Connect with us
Add

News

එදා වීරයා අද හමුදාපති

Published

on

එදා යුද ජයග්‍රහණයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන්නේ බි්‍රග්‍රේඩියර් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර අද රටේ යුද හමුදාපතිවරයාය. මේ පළවන්නේ යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද ජයග්‍රහණයට වසර 11ක් සපිරෙන මොහොතේ ‘මව්රට’ පුවත්පතට ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය.

එදා ඔබ 58 වැනි සේනාංකාධිපති වශයෙන් කටයුතු කරමින් සිටියදී තමයි යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේ යුද්ධය අවසන් කියලා. ඒ හැඟීම අද වගේ දවසක විස්තර කරන්න පුළුවන් කොහොමද ?
එදා මැයි මාසේ 18 වැනිදා වෙද්දි බොහොම වෙහෙසකාරී දින කිහිපයක් ගෙවිලා තිබුණේ. වසර දෙකකට වැඩි කාලයක් එක දිගට සටන් කරලා හිටියේ. අපි වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ අපි මේක අවසන් කරන්නේ යුද්ධෙ ජයග්‍රහණය කරලාමයි කියලා. මැයි දහඅට වැනිදා උදෑසන වෙනකොට අපි දින හතර හමාරක් වගේ නිදිමරලා දැඩි වෙහෙසකර තත්ත්වයකයි හිටියේ. නමුත් ජයග්‍රහණය සුළු මොහොතකින් තහවුරු වෙනවා කියන සතුට නිසා ඒ සියලු අපහසුතා යටපත් වෙලා ගියා. ඒ වගේ තත්ත්වයක් තමයි ඒ අවස්ථාවේ තිබුණේ.
ඔබේ සියලු පීඩාවන් යටපත් කරගෙන සතුටු වූ යුද ජයග්‍රහණය පිටුපස තියෙන යථාර්ථය මොකක්ද?
විශේෂයෙන්ම අපිට ඒවගේ තත්ත්වයකට පත්වීමට හැකියාව ලැබුණේ අපිට එවකට තිබුණු නායකත්වය. රටේ තිබුණු නායකත්වය සහ සියලුම ආකාරයේ නායකත්වය. ප්‍රථමයෙන්ම එදා හිටපු ජනාධිපතිතුමා අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය දැක්වූ දායකත්වය, එදා හිටපු සුවීශේෂී ආරක්ෂක ලේකම්වරයා අද රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , අපගේ හමුදාපතිතුමා ඇතුළු අනෙකුත් හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ඇතුළු පිරිස සංවිධානය කරලා කරපු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි ඒ. එහෙම නැතුව තනි පුද්ගලයෙකුගේ දෙයක් නෙවේ ඒ ජයග්‍රහණය. එදා නායකත්වය හරි පුද්ගලයා හරි තැන්වලට ගෙනාපු නිසා තමයි ඒ තත්ත්වය උදාවුණේ. එදා වෙල්ලමුල්ලිවයික්කාල්වලදි අපිට නායකත්වය ඉතා වැදගත්වුණා. ඒත් එක්කම අපේ දැයේ පිනට පහළවුණු වීරෝදාර රණවිරුවන් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඔවුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතය පූජා කළ විශාල වීරෝදාර රණවිරුවන් පිරිසත්, ආබාධිත වූ විශාල රණවිරුවන් ප්‍රමාණයත්, අද විශ්‍රාම සුවයෙන් සිටින ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බළකා වීරෝදාර සෙබළුන් පිරිසත් ඔවුන් කළ විශාල කැපකිරීම් නිසාත් තමා අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඒ හැම කෙනාටමත් අපේ ගෞරවය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මේ වගේ රටක ඉපදීම පිළිබඳව මම හැමදාම සතුටු වෙන්නේ ඒ නිසයි. ඒ ඉපදීමෙන් පසු මට ලැබුණු ලොකුම වාසනාව තමයි මම හමුදාවට බැඳිච්ච එක. ඊට පස්සේ යුද්ධෙ අවසාන අදියරයේදී සක්‍රිය දායකත්වය ලබාදීමට හැකිවීම ගැන බොහොම සන්තෝස වුණා.
