• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජනපති අලුත් චීන තානාපති පිළිගනී: ගම හදන්න උදව් ඉල්ලයි

November 19, 2020
in Exclusive, Uncategorized
A A
ජනපති අලුත් චීන තානාපති පිළිගනී: ගම හදන්න උදව් ඉල්ලයි

ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong)අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

අනතුරුව චීන තානාපතිවරයා සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන සතුට පළ කළේය.

“විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුනේ මේ ව්‍යාපෘති ඵලදායක නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිතයි. මගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම” ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශනය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිතුමා කීය. “අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නව චීන තානාපතිවරයාට පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං මහතා  ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේය.

ජනාධිපති ෂි ජින් පිං මැතිතුමාගේ සුභාශිංසන රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීය. “ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කළේය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හූ වේයි (Hu Wei) සහ දේශපාලන අංශයේ ප්‍රධානී ලුඕ චොං (Luo Chong) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share51Tweet32SendShare13
Previous Post

තහංචි ගොඩක් මැද පාසල් ඇරෙයි

Next Post

සල්ලිවලත් කොරෝනා!

MORE NEWS

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Exclusive

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!
Exclusive

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Exclusive

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයට තවත් ප්‍රධාන යෝජනා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper