චෝදනා පත්‍ර නිකුත් කළේය.
එහි අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් අනෝමා නන්දනී යන අයටද දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා විසින් සිතාසි හා චෝදනා පත්‍ර නිකුත් කරන ලදී.
ඒ, පැමිණිලිකරු මෙන්ම පෙත්සම්කරු වන ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම (එල්ආර්එල්) විසින් කරන ලද අයදුම්පතක් සලකා බැලීමෙන් පසුවය.
යාල සංචාරක කලාපයේ ඉඩමක් සම්බන්ධයෙන් 2020 ජුනි 15 වන දින ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් මූලික ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද අතර, එම ඉඩම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වසර 99 ක කාලයක් සඳහා එම සමාගම වෙත බදු දී තිබේ.
කෙසේවෙතත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකපාර්ශවිකව බදු අවලංගු කිරීමක් සිදු කර ඇති අතර, ඊට එරෙහිව ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීය.
එහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට බදු ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
නඩු විභාගය අවසන් වන තුරුම අතුරු තහනම ක්‍රියාත්මක වේ.
අදාළ පෙත්සම් මගින් බදු ගිවිසුම අවලංගු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වුවද, යාල ඉඩම තෙවන පාර්ශවයකට බදු දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බව ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් අධිකරණයට පැමිණිලි කර ඇත.
එය අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් බව පැමිණිල්ලේ සදහන් වේ.
ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු, අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් අනෝමා නන්දනී යන අයට මැයි 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි හා චෝදනා පත්‍ර නිකුත් කරන ලදී.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ ෆ්‍රැන්සිස් ජූලියන් ප්‍රදීප් මහතාගේ උපදෙස් මත නිශාන් ප්‍රේමතිරත්න මහතා සහ ප්‍රවී කරුණාරත්න මහතා පෙනී සිටියහ.
You may like
හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය මව්රටට මුණගැහෙයි
දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