සිවුවැනි ඊළාම් යුද්ධය මාවිල්ආරුවෙන් පටන් ගත්තේ ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් විදිහටයි. නන්දිකඩාල්වලින් මේ මෙහෙයුම අවසන් කළෙත් මානුෂීය මුහුණුවරකින්. ලක්ෂ ගානක ජනතාවකගේ ජීවිතත් ආරක්ෂා කරමින් නේද?
තිස් වසරක යුද්ධය විවිධ කාලපරිච්ඡේදවල තිබුණත් අපිට දිනන්න පුළුවන් වුණු වගේම දිනන්න බැරිවුණු අවස්ථාත් තිබුණා. මානුෂීය මෙහෙයුම විදිහට මේක පටන්ගත්තේ මානුෂීය පළිහක් විදිහට තියාගන්න දැරූ උත්සාය ව්‍යර්ථ කරන්නයි. සිවුවැනි ඊළාම් යුද්ධය මානුෂීය මෙහෙයුමක් වශයෙන් පටන්ගත්තෙම මාවිල්ආරුවේ විසිදහසක පමණ ජනතාවකට ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙනුයි. ඉන්පසු නැඟෙනහිර දී අපි ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමයි වන්නියට අපි ගියේ. ඒ වෙද්දි දෙලක්ෂ අනූදාහක විතර සංඛ්‍යාවක් හිරකරගෙන හිටියා ත්‍රස්තවාදීන් මිනිස් පළිහක් වශයෙන්.
මේක මානුෂීය මෙහෙවරක් වශයෙන් ඒ පිරිස මුදාගැනීමට කරපු මෙහෙයුමක්. අද මුළු රටම මේ ගැන කතා කරනවා. ඔබ ඒ කියන කතාවට හේතු තියෙනවාද?
ඔව්. මේ ගැන මේ ජයග්‍රහණය ගැන කතා නොකරපු කාලත් තිබුණා. අද අපට මේ විදිහට හරි මේ ජයග්‍රහණය සමරන්නට අවස්ථාව ලැබුණේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේක යුතුකමක් විදිහට සලකන නිසයි. කොවිඞ් වෛරසය සම්බන්ධයෙන් විශාල මෙහෙයුමක් රටේම විශාල වශයෙන් ක්‍රියාත්මක වෙමින් තියෙද්දි මේ කරන්නේ යුද්ධය නිසා මියගිය, ආබාධයට ලක්වුණු එහෙමත් නැත්නම් රට බේරාගන්න කටයුතු කරපු වීරෝදාර රණවිරුවන් සහ කැපකිරීම් කළ සියලුම දෙනාට උපහාරයක් වශයෙනුයි. ඒ ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත විය යුතුයි.
නැඟෙනහිර සහ උතුරු මානුෂීය මෙහෙයුම් වෙනදා යුද්ධ කරනවාට වඩා වෙනස්ම සැලසුමක් නේද?
මේ ක්‍රියාන්විතය පටන්ගත්තෙම කොහොමද මිනිස් ජීවිත ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නේ කියන කාරණය පදනම් කරගෙනයි. අපිට මිනිස් ජීවිත ගැන සිතන්නේ නැතිව කටයුතු කළා නම් අපිට තිබුණු අවි බලයත් එක්ක මීට කලින් මේ සිවුවැනි ඊළාම් යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන්න තිබුණා. නමුත් අපි කටයුතු කළේම මිනිස් ජීවිත ආරක්ෂා කරගනිමිනුයි.
ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගැනීම නිසා ඇතිවුණේ මොනවගේ බලපෑමක්ද?
අපිට දවස් ගණන් ක්‍රියාන්විතය නොකර ඉන්න සිදුවුණා එල්ටීටීඊ සංවිධානය සිවිල් වැසියන්ව මිනිස් පළිහක් විදිහට යොදාගත්තු නිසා. අපිට සැලසුම් වෙනස් කරන්නත් සිදුවුණා. බලන්නකෝ උතුරේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය ආහාරපාන පවා ඒ කාලේ රජයෙන් යැව්වා. රජයත් දැනගෙන හිටියා ඒ ආහාර එල්ටීටීඊ සංවිධානය ලබාගන්නවා කියලත්. කන්න දීලා ගහගත්තා වගේ වැඩක් කරගත්තේ. ඒත් රජයක් විදිහට රටේ ජනතාව නිරාහාරව තියාගන්න බැරි නිසයි ඒ ආහාර උතුරට යැව්වේ.
ඒ වගේම ලෝකයේ ප්‍රාණ ඇපකරුවන් වැඩිම පිරිසක් මුදාගත් මෙහෙයුමත් සිදුවුණේ මේ අතරේදි නේද?
