ඓතිහාසික දෙවනගල පුදබිම අසල පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ඉකුත් දිනෙක දෙවනගල පූජා භූමියේ භාරකාර හිමියන් වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම විහාරස්ථානයට වැඩම කර තිබේ.
මෙහිදී පූජා භූමියට යාබදව පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයන් මුණගැසුණු ඥානසාර හිමියන් ඔවුන් සමග සාකච්ජා කිරීමටද පියවර ගත්තේය.
දෙවනගල පූජා භූමියට යාබද ප්‍රදේශවල කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් පසුගිය දිනෙක එහි ඉදිකිරීමක් මුල්කරගෙන අර්බූදයක් මතුව තිබිණ.
එහිදී මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් එම ස්ථානයට වැඩම කිරීමත් සමග එහි කිසියම් උණුසුම්කාරී වාතාවරණයක් හට ගෙන තිබිණ.
ඒ අනුව තත්ත්වය සැලවීමත් සමග එහි ගිය ඥානසාර හිමියන් ‘කෝ කව්ද චණ්ඩි’ යැයි කියමින් සාකච්ජාව ආරම්භ කොට පිරිසට සාමකාමීව තත්ත්වය පැහැදිලි කිරීමට පියවර ගෙන තිබිණ.