2009 අප්‍රේල් මාසේ 21 වැනිදා පුතුමාතලන්වලට ගියපු වෙලාවේදි එක්ලක්ෂ විසිතුන්දාහක වගේ සාමාන්‍ය ජනතාවක් අපිට එකතුවුණා. ඒ තමයි ලෝකයේ ප්‍රාණ ඇපකරුවන් වැඩිම පිරිසක් මුදාගත් මෙහෙයුම. ඒ පිරිසට කන්න දෙන්න, නාන්න දෙන්න, රැකබලා ගන්න හැම දේම සිදුකළේ මානුෂීයභාවයකිනුයි. ඒ නිසා තමයි මේ අවසන් සටන වන්නි මානුෂීය මෙහෙයුම විදිහට හැඳින්වූවේ. අපිට අද මොන ආකාරයෙන් කතා කළත් අපිට හදවතට තට්ටු කරලා බලද්දි අපිට කියන්න පුළුවන් අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් මානුෂීය ආකාරයෙන්ම තමයි කටයුතු කළේ. අපි කටයුතු කළේ අපේ රටේ ජනතාව බේරාගන්නයි. ඒකයි ඇත්ත තත්ත්වේ. තුවක්කුව අරගෙන වෙඩිතියන්න ආපු එකොළොස් දාහක් විතර පිරිසක් යළි පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබාදීලා ඔවුන් රැකියා ගත කළා.
මෙවැනි පසුබිමක් යටතේ අපේ හමුදාවන්ට මානව හිමිකම් චෝදනාවන් එල්ල කරන්නේ ඇයි කියා අදහසක් ඔබට තියෙනවාද?
මානව හිමිකම් කඩකලා කියලා කියන්න පෙළගැහුණු පිරිසක් ඉන්නවා. ඔබ දන්නවා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ලංකාවේ භූමියේ සටන් කරපු පිරිසක් වගේම පිටරටවල ඉඳලා කටයුතු කරපු තවත් ත්‍රස්තවාදීන් පිරිසකුත් ඉන්නවා. සටන් කළත් ත්‍රස්ත සංවිධානයකට වෙනත් අයුරකින් සහයෝගය ලබා දුන්නත් ඔවුන්වත් ත්‍රස්තවාදීන් විදිහට හඳුන්වන්නේ. අපි පරාජය කළේ එල්ටීටීඊ සංවිධානයේ භූමියේ සටන් කරපු පිරිස පමණයි. නමුත් පිටරටවල ඉඳලා කටයුතු කරන ඩයස්පෝරා පාර්ශ්ව පරාජය කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය සමඟ කටයුතු කරපු අපි කියන රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවාට සහයෝගය ලබාදෙන පාර්ශ්ව විනාශ කරන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. මේ අය 2009න් පස්සේ ටික කාලෙකට යට ගිහින් හිටියා. නමුත් එල්ටීටීඊ සංවිධානයට පිටරටවල ජීවත්වෙන අහිංසක දෙමළ ජනතාවගෙනුත් මේ අය මුදල් බලෙන් ලබා ගත්තා. ඒ වගේ ලබාගත් විශාල මුදල් ප්‍රමාණයක් එල්ටීටීඊ සංවිධානයට සහාය දුන්නු පිටරට සිටි පාර්ශ්ව සතුව තියෙනවා. ඒ කාලේ ගත්තු සල්ලිවලින් ජීවත්වන වගේම තවමත් සල්ලි එකතු කරන පාර්ශ්ව ඉන්නවා. මේ අයගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ අනුව. ඒත් එක්කම තමයි ඔවුන් හොයපු සල්ලි එව්වේ යුද්ධ කරන්න. යුද්ධෙ නතර කරපු ගමන් ඒ සල්ලිවලට මොකද වෙන්නේ. සමහරු සරණාගතභාවය ඉල්ලන්නන් විදිහට පැනලා ගිහින් තමන්ගේ පැවැත්ම තීරණය කරගන්න උත්සාහ ගත්තා. ඒක දදයක් වගේ ඔවුන්ට පවත්වාගත යුතු වුණා.
මේක සැලසුම්සහගතව තවමත් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ?
ඔවුන් අදටත් ඒ විදිහට පවත්වාගෙන යනවා. මොවුන් කරන්නේ පරාජය වෙච්චි දේට පණ ගහන්න උත්සාහ කිරීමක්. ඒ අය මේ සඳහා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න මේ කතිකාව පවත්වා ගත යුතුයි. හෙටත් ඔවුන් ඒ කළ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. මොවුන්ට සහාය දෙන පාර්ශ්ව රට තුළත් රටින් බැහැරවත් පෙනී ඉන්නවා. මොවුන් කරන්නේ මේ පරාජය වූ දේට පණ දෙන්න උත්සාහ කිරීමක්. ඒ සඳහා ඔවුන් කියන්නේ මානව හිමිකම් කඩවුණා කියලා. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහිදී සමූල ඝාතන දිනය ලෙස ඔවුන් සැමරීමට සූදානමින් ඉන්නවා. ඔවුන් මේ කරන්නේ ඔවුන් සතු මුදල් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගන්න යොදවනවා. කවුද මේ කියන්නේ මානව හිමිකම් කඩවුණා කියලා. ඔවුන් කියනවාද මෙතනදී මේ විදිහට කඩ වුණා කියලා. ඔවුන් එහෙම කියනවා ගෝනි බිල්ලෝ වගේ හැංගිලා. ඔවුන් කියනවා මේ දේ කියන අපි කවුද කියලා හෙළි කරන්නත් එපා කියලා. එහෙම අය තමයි මේ විදිහට හැසිරෙන්නේ.
එතකොට මේ පිළිබඳ මෙරටදීත් පරීක්ෂණ විමර්ශන ක්‍රියාත්මක වුණානේ?
අපි මානව හිමිකම් කඩකළා නම් මේ රටේ යුද්ධය අවසන් වූ ගමන්ම එවකට සිටි රජය විසින් එල්.එල්.ආර්.සී. වගේම පරණගම ආදී කොමිෂන් පැනෙව්වා. අපිත් ගිහින් මේවායේ සාක්ෂි දුන්නා. ඔවුන් නීත්‍යානුකූල කොමිෂන් යටතේ මේ ගැන හෙව්වා. ඒවා කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දිත් මේ අය මෙහෙම හැසිරෙනවා පිටරටවල ඉඳලා. දරුස්මාන් වාර්තාව සකස් කරන්න හිටපු එක් අයෙක් වෙනත් සංවිධානයකට එකතු වෙලා මේ වන විට වාර්තා සපයමින් ඉන්නවා.
ඇත්තටම ඔවුන් දැන් ඔබටත් පුද්ගලිකවම බලපෑම් කරන්න පටන් අරන් නේද?
මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජකාරි කරන සමයේ තානාපති නිලධාරීන් විදිහට අවුරුද්දට වාර්තා දෙසීයක් විතර ලියන අය හිටියා. ඒ අයගේ රැකියාව තමයි යුදමය වශයෙන් පරාජය වූ කණ්ඩායමක් යළි නැඟිටුවීමට කටයුතු කිරීම. ඒ නිසා තමයි මටත් මගේ ළමයි දෙන්නටත් එක් රටක් පැමිණීම තහනම් කරලා තියෙන්නේ. හැබැයි උතුරේ ඉන්න අහිංසක මිනිස්සු දන්නවා අපි රට වෙනුවෙන් කොහොමද මානුෂීය විදිහට මේ දේ කළේ කියලා.
රසවත් නොවුණත් භූමියේ මෙහෙයුම් ඔබලාට කරන්න සිදුවුණා. සොල්දාදුවන් පමණක් ඉදිරියට දානවා වෙනුවට ඔබලා රට වෙනුවෙන් ඉදිරියට ආවා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
මට පළමුවැනි ඊළාමේ යුද්ධයේදී ඉඳලා රට වෙනුවෙන් සේවය කරන්න වාසනාව ලැබුණා. එදා යුද හමුදාවේ සාමාජිකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ තමයි අපි 83 දී යුද්ධයක් ආරම්භ කරන්නේ. ඒ කාලයේ 1987 වඩමාරච්චි ක්‍රියාන්විතය දක්වා අපි ඇවිල්ලා වත්මන් ජනාධිපතිතුමා පළමුවැනි ගජබා බළඇණියේ අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළේ. මමත් දෙවැනි ලුතිනන්වරයෙක් වශයෙන් කටයුතු කළා එතුමා යටතේ. අපි ඒ කාලයේ වඩමාරච්චි දක්වාම ඇවිත් වෙනත් රටකින් ආපු බලපෑමක් නිසා අපිට පසුබහින්නට සිදුවුණා. ඊළඟට අපි 90 දශකයේ තිබුණු තත්ත්වය යටතේ සාම කතාවලට ආවාට 1995 දක්වා අපි සටන්වලට සම්බන්ධ වෙනවා. ඔව්. ඒකාලෙදි පොලිසීයේ 600ක් මඩකලපුවේදී ජීවිතක්ෂයට පත්කරනු ලබනවා. ඒ කාලයේදී ත්‍රස්තවාදීන් යාපනය කොටුව අත්පත්කර ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ අලිමංකඩ අත්පත්කර ගැනීමට ඔවුන් කටයුතු කරන්නේ. ඒ කාලයේ අපි කිණිහිර, රිවිරැස, අග්නිඛීල වැනි මෙහෙයුම් වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් ඊට පස්සේ 2001 සාම සාකච්ඡා දක්වා ඇවිත් 2006 අගෝස්තු 13 වැනිදා සාම සාකච්ඡාවල ඉන්න ගමන් ඔවුන් මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දුන්නේ. ඒත් එක්කම මාවිල්ආරු සිද්ධිය ඇතිවුණා. එතනින් පටන් ගත්තු දේ තමයි සිවුවැනි ඊළාම් යුද්ධය දක්වා ගියේ.

දිලංක ගුණතිලක

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive2 hours ago

අධිකරණ සේප්පුවේ තිබූ රහස් ලියවිල්ලක් මාධ්‍යට නිකුත්වීමෙන් අර්බූදයක්: වහා පරීක්ෂණ ඇරඹෙයි

Exclusive2 hours ago

නාමලුත් හරීන්ට එකතු වෙයි

Exclusive3 hours ago

රත්නපුර අධිවේගය පිටරටින් ගලවයි: ලංකාවේ සමාගමකට දෙන්න තීන්දු කරයි

Exclusive3 hours ago

කොරෝනා කරන්ට් බිලට සහනයක් දෙන්න ආණ්ඩුව සූදානම් වෙයි

Exclusive6 hours ago

ක්‍රීඩකයන්ව විනාශ කරන්න එපා: මේ පිස්සුව දැන්වත් නවත්වන්න- හිටපු ක්‍රීඩා ඇමැති කතා කරයි

Exclusive6 hours ago

ගෝඨා ‘ගෝඨාව’ තහනම් කරයි

Exclusive7 hours ago

මහින්දට දමිළ මාධ්‍යවේදීන්ගෙන් අඹ කූඩයක්

Exclusive19 hours ago

MCC කැබිනෙට්ටුවට එයි; යෝජනා බාරදෙන්නැයි ඇමැතිවරුන්ට කියයි

Exclusive24 hours ago

ක්‍රිකට් පාවාදීමට සංගක්කාරත් පටලයි: ප්‍රකාශයක් දෙන්න හෙට එන්න කියයි

Exclusive1 day ago

ජන්ද කටේ මෛත්‍රිපාලගේ රහස් ගනුදෙනු වැළක් එළියට (රාජ්‍ය රහස්)

Exclusive10 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive10 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive10 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive3 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive10 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology6 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive2 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive3 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive8 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)